සහීහ් බුහාරි ග්රන්ථයෙහි සඳහන් පුවතක වචන භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් සැකයක් මතු කරති. එම ප්රකාශය මෙසේය:
“එවිට මම උතුම් අල්කුර්ආනයේ පාඨ සොයා එක්රැස් කිරීමට ආරම්භ කළෙමි. ඒවා සටහන් කරන ලද පත්ර, උරහිස් අස්ථි, රට ඉඳි ගසේ පත්ර දඬු සහ කටපාඩම් කරගෙන සිටි මිනිසුන්ගේ මතකයෙන් ඒවා එක් සංග්රහයකට රැස් කළෙමි.“
මෙයට ඉමාම් අල්-සර්කෂී (Al-Zarkashi) මෙසේ පිළිතුරු දෙයි:
“මෙම ප්රකාශය හේතුවෙන් ඇතැමුන් මුහම්මද්තුමා ජීවමානව වැඩ වසන කාලය තුළ කිසිවෙකුත් උතුම් අල් කුර්ආනය සම්පූර්ණයෙන් ම කටපාඩම් කර නොතිබූ බවත්, සෙයිද් ඉබ්නු සාබිත් (රලි) සහ උබයි ඉබ්නු කඅබ් (රලි) එසේ කළ බවට ඇති වාර්තා පදනම් විරහිත බවත් සිතාගෙන ඇත. නමුත් එය වැරදි අදහසකි.
ඇත්ත වශයෙන් සෙයිද් (රලි) අදහස් කළේ, විවිධ ස්ථානවල විසිරී තිබූ ලිඛිත කොටස් සොයා ඒවා හුෆ්ෆාල්වරුන්ගේ (සම්පූර්ණ අල් කුර්ආනය ම කටපාඩම් කළ අයගේ) මතකය සමඟ සසඳා තහවුරු කළ බව ය.
මේ ආකාරයෙන් කුර්ආනය එක්රැස් කිරීමේ ක්රියාවලියට සියලු දෙනා ම සහභාගි වූහ. කිසිවෙකු සතුව තිබූ අල් කුර්ආනයේ කිසිදු කොටසක් නොසලකා හැරියේ නැත. එම නිසා එකතු කරන ලද ආයාත් පිළිබඳ කිසිවෙකුට සැකයක් හෝ කනස්සල්ලක් ඇති වීමට හේතුවක් නො තිබුණි. එසේ ම, කුර්ආනය තෝරාගත් කිහිපදෙනෙකුගෙන් පමණක් එකතු කරන ලද්දේ යැයි කිසිවෙකුට චෝදනා කිරීමට ද අවස්ථාවක් ද නො තිබුණි.”
මූලාශ්රය:( Al-Burhan fi ‘Uloom al-Qur’an, 1/238, Dar al-Ihya’ al-Kutub al-‘Arabiyyah, Cairo, 1957)
තව ද හාෆිස් ඉබ්නු හජර්තුමා මෙසේ අදහස් දක්වයි:
“අබූ බකර් (රලි) තුමා සෙයිද් (රලි) තුමාට ලිඛිතව දැනටමත් පවතින දේවල් හැර වෙනත් කිසිවක් සටහන් කිරීමට අවසර දී නො තිබුණි. ඒ නිසා, සෙයිද් (රලි) සහ අනෙකුත් සහගාමීන් එම ආයාත් දෙක මතකයෙන් සම්පූර්ණයෙන් ම දැන සිටිය ද, සූරා බරාඅහ් (අත්-තව්බා) හි අවසාන ආයාත් දෙක ලිඛිත සාක්ෂියක් සොයා ගන්නා තෙක් ඒවා නිල සංග්රහයට ඇතුළත් කිරීමෙන් වැළකී සිටියේය.” (Fath al-Bari, 14/193)
සූරා බරාඅහ් (අත්-තව්බා) හි අවසාන ආයාත් දෙක සම්බන්ධ මෙම කරුණ පිළිබඳ සවිස්තරාත්මක පිළිතුරක් සඳහා, “” ලෙස සඳහන් කර ඇති ලිපිය බලන්න.
![]()