අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.
අල්ලාහ්ට ගණන් බැරිද?
ඉස්ලාමීය උරුම දේපළ පිළිබඳනීතියෙහි ඇතැමුන්ට හයෙන් කොටසක්, ඇතැමුන්ට තුනෙන් කොටසක්, ඇතැමුන්ට හතරනේ කොටසක්, ඇතැමුන්ට දෙකෙන් කොටසක්, ඇතැමුන්ට අටෙන් කොටසක්, ඇතැමුන්ට තුනෙන් දෙකොටසක් යන පදනමට අනුව කොටස් නියම කර තිබේ.
නුඹලාගේ භාර්යාවන්ට දරුවෙකු නොමැති නම් ඔවුන් හැරදමා ගිය දැයින් අඩක් නුඹලාට හිමිය. ඔවුනට දරුවෙකු සිටින්නේ නම් ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එකක් නුඹලාට හිමිය. (කොටස් බෙදීම කළයුත්තේ) ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටු කිරීමෙන් හා ණය පිය වීමෙන් පසුව ය. නුඹලාට දරුවෙකු නොමැති නම් නුඹලා හැරදමා ගිය දැයින් හතරෙන් එකක් නුඹලාගේ භාර්යාවන්ට හිමිය. නුඹලාටදරුවෙකු සිටින්නේ නම් නුඹලා හැරදමා ගිය දැයින් අටෙන් එකක් ඔවුනටහිමිය. (කොටස් ඛෙදීම කළ යුත්තේ)නුඹලා විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටු කිරීමෙන් හා ණය පිය වීමෙන් පසුව ය. මරණයටපත් පිරිමියෙක් හෝ ස්ත්‍රියක් හෝ දරුවකු නොමැති අයෙක් වී ඔවුනට සොහොයුරෙක් හෝ සොහොයුරියක් හෝ සිටින්නේ නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එකක් හිමිය. ඊටත් වඩාවැඩියෙන් සිටින්නේ නම් තුනෙන් එකකට ඔවුහු සියල්ලෝ මහවුල්කරුවෝ වෙති. (කොටස් ඛෙදීම කළ යුත්තේ) ඔහු විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටුකිරීමෙන් හා ණය පියවීමෙන් පසුව ය.(මෙම සියලූ ම කොටස් ඛෙදීම කළයුත්තේ කිසිවෙකුට) බලපෑමක් සිදුනොවන අයුරිනි. මෙය අල්ලාහ්ගෙන් අණයි. අල්ලාහ් සර්වඥයෙකි. ඉවසිලිවන්තයෙකි. [අල් කුර්ආනය 4:12]
බොහෝ දුරට මෙලෙස කොටස් ඛෙදා දිය හැකිය. නමුත් ඇතැම් අවස්ථා වල දී මෙලෙස ඛෙදා දිය නොහැකි තත්ත්වයක් උදා වේ. දේපළට වඩා ඛෙදිය යුතු කොටස් වල ප්‍රමාණය අධික වූයේ නම් එක් එක් අයට ලැඛෙන කොටස් වල අඩුවීමක් ඇති විය හැකිය. කොටස් වලට වඩා දේපළ වල ප්‍රමාණය අධික වූයේ නම් එවිට ලැබිය යුතු කොටස් වලට වඩා වැඩියෙන් ලැඛෙන තත්ත්වයක් උදා වේ. මෙය උදාහරණ කිහිපයකින් අපට වටහාගත හැකිය.
රොටියක් තිබේ. එය, යූසුෆ් නැමැත්තාට හතරෙන් එකක්, උමර් නැමැත්තාට අටෙන් එකක්, කාලිද් නැමැත්තාට අටෙන් තුනක්. අබ්බාස් නැමැත්තාට දෙකෙන් එකක්, යනුවෙන් ඛෙදා දෙන්නට පවසන්නෙමු. අපි පැවසූ පරිදි සියල්ලන්ට ම ඛෙදා දිය හැකි ද? අටෙන් එකක්, අටෙන් දෙකක් යනුවෙන් ඛෙදන්නට නම් රොටිය කැබලි අටකට ඛෙදිය යුතුය. ඉන් හතරෙන් එකක් යනු රොටි කැබලි දෙකකි. ඉන් අටෙන් එකක් යනු රොටි කැබල්ලකි. ඉන් අටෙන් තුනක් යනු රොටි කැබලි තුනකි ඉන් දෙකෙන් එකක් යනු රොටි කැබලි හතරකි. සියල්ල එකතු කළේ නම් රොටි කැබලි දහයක් වේ. නමුත් අප සතුව තිඛෙන්නේ රොටි කැබලි අටකි. ඉහත සඳහන් පුද්ගලයින් හතර දෙනාට ම ඉහත සඳහන් ගණනය අනුව ඛෙදිය නොහැකි තත්ත්වයක් උදා වේ. අප සතුව පවතින රොටිය ඉහත හතර දෙනාට ම ඉතිරියක් නොමැතිව ඛෙදීම හැර වෙනත් මගක් නැත. ඔවුනොවුන්ට ලැබුණු කැබලි වල සංඛ්‍යාව එවිලසින් ම පිළිගෙන රොටිය කැබලි අටකට කඩනවා වෙනුවට කැබලි දහයකට කැඩුවේ නම් සියල්ලන්ට ම එක සමාන අයුරින් බලපෑමක් සිදු වේ. යූසූෆ්ට දෙකක් ද, උමර්ට එකක් ද, කාලිද්ට තුනක් ද, අබ්බාස්ට හතරක් ද ඛෙදා දෙන විට ඉතිරියක් නොමැතිව රොටිය හතර දෙනාට ම ඛෙදා දිය හැකිය. නමුත් යුසුෆ්ට මුළු කොටස් වලින් අටෙන් තුනක් ලැඛෙනවා වෙනුවට කොටස් දහයෙන් දෙකක් ලැබේ. මොහුට, සීයට 20ක් අඩුවෙන් ලැබේ. සෑම කෙනෙකුට ම, සීයට 20ක් යන ප්‍රමාණයක් අඩුවෙන් ලැබේ. මෙසේ සෑම කෙනෙකුගේ ම කොටසින් එක සමාන ප්‍රමාණයක් අඩු කරනු ලැබේ. මෙයින් කෙනෙක් බලපෑමට ලක් වී තවත් කෙනෙක් බලපෑමට ලක් නොවන තත්ත්වයක් උදා නොවේ.
ඉස්ලාමීය උරුම දේපළ පිළිබඳනීතියේ ද ඇතැම් අවස්ථා වල දී ඛෙදා දිය නොහැකි තත්ත්වයක් උදා විය හැකිය. එසේ සිදු වන විට අල්ලාහ් වැරදි ලෙස ගණන් පැවසීය. සාධ්‍ය නොවන දෙයක් නීතියක් බවට පත් කළේය යනුවෙන් විවේචනය කිරීමට ඉඩකඩ ඇත. අල්ලාහ් පැවසූ පරිදි ඛෙදා දක්වන්නැයි අභියෝග කරන්නටත් ඉඩ කඩ ඇත. මෙම නීතිය පිරිනැමූ සර්ව බලධාරී දෙවියන් සියල්ල දන්නා බැවින් මෙවැනි විවේචන ඉදිරිපත් විය නොහැකි අයුරින් මෙම කොටස් ඛෙදීම බලපෑමක් සිදු නොවන අයුරින් ඛෙදා දිය යුතුය යන කොන්දේසියක් ඇතුළත් කළේය. ඇතැම් අවස්ථා වල දී මෙසේ ඛෙදා දීමට නොහැකි වන බවත් මෙවැනි අවස්ථා වල දී බලපෑමක් සිදු නොවන අයුරින් ඛෙදා දිය යුතු බවත් කිසිවෙකුට විවේචනයකට ඉඩ නොදී ඔහු ම පෙරාතුව ම පවසා ඇත.
කාන්තාවක් මරණයට පත් වන විට, ස්වාමි පුරුෂයා ගැහැනු දරුවන් දෙදෙනෙක් පියා මව යනාදීහු හැර දමා ගියේ නම්, ස්වාමි පුරුෂයාට හතරෙන් කොටසක් 1/4 ගැහැනු දරුවන් දෙදෙනාට තුනෙන් දෙකක් 2/3 මවට හයෙන් එකක් 1/6 පියාට හයෙන් එකක් 1/6 යනුවෙන් ඛෙදා දිය යුතු බව පරිශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ කරයි. තුනෙන් කොටසක් ද, හයෙන් කොටසක් ද දිය යුතු නම් දෙකට ම පොදු වූ කොටස් 12 කට මුළු දේපළ ම ඛෙදා දිය යුතුය. කොටස් 12 ක් තබා ඉන් හතරෙන් කොටසක් (ස්වාමි පුරුෂයාට) – 3 කොටස් 12 න් තුනෙන් කොටස් දෙකක් (දූවරු දෙදෙනාට)-8 කොටස් 12 න් හයෙන් කොටසක් (පියාට) – 2 කොටස් 12 න් හයෙන් කොටසක් (මවට) – 2 මෙසේ කොටස් ඛෙදීමේ දී මුළු කොටස් ගණන 8 3 2 2 = 15ක් වනු ඇත. ඔවුනොවුන්ගේ ප්‍රතිශතය ලැඛෙන්නේ කොටස් 12 න් මෙම ප්‍රමාණය ඛෙදා දුන් විට දී ය. නමුත් දැන් ඉහත දැක් වූ කොටස ඛෙදා දිය යුත්තේ කොටස් 15 කින් ය. මෙසේ ඛෙදා දෙන විට අල්ලාහ් සඳහන් කළ කොටස කිසිවෙකුටත් නොලැබේ. කාලක් වන්නේ 12 න් 3 ක් දුන් විටය. 15න් 3ක් දුන් විට දී එය කාලක් වන්නේ නැත. මෙලෙස සෑම කෙනෙකුගේ ම කොටසින් යම් ප්‍රමාණයක් අඩු වේ. එක් කෙනෙක් පමණක් තමන්ට 12 න් 3 ක් අවශ්‍ය යැයි මුරණ්ඩු වූයේ නම් අනෙක් අය බලපෑමට ලක් වෙති. මෙවැනි තත්ත්වයක දී සමහරුන්ට පමණක් උදාහරණයක් වශයෙන් ස්වාමි පුරුෂයාට පමණක් 12න් 3ක් ලබා දී අන් අයට දුන්නේ නම් එයින් ඔවුනට අවාසියක් සිදු වේ. කොටස් 15න් ඛෙදා දුන් විට හතර දෙනාට ම ඔවුනොවුන්ගේ ප්‍රතිශතයට අනුව ස්වල්පයක් අඩු වේ. කෙනෙකුට අඩුවෙන් ද තවත් කෙනෙකුට පූර්ණව ද ලැඛෙන තත්ත්වයක් උදා නොවේ. මෙලෙස ඔවුනොවුන්ගේ ප්‍රතිශතයට අනුව අඩු කර ඛෙදා දිය යුතු බැවින් “බලපෑමක් සිදු නොවන අයුරින්” යන පාඨය භාවිත වී ඇත. එබැවින් සියල්ලෝ ම අවාසිය සමාන ප්‍රතිශත වලින් ඛෙදා ගන්නා විට එක් කෙනෙකුට පමණක් බලපෑමක් සිදු නොවේ. මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙන “කිසිවෙකුට බලපෑමක් සිදු නොවන අයුරින්” යනුවෙන් අල්ලාහ් පවසයි. මෙතරම් සූක්ෂම ලෙස අවශ්‍ය කරන්නා වූ වචන භාවිත කර තිබීම මෙය සර්ව බලධාරී දෙවියන්ගේ වචන වන බවට සාධකයකි.[1]
මුහම්මද් තුමාගේ සහායකයන් මෙම කුර්ආන් වැකිය නිවැරදිව තේරුම් අරගත් අතර මෙවන් අවස්තාවලදී අප ඉහත ඉදිරිපත් කර ඇති ක්‍රමවේදයට අනුවම දේපළ බෙදා දී ඇත්තෝය[2]
මූලාශ්රයන්,
[1] P.J, බලපෑමක් සිදු නොවන අයුරින් ඛෙදා දීම, අල් කුර්ආන් විග්රහයන් (අංක 111), http://sinhalaquran.lk/
[2] https://islamqa.info/en/131556
![]()