හැඳින්වීම
කිතුනු භක්තිකයෝ බොහෝ විට ඉස්ලාම් දහමට අපහාස කිරීම සඳහා හදීසයක් උපුටා දක්වමින් පවසා සිටින්නේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දී නොමැති බවත්, ඔවුන් නිරාගින්නේ පසුවීමට නියම කර ඇති බවත්ය. ඔවුන් මෙසේ අසත්‍ය ප්‍රකාශ සමාජ ගත කරන අතරතුර, පහත සඳහන් හදීසය තුළින් යම් ගැටලුවක් මතු කිරීමට උත්සාහ කරති.
عن ابن عباس، قال: قال النبي صلى الله عليه وسلم: «أريت النار فإذا أكثر أهلها النساء، يكفرن» قيل: أيكفرن بالله؟ قال: ” يكفرن العشير، ويكفرن الإحسان، لو أحسنت إلى إحداهن الدهر، ثم رأت منك شيئا، قالت: ما رأيت منك خيرا قط
මානවහිතවාදි නබිතුමා ප්‍රකාශ කළ බවට ඉබ්නු අබ්බාස් විසින් වාර්තා කරන ලදී: “මට නිරය පෙන්වන ලදී. එහි වැසියන්ගෙන් බහුතරය කෘතඥතාවක් නොදැක්වූ කාන්තාවන්ය.” එවිට, ඔහුගෙන් “ඔවුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නේද? නැතහොත් අල්ලාහ්ට අකෘතඥ වන්නේද? ” යනුවෙන් විමසන ලදී. ඒ සඳහා එතුමා මෙසේ පිළිතුරු දුන්නේය “ඔවුන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට අකෘතඥ වෙති, එමෙන්ම තමන්ට කරන ලද උපකාර සහ යහපත් ක්‍රියාවලට කෘතඥ නොවෙති. ඔබ ඔවුන්ගෙන් එක් අයෙකුට ජීවිත කාලය පුරාම යහපතක් කර තිබියදීත්, ඇය ඔබෙන් ඇය අකමැති යම් දෙයක් දුටුවහොත්, ඇය පවසනුයේිමම කිසිම දිනක ඔබෙන් කිසිදු යහපතක් ලබා නොමැත’ කියාය.”
[මූලාශ්‍රය: සහීහ් බුහාරි, 1 වන වෙළුම, හදීස් 28]
හදීසයේ පසුබිම
ඉස්ලාමීය මූලාශ්‍ර පරිශීලනය කිරීමේදී අවධානය යොමු කල යුතු වැදගත්ම කරුණ වන්නේ, ඔබට ඉස්ලාමීය නීති පද්ධතියෙන් බැහැරව එක් වැකියක් හෝ හදීසයක් හෝ පමණක් වෙන් කර ගෙන එය තනිව අර්ථකථනය කරමින් නිගමනවලට එළඹිය නොහැකි බවයි. එය වැරදි සහගත ක්‍රියාවකි. සැබවින්ම යම් කරුණක් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් තිබෙන්න වූ සියලුම හදීසයන් සලකා බැලිය යුතු අතර, ඒ සෑම එකකම පසුබිම සලකා බලා යම් නිගමනයකට පැමිණිය යුතුය. අවාසනාවකට මෙන්, කුර්ආනය සහ හදීස් කියවන බොහෝ කිතුනු පාඨකයන් මෙම කරුණේදී අසමත් වෙති.
මෙහිදී පැහැදිලිවම පෙනී යන්නේ මෙම ප්‍රකාශය කරන අවස්ථාවේදී, ශුද්ධ වූ නබිතුමාණන් නිරයේ සහ ස්වර්ගයේ බහුතරය වන්නේ පිරිමින්ද නැතහොත් කාන්තාවන්ද යන්න පිළිබඳව සැබවින්ම සාකච්ඡා නොකළ බවයි. එතුමාගේ ප්‍රකාශයට අනුව කාන්තාවන්ට ඔවුන්ගේ වැරදි හැසිරීම් නිවැරදි කර ගන්නා ලෙස ඉල්ලා සිටීම සහ කාන්තාවන්ගේ ආකල්පවල පවතින පොදු දුර්වලතාවයක් පෙන්වා දීම පමණි.
කාන්තාවක් වූ පමණින් කිසිවෙකු නිරයට නොයනු ඇත.
හදීසයෙන් කියවෙන්නේ කාන්තාවන් වූ පළියට ඔවුන් නිරයට යන බව නොව, එයින් සැබවින්ම පෙන්වා දෙන්නේ කාන්තාවන් පාර්ශවයෙන් සිදුවන වැරදි හැසිරීමකි. සැබෑ වැරදි වැටහීම ඇතිවන්නේ කාන්තාවන් තමන්ගේ ස්ත්‍රී භාවය නිසා නිරයේ පිරිමින්ට වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවාය යන මතය නිසාය. මෙය සැබවින්ම වැරදිය, හදීසයේ එවැනි කිසිවක් අන්තර්ගත නොවේ, අවම වශයෙන් හෝ එවැන්නක් අඟවන්නේ නැත.
දෙවනුව, බොහෝ දුරට නිරයේ පිරිමින් හෝ කාන්තාවන් වැඩිපුර සිටිය හැකිය. ඔවුන්ගේ සංඛ්‍යාව හරියටම පැවසීමට තරම් අපහසුය. හේතුව වන්නේ, කවුරුන් වැඩිපුර වැරදි ක්‍රියා කරන්නේද, ඔවුන්ට එයට අදාළ දඬුවම් ලැබෙනු ඇත. මෙය ක්‍රියාවන් (පින් පව්) පිළිබඳ මිස ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පවතින ගැටලුවක් නොවේ. මිනිසුන් වැරදි මඟක යන්නේ සහ නොමඟ යන්නේ මේ කරුණ නිසි ලෙස වටහා නොගැනීම නිසාය.
ස්වර්ගයෙහි පිරිමින්ට වඩා කාන්තාවන් බහුලව සිටිනු ඇත.
ඇත්ත වශයෙන්ම, ස්වර්ගයේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි පිරිසක් සිටින බව පවසන තවත් හදීසයක් තිබේ. එය සහීහ් මුස්ලිම් ග්‍රන්ථෙය් වාර්තා වී ඇත.
عن محمد، قال: إما تفاخروا وإما تذاكروا: الرجال في الجنة أكثر أم النساء؟ فقال أبو هريرة: أو لم يقل أبو القاسم صلى الله عليه وسلم: إن أول زمرة تدخل الجنة على صورة القمر ليلة البدر، والتي تليها على أضوإ كوكب دري في السماء، لكل امرئ منهم زوجتان اثنتان، يرى مخ سوقهما من وراء اللحم، وما في الجنة أعزب؟
මුහම්මද් (රහ්) වාර්තා කළේය: සමහර පුද්ගලයන් ආඩම්බරයෙන් ප්‍රකාශ කළ අතර, තවත් සමහරු ස්වර්ගයේ පිරිමින් වැඩි වෙයිද නැතහොත් කාන්තාවන් වැඩි වෙයිද යන්න පිළිබඳව සාකච්ඡා කළහ. ඒ අවස්ථාවේදී අබු හුරෛරා තුමාණන් වාර්තා කළේ, අබුල් කාසිම් (ශුද්ධ වූ නබිතුමා) මෙසේ පැවසූහ: ස්වර්ගයට ඇතුළු වන පළමු කණ්ඩායමේ මුහුණු පුර පසළොස්වක පොහොය දින හඳ මෙන් දීප්තිමත් වනු ඇත. ඊළඟ කණ්ඩායමේ මුහුණු අහසේ බැබළෙන තරු මෙන් දීප්තිමත් වනු ඇත. එහි සිටින සෑම මිනිසෙකුටම භාර්යාවන් දෙදෙනෙකු බැගින් සිටිනු ඇත, ඔවුන්ගේ කෙණ්ඩයේ ඇට මිදුළු මස්වලින් බාහිරව බැබළෙනු ඇත. ස්වර්ගයේ භාර්යාවක නොමැති කිසිවෙකු නොසිටිනු ඇත.
[මූලාශ්‍රය: මුස්ලිම්, 40 වන වෙළුම, හදීස් 6793]
අබු හුරෛරා මෙම හදීසය වාර්තා කළ පසුබිමෙන් පැහැදිලිවම පෙනී යන්නේ, නබිතුමාගේ ප්‍රකාශයන්ට අනුව ස්වර්ගයේ පිරිමින්ට වඩා කාන්තාවන් සංඛ්‍යාවෙන් වැඩි වන බව ප්‍රකාශ කිරීමට ඔහු අදහස් කළ බවයි.
ඉබ්නු කසීර් (හින්ද අබ්දල්-අසීස් 774) මෙම හදීසය ගැන අදහස් දක්වමින් මෙසේ පැවසීය:
فالمراد من هذا ان هاتين من بنات آدم ومعهما من الحور العين ما شاء الله عز وجل
මෙහි අර්ථය නම්, මෙම දෙදෙනා ආදම්ගේ දූවරුන්ගෙන් (එනම් මෙලොව කාන්තාවන්ගෙන්) වන අතර, සර්වබලධාරී අල්ලාහ් කැමති පරිදි ඔවුන් සමඟ විශාල ඇස් ඇති මනාලියන් ද සිටිනු ඇත.
ඤමූලාශ්‍රය: සිෆා අල්-ජන්නා, මොඅස්සස් අල්-කුතාබ් අල්-තකාෆියා, බේරූට් 1993, පිටුව 132%
හෆීස් සයිනුද්දීන් අල්-ඉරාකි (හින්ද අබ්දල්-අසීස් 806) විසින්ද මෙම කරුණම සඳහන් කර ඇත. හෆීස් අල් අයිනි (හින්ද අබ්දල්-අසීස් 855) ද සඳහන් කර ඇත්තේ මෙයින් අදහස් කරන්නේ මෙලොව කාන්තාවන් බවයි.
ඉබ්නු හජර් (හින්ද අබ්දල්-අසීස් 852) මෙම කරුණ සාකච්ඡා කරමින් මෙසේ පවසයි:
واستدل أبو هريرة بهذا الحديث على أن النساء في الجنة أكثر من الرجال … وهو واضح
ජන්නා (ස්වර්ගය) තුළ පිරිමින්ට වඩා කාන්තාවන් බහුතරයක් වන බව තහවුරු කිරීමට අබු හුරෛරා රහ්මතුල්ලාහ් මෙම හදීසය සාක්ෂියක් ලෙස භාවිතා කළේය.එය ඉතා පැහැදිලිය.
[මූලාශ්‍රය: ෆත් අල්-බාරි, ඩාර් අල්-මාරිෆා, බේරූට්, 1379 හිජ්රි, 10 වන වෙළුම, පිටුව 30]
නිරයේ බහුතරය කවුරුන්දැයි සඳහන් වන හදීස්, එය වර්තමාන තත්ත්වය හෝ සදාකාලිකව පවතින තත්ත්වයක් බව ප්‍රකාශ නොකරයි
යමෙකු මෙම හදීස් දෙක අතර යම් පරස්පරතාවයක් ඇතැයි පැවසීමට පෙර, නිරයේ කාන්තාවන් බහුතරයක් සිටි බව පවසන හදීස් පිළිබඳව තවත් කරුණක් පැහැදිලි කර ගනිමු.
‘මට නිරය පෙන්වන ලදී‘ යන වචන අඩංගු හදීස් පවතින අතර, ශුද්ධ වූ නබි සල්ලල්ලාහු අලෛ තුමාට ආශ්චර්යමත් රාත්‍රී ගමනේදී (මිරාජ් ගමන) නිරය පෙන්වූ බව අපි අනෙකුත් හදීස්වලින් දනිමු. එබැවින්, නිරයේ බහුතරය කාන්තාවන් බව අඟවන හදීස්වලින් අදහස් වන්නේ ශුද්ධ වූ නබිතුමා එය සැබවින්ම දුටු අවස්ථාව මිස, වර්තමානයේද තත්ත්වය එයම බව ඉන් අදහස් නොවන බව අපට පහසුවෙන් නිගමනය කළ හැකිය.
[මූලාශ්‍රය: අන්වර් ෂා අල්-කෂ්මීරි, ෆයිද් අල්-බාරි, ඩාර් අල්-කොතොබ් අල්-ඉල්මියියා, බේරූට්, 2005, 1 වන වෙළුම, පිටුව 192]
පරස්පර තොරතුරු වලින් යුත් වාර්තාවක්
ඉහත සඳහන් කරුණු වලට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙන තවත් වාර්තාවක් ඇත. ඉම්රාන් බින් හුසේන් මෙසේ වාර්තා කළේය
أن رسول الله صلى الله عليه وسلم، قال: إن أقل ساكني الجنة النساء
අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: ස්වර්ගයේ වැසියන් අතර කාන්තාවන් සුළුතරයක් වනු ඇත.[මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්, 36 වන වෙළුම, හදීස් 6600]
නමුත් මෙම වාර්තාවෙන් අදහස් වන්නේ කාන්තාවන් සැමවිටම නිරයේ බහුතරය වනු ඇති බව නොවේ.
සයිනුද්දීන් මුහම්මද් අල්-මනාවි (හින්ද අබ්දල්-අසීස් 1031) මෙම හදීසය මෙසේ පැහැදිලි කළේය;
أي في أول الأمر قبل خروج عصاتهن من النار فلا دلالة فيه على أن نساء الدنيا أقل من الرجال في الجنة
මෙහි අර්ථය නම්, ආරම්භක අවස්ථාවේදී, ඔවුන් අතර සිටින පව්කාර කාන්තාවන් නිරාගින්නෙන් නිදහස් වීමට පෙර අවස්ථාවයි. මෙලොව කාන්තාවන් ස්වර්ගයේ පිරිමින්ට වඩා අඩු බවට මෙයින් කිසිදු සාක්ෂියක් ලැබෙන්නේ නැත.”
[මූලාශ්‍රය: ෆයිද් අල්-කාදිර් ෂර්හ් ජාමි අල්-සගීර්, මක්තබා අල්-තිජාරියා අල්-කුබ්රා, ඊජිප්තුව, 1356 හිජ්රි, 2 වන වෙළුම, පිටුව 428, හදීස් 2215]
හෆීස් ඉබ්නු හජර් සහ හෆීස් අල්-අයිනි ද මෙය මේ ආකාරයෙන්ම පැහැදිලි කර ඇත.
සමහර සංඛ්‍යාලේඛන කරුණු
එමෙන්ම අද වන විට පිරිමින්ට වඩා කාන්තාවන් සංඛ්‍යාවෙන් වැඩි බව අප මතක තබා ගත යුතුය. පිරිමි දරුවන් වැඩිපුර උපත ලැබුවද, පිරිමි දරුවන්ගේ මරණ අනුපාතය ගැහැණු දරුවන්ට වඩා වැඩිය. එසේම ලෝක අවසානය ආසන්න වන විට කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා බෙහෙවින් වැඩි වන බව හදීස්වලින් අප ඉගෙන ගනිමු. එබැවින් පිරිමින් සහ කාන්තාවන් සමාන අනුපාතයකින් නිරයට සහ ස්වර්ගයට ගියද, ස්ථාන දෙකෙහිම කාන්තාවන් බහුතරය වීමට බෙහෙවින් ඉඩ කඩ පවතී.
සාධාරණ හේතූන් මත කාන්තාවන්ට ස්වාමිපුරුෂයන්ට එරෙහිව පැමිණිලි කළ හැකිය
තවත් කරුණක් පැහැදිලි කරන්නේ නම් මෙම හදීසයෙන් කාන්තාවකට තම ස්වාමිපුරුෂයා වැරදි කරන විට පවා එය විඳදරා ගනිමින් පැමිණිලි කිරීමෙන් වළකින ලෙස පවසා නැත. මන්දයත් කුරානයේ සම්පූර්ණ පරිච්ඡේදයක් ඇත, එනම් සූරා මුජාදිලා (අංක 58) පරිච්ඡේදයයි. එය වෙන් වී ඇත්තේ තම ස්වාමි පුරුෂයාට එරෙහිව පැමිණිලි කිරීමට ශුද්ධ වූ නබිතුමා (සල්) වෙත පැමිණි කාන්තාවක් ගැනය. නබිතුමා (සල්) ඇය පැමිණිලි කිරීම නිසා නිරයට යන බව පැවසුවේ නැත. ඇත්ත වශයෙන්ම එතුමා ඇයට සවන් දුන් අතර, අල්ලාහ් ද එම ගැටලුව අමතමින් සහ ස්වාමිපුරුෂයාගේ පිළිගත නොහැකි හැසිරීම හෙළා දකිමින් වැකි පහළ කළේය.
නිගමනය
එබැවින් නිගමනය වන්නේ ශුද්ධ වූ නබිතුමා ප්‍රකාශ කළේ එතුමාගේ ආශ්චර්යමත් ගමනේදී දුටු දේ පමණක් වන අතර එය සදහටම එලෙසම පැවතීමට බැඳී නැති බවයි. කාන්තාවන් ස්වර්ගයේ අඩු වන්නේ ආරම්භක අවස්ථාවේදී පමණක් වන අතර, නිරයෙන් වැඩි වැඩියෙන් මිනිසුන් නිදහස් කර ස්වර්ගයට ඇතුළත් කරන විට, අවසානයේදී කාන්තාවන් ස්වර්ගයේ බහුතරය වනු ඇත. අනෙකුත් සම්ප්‍රදායන් පැහැදිලිවම තහවුරු කරන්නේ ස්වර්ගයේ පිරිමින්ට වඩා කාන්තාවන් සංඛ්‍යාවෙන් බෙහෙවින් වැඩි වන බවයි. කිතුනුවන් එල්බගෙන සිටින මෙම සුවිශේෂී සම්ප්‍රදායෙන් (හදීසයෙන්) සැබවින්ම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ අහේතුකව තම ස්වාමිපුරුෂයන්ට පැමිණිලි කිරීමෙන් සහ අකෘතඥ වීමෙන් වළකින ලෙස පමණි.
![]()