අල් කුර්ආනයේ විද්‍යාත්මක දෝෂ තිබෙනවාද?

විද්‍යාව යනු මෙම ලෝකයේ තිබෙන භෞථික දේවල් ගැන අධ්‍යයනය කළ හැකි ක්‍රම වේදයක්. මිනිසාගේ ජීවිතයට බොහෝ වාසි විද්‍යාව නිසා ලැබී තිබෙනවා. එනිසා විද්‍යාව පිලිබඳ දැඩි විශ්වාසයක්ද මිනිසාගේ මනසේ හට ගෙන තිබෙනවා. මෙහි එක් ප්‍රතිපලයක් වනුයේ විද්‍යාව උපයෝගී කරගෙන මිනිසාගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සොයන්න ඇතැමුන් උත්සහ දැරීමයි. විද්‍යාව එකම මිනුම් දණ්ඩක් ලෙස උපයෝගී කර ගන්නා මෙවන් උදවිය මිනිසාගේ පරලොව ජයග්‍රහණය සඳහා පැමිණි ඉස්ලාම් ධර්මය විවේචනය කිරීමට විද්‍යාව උපයෝගී කරන බව අද සමාජයේ අපට දැකගන්න පුළුවන්. එනම් අල් කුර්ආනයේ හා මුහම්මද් තුමාගේ ඉගැන්වීම් වල විද්‍යාත්මක දෝෂ තිබෙන බව මොවුන් චෝදනා කරනවා. ඇත්තෙන්ම විද්‍යාව උපයෝගී කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරන්න පුලුවන්ද යන්න අප දැනගෙන සිටිය යුතුයි. මේ සඳහා “ඉස්ලාම් දහම බොරු කිරීමට විද්‍යාවට පුලුවන්ද? දාර්ශනික විග්‍රහයක්” නම් ලිපිය කියවන්න. විද්‍යාව යනු කුමක්ද?, එහි සීමාවන්, විද්‍යාවේ දර්ශනය, විද්‍යාත්මක ප්‍රකාශ වල තිබෙන නිශ්චිතභාවය, විද්‍යාව සඳහා මුස්ලිම්වරුන්ගේ දායකත්වය යනාදී කරුණු මෙම ලිපියේ සඳහන් වී තිබෙනවා. මෙම කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගත් පසු අප දැන ගත යුතු තවත් එක් විශේෂ කරුණක් වන්නේ අල් කුර්ආනය හා විද්‍යාව අතර ඇති සම්බන්ධයි. මෙම සම්බන්ධය නිසිලෙස අබබෝධ කර නොගත් නූතන ඉස්ලාම් විවෙචයකන් අල් කුර්ආනයේ විද්‍යාත්මක දෝෂ තිබෙන බව පවසන අතර අල් කුර්ආනය හා විද්‍යාව අතර ඇති සම්බන්ධය නිසිලෙස අබබෝධ කර නොගත් ඇතැම් නූතන මුස්ලිම්වරුන් විද්‍යාව උපයෝගී කරගෙන අල් කුර්ආනය සත්‍ය බව සනාථ කරන්න උත්සහ දරනවා.

එසේනම් කුර්ආනය හා විද්‍යාව අතර ඇති නිසි සම්බන්ධය කුමක්ද?

අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධි පිළිබඳව සඳහන් වී ඇති අතර මෙම ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම විද්‍යාවේ කාර්යභාරයි. ඇතැම් විට අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය හොඳින් තේරුම් ගැනීමට විද්‍යාව උපකාරී වන අතර ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ සඳහා අල් කුර්ආනය උපයෝගී කරගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. අල් කුර්ආනය හා විද්‍යාව අතර සම්බන්ධය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අල් කුර්ආනය හා විද්‍යාව නම් ලිපිය කියවන්න. මීට අමතරව අල් කුර්ආනයේ ඉගැන්වීම් තේරුම් ගැනීමේ විද්වත් ක්‍රමවේදයත් අප දැන සිටිය යුතුයි.

ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වල විද්‍යාත්මක දෝෂ තිබෙනවාද?

කුර්ආනයේ විද්‍යාත්මක දෝෂ තිබෙන බව නූතන ඉස්ලාම් විවෙචයකන් පැවසුවද අල් කුර්ආනයේ හා විද්‍යාව අතර ඇති නිවැරදි සම්බන්ධය අප වටහා ගත්තේ නම් මෙම විවෙචයන්ගේ චෝදනා වලට අදාළ නිවැරදි පිළිතුරු අපට සොයාගන්න පුළුවන්.

මෙම විවේචකයන්ගේ චෝදනා වලට අදාළ පැහැදිලි කිරීම් පහත අප ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී එම චෝදනාව ඍජුවම සැලකිල්ලට ගෙන පිළිතුරු ලබා දී ඇති අතර අනෙකුත් අවස්තාවලදී එම විද්‍යාත්මක කරුණ පිලිබඳ අල් කුර්ආනයේ නිවැරදි පැහැදිලි කිරීම් වලට අදාළ යොමු ලබා දී තිබේ.

  1. ශුක්‍රානු නිපදවෙන්නේ කොඳු ඇට හා ඉල ඇට අතරද?
  2. සෑම ජීවී විශේෂයකම ස්ත්‍රී, පුරුෂ වශයෙන් යුගල් තිබෙනවාද?
  3. පෘතුවිය පැතලියි යැයි අල් කුර්ආනය පවසනවාද?
  4. මී මැස්සා යුෂ උරා බොන්නේ පලතුරු වලින්ද?
  5. සූර්යයා මඩ වලක ගිලෙන බව අල් කුර්ආනය පවසනවද?
  6. අභ්‍යවාකාශ ගමන් සිදු විය නොහැකි බව අල් කුර්ආනය පවසනවාද?
  7. පාරභෞථික දේවල් පිලිබඳ අල් කුර්ආනය පවසන නිසා එය අසත්‍යද?
  8. හාස්කම් ගැන පවසන නිසා අල් කුර්ආනය අසත්‍යද?
  9. සාගර දෙකක් අතර තිබෙන භාදකයක් ගැන අල් කුර්ආනය පවසනවාද?
  10. චන්ද්‍රයාට වඩා තාරකා පෘථිවියට ලඟින් තිබෙන බව අල් කුර්ආනය පවසනවාද?

 104 total views,  3 views today