සාරාංශය
ගෞරවනීය සහාබාවරයෙකු (නබිතුමාගේ අනුගාමිකයෙකු) වන ඉබ්නු මස්ඌද් තුමාගේ මුස්හෆ් (අල් කුර්ආන් පිටපත) තුළ සූරාවන් තුනක් නොමැති වීම, අල් කුර්ආන් ග්‍රන්ථයේ ඉතිහාසය වටා ගෙතුණු විවාදයන්හි දිගු කලක් තිස්සේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත. විචාරකයින් බොහෝ විට මෙය භාවිත කර ඇත්තේ අල් කුර්ආනයේ දෝෂ රහිත සුරක්ෂිතභාවය පිළිබඳ කථිකාව ප්‍රශ්න කිරීමට ය. නමුත් අනෙක් අය මෙම මඟ හැරීම ආරක්ෂා කරන්නේ, එය දේවධර්මානුකූල මතභේදයකට වඩා ඔහුගේ පෞද්ගලික භාවිතයක් පිළිඹිබු කරන බව පවසමිනි. එහෙත් මෙම සූරාවන් පිළිබඳව ඉබ්නු මස්ඌද් තුමාගේ සැබෑ විශ්වාසය කුමක් වී ද? තව ද, පවතින සාක්ෂි මගින් අල් කුර්ආනයේ සුරක්ෂිතභාවයට සැබවින්ම අභියෝගයක් එල්ල කරන්නේ ද? මෙම ඉදිරිපත් කිරීම ඓතිහාසික වාර්තා සහ සාක්ෂි පිළිබඳව ගැඹුරින් සොයා බලන අතර, මෙම ගැටලුව අවබෝධ කරගන්නා ආකාරය නැවත හැඩගස්වන නව දැක්මක් ලබා දෙයි. අවසාන වශයෙන්, මෙම සූරාවන් මඟ හැරීම අල් කුර්ආනයේ සුරක්ෂිතභාවයට කිසියම් හෝ බලපෑමක් ඇති කරන්නේ ද යන්න මෙයින් සාකච්ඡා කෙරේ.
1. හැඳින්වීම
අල් කුර්ආන් ග්‍රන්ථයේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡාවලදී ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඉබ්නු මස්ඌද් (මිය ගියේ හිජ්රි 33/ ක්‍රි.ව. 653) තුමාගේ මුස්හෆ් (අල් කුර්ආන් පිටපත) තුළ සූරා අල්-ෆාතිහා සහ මුඅව්විදතයින් (එනම් අල්-ෆලක් සහ අන්-නාස් යන සූරාවන්) ඇතුළත් නොවීම පිළිබඳ ගැටලුවයි. අල් කුර්ආනික විද්‍යාවන් පිළිබඳ සම්භාව්‍ය කෘතියක් වන ‘අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්‘ හි ජලාල් අද්-දින් අස්-සුයූති (මිය ගියේ හිජ්රි 911/ ක්‍රි.ව. 1505) තුමා විසින් ඉබ්නු මස්ඌද්ගේ කුර්ආන් පිටපතෙහි මෙම සූරාවන් තුන අන්තර්ගත නොවූ බවට වන පුළුල්ව ප්‍රකට ප්‍රකාශය වාර්තා කර ඇත.[1]
සම්භාව්‍ය විද්වතුන් මෙන්ම නූතන පර්යේෂකයන් ද මෙම ගැටලුව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. බොහෝ සම්ප්‍රදායික විද්වතුන් මෙම වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති, නැතහොත් එම වාර්තා මගින් මතුපිටින් නිර්මාණය වන හැඟීමෙන් ඔබ්බට ගිය අර්ථකථන ලබා දෙති.
සමහරු අවධාරණය කරන්නේ, ඔහුගේ උසස් තත්ත්වය කෙසේ වෙතත්, ඉබ්නු මස්ඌද්තුමා යනු අවසානයේ සීමාවන් සහිත, වරදක් සිදුවිය හැකි මනුෂ්‍යයෙකු බවයි. මේ අතර, orientalists සහ බාහිර විචාරකයින් මෙය සලකන්නේ අල් කුර්ආනයේ ඉතිහාසය සම්බන්ධයෙන් සම්ප්‍රදායික මුස්ලිම් හරයන් විසින් කරනු ලබන ප්‍රකාශයන්ට එරෙහිව පවතින පැහැදිලි සාක්ෂියක් ලෙසයි.
අල් කුර්ආන් ග්‍රන්ථය එහි මුල් අවධියේදී යම් තරමක අස්ථාවර හෙවත් නම්‍යශීලී (fluidity) තත්ත්වයකට ලක් වූ බව තර්ක කරන්නන් විසින් ද මෙවැනි වාර්තා උපුටා දක්වනු ලැබේ. ඇතැමුන් මෙය සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සිදුවූ සුළු විෂමතා ලෙස දකින අතර, තවත් අය යෝජනා කරන්නේ මුල් යුගයේ අල් කුර්ආන් ග්‍රන්ථය සම්ප්‍රදායිකව පිළිගැනෙනවාට වඩා බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩකඩ තිබූ (malleable) බවයි. ඒ අනුව, මෙවැනි මතවාදයන්, අල් කුර්ආනයේ සුරක්ෂිතභාවය නිශ්චිත හා ස්ථාවර යැයි සලකනු ලබන ඉස්ලාමීය විද්වත් සම්ප්‍රදාය තුළ පවතින සම්මත ස්ථාවරයන් සමඟ සමපාත නොවේ.
මෑතකාලීනව, මුල් යුගයේ ග්‍රන්ථ සහ විචාරාත්මක අධ්‍යයනයන් පිළිබඳව හුරුපුරුදු මුස්ලිම්වරුන් වඩාත් ‘අපක්ෂපාතී’ (dispassionate) ප්‍රවේශයක් අනුගමනය කර ඇත. ඔවුහු තම දැක්ම සම්ප්‍රදායික මුස්ලිම් කථිකාව සමඟ සංසන්දනය කරන්නේ, එම සම්ප්‍රදායික කථිකාව තුළ විචාරාත්මක ස්වභාවයක් නොමැති බව දකිමිනි. මෙවැනි නිරීක්ෂණ, හුදෙක් වෛෂයික පර්යේෂණ සඳහා වන දායකත්වයන් ලෙස ස්ථානගත කරමින් ඒවා සාමාන්‍යකරණය කිරීමට ඔවුහු උත්සාහ කරති.
මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ පවතින තොරතුරු පිළිබඳ පූර්ණ විවරණයක් ලබා දීමයි. ඉබ්නු මස්ඌද්තුමාගේ ස්ථාවරය, එයට බලපෑ හැකි සාධක සහ කාලයත් සමඟ එය අර්ථකථනය වී ඇති ආකාරය මෙහිදී ආමන්ත්‍රණය කෙරේ. මුඅව්විදතයින් පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, අල්-ෆාතිහා පිළිබඳ ගැටලුව පරීක්ෂා කිරීමෙන් අපි ආරම්භ කරමු. එසේම, පළමුවැන්න පිළිබඳ සාකච්ඡාවේදී දෙවැන්න පිළිබඳ අවබෝධයක් ලබා දිය හැකි කරුණු කෙරෙහි ද අපි අවධානය යොමු කරන්නෙමු.
2. ඉබ්නු මස්ඌද් සහ ඔහුගේ මුස්හෆ් පිටපත තුළ සූරා අල්-ෆාතිහා ලිවීම
‘අල්-ෆාතිහා‘ යන්නෙන් අදහස් කරන්නේ ‘අල්-ෆාතිහතුල් කිතාබ්‘ (ග්‍රන්ථයේ/අල්කුර්ආනයේ ආරම්භය) යන්නයි. ඉස්ලාම් දහම තුළ මෙයට හිමිවන්නේ කෙතරම් ස්ථාවර මෙන්ම වැදගත් ස්ථානයක් ද යත්, කිසිදු මුස්ලිම්වරයෙකුට ඒ පිළිබඳව නොසැලකිලිමත් විය නොහැකිය. එය දිනපතා සෑම සලාතයකදී ම (නැමදුමකදී ම) කිහිප වතාවක්ම නැවත නැවතත් පාරායනය කරනු ලැබේ.
2.1 ඉබ්නු මස්ඌද් තුමා අල්-ෆාතිහා සූරාව අල් කුර්ආනයේ කොටසක් ලෙස පිළිගත්තේ ය
අල්-ෆාතිහා සූරාව අල් කුර්ආනයේ කොටසක් බව අල් කුර්ආනයෙන් ම තහවුරු වේ. සූරා අල්-හිජ්ර් හි මෙසේ සඳහන් වේ:
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
“නැවත නැවතත් පාරායනය කරනු ලබන වැකි සත සහ ශ්‍රේෂ්ඨ වූ අල් කුර්ආනය අපි ඔබට ලබා දුන්නෙමු.” (15:87)
මේ පිළිබඳව අස්-සුයූති තුමා මෙසේ වාර්තා කරයි:
وأخرج ابن الضريس ، وَابن جَرِير ، وَابن المنذر ، وَابن مردويه عن ابن مسعود في قوله : {ولقد آتيناك سبعا من المثاني} قال : فاتحة الكتاب {والقرآن العظيم} قال : سائر القرآن.
අල්ලාහ්ගේ වදන් [15:87 හි] සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද්තුමාගෙන් ඉබ්නු අල්-දුරයිස්, ඉබ්නු ජරීර් [අල්-තබරී], ඉබ්නු අල්-මුන්දිර් සහ ඉබ්නු මර්දවෛහ් යන අය මෙසේ වාර්තා කර ඇත: ‘නැවත නැවතත් පාරායනය කරනු ලබන වැකි සත’ යන්නෙන් අදහස් කරන්නේ ග්‍රන්ථයේ ආරම්භය (අල්-ෆාතිහා අල්-කිතාබ්) වන අතර, ‘ශ්‍රේෂ්ඨ වූ අල් කුර්ආනය’ යන්නෙන් අදහස් කරන්නේ කුර්ආනයේ ඉතිරි කොටසයි.[2]
ඒ අනුව, ආසිම් ඇතුළු ප්‍රධාන පාරායනකරුවන් (කුර්රා – qurra’) කිහිප දෙනෙකු විසින්ම තහවුරු කර ඇති පරිදි, ඉබ්නු මස්ඌද්තුමා අල්-ෆාතිහා සූරාව පාරායනය කළේ ය. මීට අමතරව, ඔහු දෛනික සලාත් වතාවත්වල දී සහ ජනාසා (ආගමික අවමංගල්‍ය) යාච්ඤාවල දී නිතිපතා සූරා අල්-ෆාතිහා පාරායනය කළ බවට පැහැදිලි සාක්ෂි සපයන නිශ්චිත වාර්තා අප සතුව ඇත.[3]
මෙයින් සනාථ වන්නේ, සෙසු මුස්ලිම් ප්‍රජාවගේ මතය හා සමානව ම, ඉබ්නු මස්ඌද් තුමාගේ දෘෂ්ටියට අනුව ද සූරා අල්-ෆාතිහා යනු සැබවින්ම අල් කුර්ආනයේ ම කොටසක් වූ බවයි.
2.2 ඉබ්නු මස්ඌද් තුමා සූරා අල්-ෆාතිහා සිය මුස්හෆ් පිටපතෙන් ඉවත් කළේ ඇයි?
ඉබ්නු මස්ඌද් තුමා සූරා අල්-ෆාතිහා අල් කුර්ආනයේ කොටසක් ලෙස පිළිගත්තේ නම්, ඔහු එය සිය මුස්හෆ් පිටපතට ඇතුළත් නොකළේ ඇයි? මෙයට පැහැදිලි කිරීම ඉබ්නු මස්ඌද් තුමාගෙන් ම ලැබේ. අබ්ද් බින් හුමෛද් (මිය ගියේ හිජ්රි 249/ ක්‍රි.ව. 863) විසින් වාර්තා කරන ලද ප්‍රකාශයක (narration) මෙසේ දැක්වේ:
عن إبراهيم قال: كان عبدالله لا يكتب فاتحة الكتاب في المصحف وقال : لو كتبتها لكتبت في أول كل شيء
ඉබ්‍රාහීම් [අල්-නකාඊ] වාර්තා කළේ, ඉබ්නු මස්ඌද් තුමා ග්‍රන්ථයේ ආරම්භය (සූරා අල්-ෆාතිහා) සිය මුස්හෆ් පිටපතෙහි නො ලියූ බවත්, එයට හේතුව මෙසේ පැහැදිලි කළ බවත් ය: “මම එය ලියන්නේ නම්, මට එය සෑම දෙයක ම (සෑම සූරාවක ම) ආරම්භයේ ලිවීමට සිදුවනු ඇත.”[4]
ඒ ආකාරයෙන්ම අල්-කුර්තුබි (මිය ගියේ හිජ්රි 671/ ක්‍රි.ව. 1273) ද අබු බක්ර් ඉබ්නු අල්-අන්බාරි (මිය ගියේ හිජ්රි 328/ ක්‍රි.ව. 940) ගේ වාර්තාවක් එහි සම්පූර්ණ ඉස්නාද් (වාර්තාකරුවන්ගේ දාමය) සමඟ සුරක්ෂිත කර ඇති අතර, එහි මෙසේ සඳහන් වේ:
عن إبراهيم قال: قيل لعبد الله بن مسعود: لم لم تكتب فاتحة الكتاب في مصحفك؟ قال: لو كتبتها لكتبتها مع كل سورة.
ඉබ්‍රාහීම්ගෙන් වාර්තා වේ, ඔහු මෙසේ පැවසීය: අබ්දුල්ලාහ් බින් මස්ඌද්තුමාගෙන් මෙසේ අසන ලදී, “ඔබ අල් කුර්ආනයේ ආරම්භය (අල්-ෆාතිහා) ඔබේ කුර්ආන් පිටපතෙහි නො ලියුවේ ඇයි?” ඔහු පිළිතුරු දුන්නේය: “මම එය ලියුවා නම්, මම එය සෑම සූරාවක් සමඟම ලියන්නෙමි.” [5]
ඒ හා සමානව, අබු අල්-ෆද්ල් අල්-රාසි (මිය ගියේ හිජ්රි 454/ ක්‍රි.ව. 1062), මූලාශ්‍රයක් සඳහන් නොකර වුවද, ඉබ්නු මස්ඌද් තුමාගේ ප්‍රකාශයක් මෙලෙස වාර්තා කරයි:
ما علمت أحدا ينسى فاكتب
මා එය ලිවීමට තරම් එය අමතක කළ කිසිවෙකු මා දැන සිටියේ නැත.[6]
මේ අනුව, අපට වටහාගත හැක්කේ ඔහු යම් දෙයක් සිය මුස්හෆ් පිටපතෙහි නොලියුවේ නම්, ඔහුගේ අවබෝධයට අනුව එය අල් කුර්ආනයේ කොටසක් නො වේය යන්න ඉන් අදහස් නො වන බවයි. පාඨකයන්ට මතක තබා ගන්නා ලෙස මා ඉල්ලා සිටින ඉතා වැදගත් කරුණ මෙය යි.
3. ඉබ්නු මස්ඌද් සහ අල්-මුඅව්විදතයින්
සූරා අල්-ෆාතිහා මෙන්ම, අවසාන සූරාවන් දෙක වන අල්-ෆලක් සහ අන්-නාස් යන සූරාවන් ද ඉබ්නු මස්ඌද්තුමාගේ මුස්හෆ් පිටපතට ඇතුළත් කර නොතිබුණි. කෙසේ වෙතත්, අල්-ෆාතිහා සූරාව මෙන් නොව, අල්-මුඅව්විදතයින් ලෙස පොදුවේ හැඳින්වෙන මෙම සූරාවන් දෙක ඉබ්නු මස්ඌද් තුමාගේ දෘෂ්ටියට අනුව අල් කුර්ආනයේ කොටසක් ලෙස නොසැලකූ බවට තර්ක කරනු ලැබේ. මෙම තර්කය පදනම් වී ඇත්තේ වාර්තා සමූහයන් දෙකක් මතය.
3.1 උබෙයි තුමාගෙන් (ලද) සිර්ර්ගේ වාර්තාව
අල්-බුහාරි තුමා මෙසේ වාර්තා කළේය:
عن زر، قال: سألت أبي بن كعب، قلت: يا أبا المنذر إن أخاك ابن مسعود يقول كذا وكذا، فقال أبي: سألت رسول الله صلى الله عليه وسلم فقال لي: «قيل لي فقلت» قال: فنحن نقول كما قال رسول الله صلى الله عليه وسلم
සිර්ර් මෙසේ පැවසීය, මම උබෙයි බින් කඅබ්ගෙන් මෙසේ ඇසුවෙමි: අබු අල්-මුන්දිර්, ඔබේ සහෝදර ඉබ්නු මස්ඌද්තුමා මෙසේ මෙසේ පවසයි. උබෙයි මෙසේ පැවසීය: මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (ﷺ) ඇසුවෙමි, එවිට එතුමා පැවසුවේ: “මට කියන ලදී; එබැවින් මම එය පවසමි” යනුවෙනි. ඉන්පසු උබෙයි මෙසේ පැවසීය: “අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) පැවසූ පරිදිම අපි ද පවසමු.”[7]
මෙම වාර්තාවේ ඇතැම් (narrations) ඉබ්නු මස්ඌද් තුමා හෝ ඔහුගේ ස්ථාවරය ගැන සඳහන් නොකර, සිර්ර්ගේ ප්‍රශ්නය සහ උබෙයි තුමාගේ පිළිතුර පමණක් දක්වයි.[8] කෙසේ වෙතත්, වෙනත් සංස්කරණවල විවිධ මට්ටම්වල විස්තර සහ වාක්‍ය ඛණ්ඩයන් යොදාගනිමින් ඉබ්නු මස්ඌද්තුමාගේ ස්ථාවරය සඳහන් කර ඇත.
සහීහ් අල්-බුහාරි හි වාර්තාවක් ඇතුළු සමහර ප්‍රකාශයන්වල සඳහන් වන්නේ, සිර්ර් විසින් අල්-මුඅව්විදතයින් පිළිබඳ ඉබ්නු මස්ඌද් තුමාගේ ස්ථාවරය පැහැදිලිව සඳහන් නොකර, “ඔහු මෙසේ මෙසේ පවසයි” (යකුලු ෆීහා කදා ව කදා) යනුවෙන් උබෙයි තුමාට පැවසූ බවයි.[9] තවත් ඒවායෙහි සඳහන් වන්නේ ඔහු (සිර්ර්) මෙසේ පැවසූ බවයි, “ඉබ්නු මස්ඌද් තුමා සිය මුස්හෆ් පිටපතෙහි අල්-මුඅව්විදතයින් නොලියනු ඇත” (කාන ලා යක්තුබු අල්-මුඅව්විදතයින් ෆී මුස්හෆිහි).[10] තවත් එකක මෙය හඳුන්වන්නේ, “අබ්දුල්ලාහ්ගේ මුස්හෆ් පිටපතෙහි නොමැති සූරාවන් දෙක” (අල්-සුරතාන් අල්ලතාන් ලයිසතා ෆී මුස්හෆ් අබ්දුල්ලාහ්) ලෙසිනි.[11] තවත් ප්‍රකාශයන් සමූහයක එය “ඔහු ඒවා මුස්හෆ් පිටපතෙන් මකා දමනු ඇත” (යහ්කිහිමා මිනා අල්-මුස්හෆ්) යනුවෙන් සඳහන් වේ.[12]
අඩු වශයෙන් දක්නට ලැබෙන, සැබැවින්ම තරමක් අසාමාන්‍ය (odd) , ප්‍රකාශයන්වල පවා මෙවැනි ප්‍රකාශ ඇතුළත් වේ, “තවද ඔහු මෙසේ පවසනු ඇත: ‘එහි නොමැති දේ ඔබ එයට එකතු කරන්නේ ඇයි?'” (ව යකුලු: ලිම තසීදූන ෆීහි මා ලයිස මින්හු),[13] “ඒවා අල් කුර්ආනයට අයත් නොවේ” (ඉන්නහුමා ලයිසතා මින් අල්-කුර්ආන්),[14] හෝ “අල් කුර්ආනයට අයත් නොවන දේ ඊට එකතු නොකරන්න” (ලා තුල්හිකු බිල්-කුර්ආන් මා ලයිස මින්හු).[15]
3.2 ඉබ්නු මස්ඌද්තුමාගේ ශිෂ්‍යයන්ගෙන් ලැබුණු වාර්තා
ඉබ්නු මස්ඌද් තුමාගේ අනෙකුත් ශිෂ්‍යයන්ගෙන් ලැබුණු වාර්තාවලින් ද මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීම ප්‍රකාශ වේ. අබු ඉස්හාක් අල්-සබීඊ විසින් වාර්තා කරන ලද පරිදි, අබ්දුල් රහ්මාන් බින් යසීද් අල්-නකාඊ මෙසේ පැවසීය:
رأيت عبد الله يحك المعوذتين من المصحف ويقول: لا تخلطوا به ما ليس منه
‘අබ්දුල්ලාහ් අල්-මුඅව්විදතයින් මුස්හෆ් පිටපතෙන් මකා දමනු මම දුටුවෙමි, තවද ඔහු මෙසේ පැවසීය: ‘එයට අයත් නොවන දේ ඊට මිශ්‍ර නොකරන්න.’ [16]
ඉහත දැක්වෙන්නේ බොහෝ ප්‍රකාශයන් හි එය වාර්තා වී ඇති ආකාරයයි.[17] එක් ප්‍රකාශයක ඉබ්නු මස්ඌද් තුමාගේ අවසාන ප්‍රකාශය දක්වා ඇත්තේ, “එහි නොමැති දේ ඔබ එකතු කරන්නේ ඇයි?” (ලිම තසීදූන මා ලයිස ෆීහි?) යනුවෙනි,[18] තවත් එකක එය දක්වා ඇත්තේ “එයට අයත් නොවන දේ පාරායනය කිරීම අනුමත නොවේ” (ලා යහිල්ලු කිරා’අතු මා ලයිස මින්හු) ලෙසිනි.[19] සමහරක් වාර්තාවල අවසාන ප්‍රකාශය දක්වා ඇත්තේ “ඒවා අල්ලාහ්ගේ ග්‍රන්ථයට අයත් නොවේ” (ඉන්නහුමා ලයිසතා මින් කිතාබිල්ලාහ්) යනුවෙනි.[20]
මෙම වාර්තාවන් පුරා දක්නට ලැබෙන වෙනස්කම් මගින් තහවුරු වන්නේ, පසුකාලීන වාර්තාකරුවන් විසින් මේවායේ අර්ථය තම වචනවලින් ප්‍රකාශ කිරීම (paraphrasing) සහ ඔවුන්ගේ ස්ව අවබෝධය (subjective understanding) මීට බලපා ඇති බවයි. කෙසේ වෙතත්, ඉබ්නු මර්දවෛහ් පෙන්වා දෙන පරිදි, මූලික වශයෙන් මෙම වාර්තාව සිර්ර්ගේ වාර්තාවට සමාන වේ. සිර්ර්ගේ වාර්තාවේ විවිධ සංස්කරණ අතරතුර, ඔහු අබ්දුල්ලාහ් තුමාගෙන් අබ්දුල් රහ්මාන් බින් යසීද් ගෙනෙන ප්‍රකාශයන් ගැන සඳහන් කළ අතර, එය සම්පූර්ණයෙන් වාර්තා කරනවා වෙනුවට ඔහු හුදෙක් “ඒ හා සමානවම” යනුවෙන් සටහන් කළේය.[21]
අබු ඉස්හාක් අල්-සබීඊ ගෙන් ලැබෙන තවත් වාර්තාවක් අබ්දුල් රහ්මාන් අල්-සුලමි විසින් මෙලෙස වාර්තා කර ඇත:
أنه: كان يقول: ” لا تخلطوا بالقرآن ما ليس فيه، فإنما هما معوذتان تعوذ بهما النبي صلى الله عليه وسلم: قل أعوذ برب الفلق، وقل أعوذ برب الناس “، وكان عبد الله يمحوهما من المصحف
අබ්දුල්ලාහ් බින් මස්ඌද්තුමා මෙසේ පවසමින් සිටියේය: අල් කුර්ආනයට අයත් නොවන දේ ඊට මිශ්‍ර නොකරන්න, මක්නිසාද යත් ඒවා නබිතුමාණන් (ﷺ) ආරක්ෂාව පැතූ ප්‍රාර්ථනාවන් දෙකක් පමණි: “පවසන්න, අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි,” සහ “පවසන්න, මනුෂ්‍යයන්ගේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි,” තවද අබ්දුල්ලාහ් ඒවා මුස්හෆ් පිටපතෙන් මකා දමනු ඇත.[22]
එලෙසම අල්කමා ඉබ්නු මස්ඌද් තුමා ගැන මෙසේ පවසයි:
أنه كان يحك المعوذتين من المصحف ويقول: «إنما أمر النبي صلى الله عليه وسلم أن يتعوذ بهما» ، وكان عبد الله لا يقرأ بهما
ඔහු අල්-මුඅව්විදතයින් මුස්හෆ් පිටපතෙන් මකා දමමින් මෙසේ පවසනු ඇත: නබිතුමාණන්ට (ﷺ) අණ කරනු ලැබුවේ ඒවා හරහා ආරක්ෂාව පතන ලෙස පමණි. අබ්දුල්ලාහ් ඒවා පාරායනය නොකරනු ඇත.[23]
ඉබ්නු සිරින් ද ඒ ආකාරයෙන්ම එය වාර්තා කරයි:
عن ابن سيرين ، قال : كان ابن مسعود لا يكتب المعوذتين.
ඉබ්නු සිරින් පැවසුවේ ඉබ්නු මස්ඌද් තුමා අල්-මුඅව්විදතයින් නොලියූ බවයි.[24]
සිර්ර්ගේ වාර්තාව මෙන් නොව, මෙම වාර්තා අවධානය යොමු කරන්නේ සූරාවන් දෙක මුස්හෆ් පිටපතට ඇතුළත් කිරීම පිළිබඳව වන අතර, අනෙකුත් ප්‍රකාශයන් ද්විතීයික හෝ පරිපූරක අදහස් දැක්වීම් ලෙස ක්‍රියා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම ප්‍රකාශයන් වාර්තාකරුවන්ගේ වචනවලින් ප්‍රකාශ (paraphrased) වී ඇති අතර, ඒ නිසා ඒවායේ මුල් අරමුණ සහ වැදගත්කම තහවුරු කර ගැනීම අභියෝගාත්මක වී ඇත.
3.3 මෙම වාර්තාවල වැදගත්කම (හරය)
ඉහත ප්‍රකාශයන් මගින්, ඉබ්නු මස්ඌද්තුමා අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ අල්-මුඅව්විදතයින් හි වචනවල අල් කුර්ආනික තත්ත්වය (Qur’anic status) පිළිබඳව විවාද කළ බව පිළිගැනීමෙන් ඔබ්බට වෙනත් අර්ථකථනයක් සඳහා ඉතිරි කරන්නේ ඉතා සුළු ඉඩකඩකි. කෙසේ වෙතත්, සමීපව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ ගැටලුව වූයේ සම්පූර්ණ සූරාවන්ම නොව, ඒවායේ ආරම්භයේ ඇති ‘කුල්’ (qul – “පවසන්න”) යන වචනය සම්බන්ධයෙන් බවයි.
උබෙයි තුමාගේ වාර්තාව මීට තුරුම්පු සපයයි. සිර්ර් විසින් අසන ලද විට, ඔහු නබිතුමාණන්ගේ (ﷺ) පිළිතුර මෙසේ ප්‍රකාශ කළේය: “මට කියන ලදී, එබැවින් මම එය පැවසුවෙමි.” මෙම ප්‍රකාශය පමණක් ගත් විට, ඉන් සමස්තයක් ලෙස සූරාවන්හි අල්කුර්ආනික තත්ත්වය පැහැදිලිවම තහවුරු නො කරයි.
කෙසේ වෙතත්, වෙනත් සමහර ප්‍රකාශයන් මගින් මේ සඳහා ඉඟි සපයයි. අල්-හුමෛදි සමඟ ඇති එවැනි එක් වාර්තාවක මෙසේ දැක්වේ:
قال إني سألت رسول الله صلى الله عليه وسلم قال قيل لي «قل» فقلت: فنحن نقول كما قال رسول الله صلى الله عليه وسلم
ඔහු පැවසීය, මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (ﷺ) ඇසුවෙමි, එවිට එතුමා මට පැවසුවේ, “මට ‘පවසන්න (කුල්)’ යැයි කියන ලදී, එබැවින් මම එය පැවසුවෙමි” යනුවෙනි. ඒ නිසා අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) පැවසූ පරිදිම අපි ද පවසමු.[25]
‘කුල්’ යන්න කෙරෙහි ඇති අවධාරණයෙන් යෝජනා වන්නේ, උබෙයි තුමාගේ විමසීම සහ ඒ අනුව ඉබ්නු මස්ඌද් තුමා සම්බන්ධයෙන් සිර්ර්ගේ ප්‍රශ්නය විශේෂයෙන් ම සූරාවන්ට වඩා ‘කුල්’ යන්න ඇතුළත් කිරීම ගැන වූ බවයි. ගැටලුව සම්පූර්ණයෙන් ම සූරාවන්හි අල් කුර්ආනික තත්ත්වය පිළිබඳව වූයේ නම්, උක්බා බින් ආමිර් විසින් මෙම සූරාවන් පිළිබඳව විමසූ අවස්ථාවේදී නබිතුමාණන් (ﷺ) විසින් එය පැහැදිලි කළාක් මෙන් මෙහිදී ද පැහැදිලි කරනු ඇත. එම අවස්ථාවේදී, නබිතුමාණන් (ﷺ) ඒවා සලාතයේ දී (නැමදුමේදී) පාරායනය කිරීම මගින් ඒවායේ අල් කුර්ආනික තත්ත්වය පෙන්නුම් කළ අතර[26] උක්බා එය නිසි පරිදි සටහන් කර ගත්තේදැයි ඇසුවේය.[27] කෙසේ වෙතත් මෙහිදී එතුමාණන්ගේ පිළිතුර හුදෙක් ‘කුල්’ යන්න මත පමණක් කේන්ද්‍රගත වී තිබීමෙන් තහවුරු වන්නේ විවාදයට තුඩු දුන් කරුණ එය බවයි.
මූලික ගැටලුව ඉබ්නු මස්ඌද්තුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් පවා සමස්තයක් ලෙස සූරාවන් දෙකේ අල් කුර්ආනික බව නොවන බවත්, ඒවායේ ආරම්භයේ ඇති ‘කුල්’ යන්නෙහි තත්ත්වය බවත් විද්වතුන් විසින් තවදුරටත් තහවුරු කරනු ලැබේ. මෙම වාර්තාව මගින් සූරාවන්හි අල් කුර්ආනික බව ගැන සැකයක් මතු කරන බව ඇතැම් විට උපකල්පනය කළ ද, එය මේ සම්බන්ධයෙන් නිරපේක්ෂ (categorical) නොවන බව ඔවුහු පිළිගත්තෝය. අල්-තහාවි (මිය ගියේ හිජ්රි 321/ ක්‍රි.ව. 933) මෙසේ සඳහන් කරයි:
فكان ما روينا عن أبي في هذه الآثار من جوابه زرا ما قد ذكر فيها مما ليس فيه إثبات منه أنهما من القرآن ولا إخراج لهما منه
මෙම වාර්තාවල සිර්ර් වෙත ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් උබෙයිගෙන් අප වාර්තා කළ දේ තුළ, එහි සඳහන් කර ඇති දේ අන්තර්ගත වේ. කෙසේ වෙතත්, ඉන් මෙම සූරාවන් දෙක අල් කුර්ආනයේ කොටසක් බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවේ.[28]
එලෙසම, ඉබ්නු හජර් අල්-‘අස්කලානි (මිය ගියේ හිජ්රි 852/…) මෙසේ පිළිගනී:
وليس في جواب أبي تصريح بالمراد
උබෙයිගේ පිළිතුර මගින් අපේක්ෂිත අර්ථය පැහැදිලිව ප්‍රකාශ නොවේ.[29]
කෙසේ වෙතත්, මක්කි බින් අබි තාලිබ් (මිය ගියේ හිජ්රි 437/ ක්‍රි.ව. 1045) සහ අල්-බිකාඊ (මිය ගියේ හිජ්රි 885/ ක්‍රි.ව. 1480) වැනි විද්වතුන් මූලික ගැටලුව නිවැරදිව ග්‍රහණය කර ගත්හ. මක්කි තුමා මෙසේ සටහන් කළේය:
ومعنى ذلك – والله أعلم – ” أنهما سألا النبي صلى الله عليه وسلم عن إثبات ” قل ” في أولهما، فقال النبي عليه السلام: قيل: لي: ” قُلْ أَعوذُ “، فقلت: [أي]: قيل لي: اقرأ {قُلْ أَعُوذُ} فقرأها، بإثبات ” قل ” على أنها أمر به.
ඉන් අදහස් වන්නේ අල්ලාහ් වඩාත් හොඳින් දනී – මෙම සූරාවන්ගේ ආරම්භයේ “කුල්” යන්න ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් නබිතුමාණන්ගෙන් (ﷺ) විමසූ බවයි. නබිතුමාණන් (ﷺ) පිළිතුරු දුන්නේය: මට මෙසේ කියන ලදී: “පවසන්න, මම ආරක්ෂාව පතමි,” එබැවින් මම එය පැවසුවෙමි. [එනම්,] මට මෙසේ කියන ලදී: පාරායනය කරන්න, “පවසන්න මම ආරක්ෂාව පතමි,” එවිට මම එය පාරායනය කළෙමි, එයින් තහවුරු වන්නේ “කුල්” (යන වචනය ද) පාරායනය කිරීමට එතුමාට අණ කර තිබූ බවයි.[30]
අල්-බිකාඊ තවත් දුරටත් යමින්, ඉබ්නු මස්ඌද් තුමා මෙම සූරාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය යන මතය පැහැදිලිවම ඛණ්ඩනය කළේය:
وعندي: أن ظاهر هذه الأخبار غير مراد، وأن ابن مسعود رضي الله عنه إنما كان ينكر كلمة “قل” فقط في أولهما، ويحكهما من الصحف من المعوذتين، وأن قرءته كانت كذلك، وكان يستدل على صحة قراءته لهما التي أخذها عن النبي – صلى الله عليه وسلم -، وسهو غيره في نقل قل، بأن النبي – صلى الله عليه وسلم – أمر أن يتعوذ بهما، والمتعوذ لا يناسب أن يأمر من يتعوذ به بالقول. وعلى ذلك ينطبق قول النبي – صلى الله عليه وسلم – لما سئل: “قيل لي فقلت ” أي كما قال لي الملك، لا أسقط شيئاً مما نطق به، لأنه كلام الله، ولو كان عبد الله رضي الله عنه ينكر جميع المعوذتين، لم يطابق قول أبي رضي الله عنه: ” سألت رسول الله – صلى الله عليه وسلم – فقال: قيل لي فقلت ” قول من سأله،
මාගේ අදහසට අනුව, මෙම වාර්තාවල මතුපිටින් පෙනෙන අර්ථය එයින් අපේක්ෂිත අර්ථය ගම්‍ය නොවේ. ඉබ්නු මස්ඌද් තුමා ප්‍රතික්ෂේප කළේ මෙම සූරාවන් දෙකේ ආරම්භයේ ඇති “කුල් (qul)” යන වචනය පමණක් වන අතර, ඔහු පිටපත් වලින් මකා දැමුවේ අල්-මුඅව්විදතයින් හි මෙම කොටස පමණි. ඔහුගේ පාරායනය ද මීට අනුකූල විය. නබිතුමාණන්ගෙන් (ﷺ) තමාට ලැබුණු ආකාරයට මෙම සූරාවන් දෙකේ සිය පාරායනය නිවැරදි බව තහවුරු කිරීමටත්, අනෙකුත් අය “කුල්” යන්න පාරායනය කිරීම අතපසුවීමක් (oversight) ලෙස සැලකීමටත්, ඔහු සාක්ෂි ලෙස ගත්තේ නබිතුමාණන් (ﷺ) මෙම සූරාවන් හරහා ආරක්ෂාව පතන ලෙස අණ කර තිබීමයි; ආරක්ෂාව පතන පුද්ගලයෙකුට එය පවසන ලෙස උපදෙස් දීම උචිත නොවේ. ඒ අනුව, විමසූ විට නබිතුමාණන්ගේ (ﷺ) ප්‍රකාශය “මට කියන ලදී, මම එය පැවසුවෙමි,” එනම් දේවදූතයා මට පැවසූ ආකාරයටම යන්නෙන් පෙන්නුම් කරන්නේ, එය අල්ලාහ්ගේ වදන් වන බැවින් පහළ වූ කිසිවක් එතුමා අත්හැර නැති බවයි. ඉබ්නු මස්ඌද් තුමා අල්-මුඅව්විදතයින් හි සමස්තයම සැබවින්ම ප්‍රතික්ෂේප කළේ නම්, උබෙයිගේ පිළිතුර “මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (ﷺ) ඇසුවෙමි, එවිට එතුමා පැවසුවේ: ‘මට කියන ලදී, එබැවින් මම එය පැවසුවෙමි'” එම ප්‍රශ්නයේ ස්වභාවය සමඟ සමපාත නොවනු ඇත.[31]
අල්-බිකාඊ තවදුරටත් අවධාරණය කරන්නේ, ඉබ්නු මස්ඌද් තුමා සැබවින්ම මෙම සූරාවන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේ නම්, උබෙයි තුමාගේ පිළිතුර අතිශයින්ම අකාර්යක්ෂම එකක් වනු ඇති බවයි මන්දයත්, “මට කියන ලදී, එබැවින් මම එය පැවසුවෙමි” යනුවෙන් නබිතුමාණන්ගේ (ﷺ) වදන් හුදෙක් ප්‍රකාශ කිරීමෙන් කිසිවක් ඔප්පු නොවන බැවිනි; මන්ද නබිතුමාණන්ට (ﷺ) පැවසූ සහ එතුමාණන් පැවසූ සියල්ලම අල් කුර්ආනය නොවන බැවිනි.[32]
නබිතුමාණන් (ﷺ) උබෙයි තුමාට ද ඒ ආකාරයෙන්ම පිළිතුරු දී ඇති බව අපට අවබෝධ වන විට මෙම දුර්වලතාවය (flaw) තවත් පැහැදිලි වේ. අල් කුර්ආනය ජනයා වෙත ගෙන ඒමේ කාර්යභාරය පැවරී ඇති අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ), දේවවාක්‍යය පිළිබඳ මූලික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සැබවින්ම එය තහවුරු නොකරන තර්කයක් ඉදිරිපත් කළා යැයි අප විශ්වාස කළ යුතු ද? ගැටලුව වූයේ අල්-මුඅව්විදතයින් හි අල් කුර්ආනික තත්ත්වය නම්, ඒ සඳහා ඍජු තහවුරු කිරීමක් අවශ්‍ය විය. ඒ වෙනුවට, නබිතුමාණන්ගේ (ﷺ) පිළිතුර වඩාත් අර්ථවත් වන්නේ, එහි ඇති එකම ගැටලුව වූයේ ‘කුල්’ යන්න සූරාවන්හි කොටසක් ද යන්න පමණක් නම්ය.
මෙම පැහැදිලි කිරීම් මගින් තහවුරු වන්නේ, ඉබ්නු මස්ඌද් තුමා අල්-මුඅව්විදතයින් හි අල් කුර්ආනික තත්ත්වය පිළිගත් නමුත්, ‘කුල්’ යන වචනය ඊට ඇතුළත් කිරීමට (ආරම්භයේදී) විරුද්ධ වූ බවයි. සූරා අල්-ෆාතිහා සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරයට සමානව, ඔහුගේ මුස්හෆ් පිටපතෙන් මෙම සූරාවන් ඉවත් කිරීම සමඟ එක් වූ මෙම ස්ථාවරය, ඔහුගේ මතය පිළිබඳ වැරදි අවබෝධයන්ට (misconceptions) තුඩු දුන්නේය. වාසනාවකට මෙන්, මක්කි බින් අබි තාලිබ් සහ අල්-බිකාඊ වැනි විද්වතුන් මෙම වැරදි අවබෝධය සාර්ථකව පැහැදිලි කර ඇතත්, කනගාටුවකට මෙන්, ඔවුන්ගේ මෙම පැහැදිලි කිරීම පුළුල් පිළිගැනීමකට ලක්වී නොමැත.
අනුකූල නොවන (inconsistently worded) ලෙස වාචිකව එකතු කර ඇති දෑ සම්බන්ධයෙන් ගත් කල, ඒවා අසාමාන්‍ය (shadh) යැයි සලකා බැහැර නොකරන්නේ නම්, ඒකාකාරී (consistent) වචනවල පුළුල් අර්ථකථනය හරහා ඒවා එකඟතාවකට ගෙන ආ හැකිය. ඒ අනුව, අල්-බාකිල්ලානි (මිය ගියේ හිජ්රි 403/ ක්‍රි.ව. 1013) සහ කාදි ඉයාද් (මිය ගියේ හිජ්රි 544/ ක්‍රි.ව. 1149) යෝජනා කළ පරිදි “කිතාබ් අල්ලාහ්” (අල්ලාහ්ගේ ග්‍රන්ථය) යන්නෙන් අදහස් වන්නේ මුස්හෆ් පිටපතම විය හැකිය. ඉබ්නු හජර් මෙය පිළිගත හැකි අර්ථකථනයක් ලෙස පිළිගත්තේය.[33]
ඉබ්නු මස්ඌද් තුමාගේ මකා දැමීම සම්බන්ධයෙන් ගත් කල, එය ද සූරාවන් දෙකෙහිම ‘කුල්’ යන්නට පමණක් අදාළ වන බව වටහා ගැනීම වඩාත් උචිත වේ. මෙය සිර්ර් විසින් උබෙයි වෙත ලබාදුන් වාර්තාව සමඟ සමපාත වන අතර, එහිදී ඔහු ඉබ්නු මස්ඌද් තුමාගේ මකා දැමීම ගැන සඳහන් කළේ ‘කුල්’ යන්න වටා ගෙතුණු සාකච්ඡාවට පෙරය. තර්කානුකූලව බලන කල, මකා දැමීම ද අදාළ වූයේ සම්පූර්ණ සූරාවන්ට නොව ‘කුල්’ යන්නටය. ඉබ්නු මස්ඌද් තුමා අල් කුර්ආනයට අයත් නොවන කිසිවක් එහි පාඨය සමඟ මිශ්‍ර කිරීමට දැක්වූ අකමැත්ත උපුටා දක්වමින්, සූරාවන්ගේ ආරම්භයේ ඇති බාහිර දෑ මුස්හෆ් පිටපතෙන් ඉවත් කරන ලෙස ඉබ්‍රාහීම් අල්-නකාඊ උපදෙස් දුන් අබු ජම්රාගේ වාර්තාව වැනි වාර්තාවලින් මෙම අර්ථකථනයට තවදුරටත් සහාය ලැබේ.[34]
3.4 ඉබ්නු මස්ඌද් තුමා පසුව “කුල්” යන වචනය සම්බන්ධයෙන් සිය මතය ඉල්ලා අස්කර ගැනීම (අතහැරීම)
කෙසේ වෙතත්, ඉබ්නු මස්ඌද් තුමා පසුව අල්-මුඅව්විදතයින් හි ආරම්භයේ ඇති “කුල්” යන වචනය පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කළ අතර එහි අල් කුර්ආනික තත්ත්වය පිළිගත්තේය. ඉබ්නු මස්ඌද් තුමා හරහා පුළුල් ලෙස සම්ප්‍රේෂණය වූ පාරායනයන් හි අල්-මුඅව්විදතයින් සූරාවන් “කුල්” යන වචනයෙන් ආරම්භ වීම මෙයට පැහැදිලි සාක්ෂියකි. මීට අමතරව, මෙම වෙනස සිදු වූ ආකාරය පිළිබඳව එක් වාර්තාවක් ද පෙන්වා දෙයි. අල්-තබරානි (මිය ගියේ හිජ්රි 360/ ක්‍රි.ව. 971) විසින් සටහන් කර ඇති ප්‍රකාශයක අපට මෙසේ කියවිය හැකිය:
عن إسماعيل بن مسلم، عن سيار أبي الحكم، عن زر بن حبيش، عن عبد الله بن مسعود، أن النبي صلى الله عليه وسلم سئل عن هاتين السورتين، فقال: «قيل لي فقلت، فقولوا كما قلت»
ඉස්මාඊල් බින් මුස්ලිම් සයියාර් අබි අල්-හකම් හරහා, ඔහු සිර්ර් ඉබ්නු හුබෙයිෂ් ගෙන් ද, ඔහු අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් තුමාගෙන් ද වාර්තා කළේ, සූරාවන් දෙක ගැන නබිතුමාණන්ගෙන් (ﷺ) විමසූ විට එතුමා මෙසේ පිළිතුරු දුන් බවයි: “මට කියන ලදී, එබැවින් මම එය පැවසුවෙමි; එබැවින් මා පැවසූ පරිදි ඔබ ද එය පවසන්න.”[35]
මෙම වාර්තාව උබෙයි තුමාගෙන් ලැබෙන සිර්ර්ගේ සම්ප්‍රදායට සමානකම් දක්වන අතර, මේ හේතුවෙන් සමහරු මෙය වාර්තාකරුවෙකු විසින් වරදවා ආරෝපණය කළ අවස්ථාවක් (mistaken attribution) යැයි සලකති.[36]
මෙම වාර්තාවේ වාර්තාකරුවන්ගේ දාමය තුළ ඉස්මාඊල් බින් මුස්ලිම් අල්-මක්කී සිටීම හේතුවෙන් ද මෙම වාර්තාව පිළිබඳ විවේචන පැන නගී. ඔහුගේ මතකයේ ඇති ගැටලු හේතුවෙන් ඔහු බොහෝ විට විවේචනයට ලක්වූ අතර, ඒ නිසා ඔහු දුර්වල වාර්තාකරුවෙකු ලෙස සැලකේ. කෙසේ වෙතත්, අහ්මද් ෂාකිර් (මිය ගියේ 1957) විසින් ඉස්මාඊල්ගේ ප්‍රමුඛ ශිෂ්‍යයෙකු ඔහුගේ හදීස් කටපාඩම් කිරීමේ හැකියාවට ලබා දුන් ප්‍රශංසාව ඉස්මතු කරමින් මෙම විවේචනය ලිහිල් කරයි.[37] තවද, අල්-තිර්මිදි (මිය ගියේ හිජ්රි 279/ ක්‍රි.ව. 892) ඉස්මාඊල්ගේ එක් වාර්තාවක් ‘හසන්’ (හොඳ/පිළිගත හැකි) ලෙස ශ්‍රේණිගත කළ අතර අහ්මද් ෂාකිර් ඔහුගේ තවත් සම්ප්‍රදායක් ඒ හා සමානවම ශ්‍රේණිගත කළේය.[38] බස්රාහි හදීස් ප්‍රවීණයෙකු වූ අල්-බස්සාර් (මිය ගියේ හිජ්රි 292/ ක්‍රි.ව. 905) විසින් සටහන් කර ඇති පරිදි, මුල් කාලීන හදීස් විද්වතුන් කණ්ඩායමකගේ ද මතය වූයේ ඉස්මාඊල්ගේ වාර්තා සමීපව පරීක්ෂා කළ යුතු වුව ද, ඒවා සම්පූර්ණයෙන්ම බැහැර නොකළ යුතු බවයි.[39]
මෙහිදී, කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පළමුව, උබෙයි තුමාගෙන් ලැබෙන සිර්ර්ගේ වාර්තා සම්ප්‍රේෂණය වන්නේ ආසිම් බින් බහ්දලා හෝ අබ්දා බින් අබි ලුබාබා වැනි වාර්තාකරුවන් හරහාය, එහෙත් ඉබ්නු මස්ඌද් තුමාගේ වාර්තාව ගෙන එන්නේ අබු අල්-හකම් සයියාර් හරහාය. අබු අල්-හකම් ඒකමතිකව විශ්වාසවන්ත සහ ඉතා සැලකිලිමත් වාර්තාකරුවෙකු ලෙස සැලකේ.[40] විශේෂයෙන්ම, ඔහු කිසිදු මූලාශ්‍රයක උබෙයිගෙන් ලැබෙන සිර්ර්ගේ වාර්තාවල සම්ප්‍රේෂණ දාමයන්හි පෙනී නොසිටින බැවින්, පසුකාලීන වාර්තාකරුවෙකු විසින් මෙම වාර්තාව වැරදීමකින් ඔහුට ආරෝපණය කළේ යැයි සිතීම අතිශයින් අසම්භාව්‍ය වේ. දෙවනුව, මෙම වාර්තාව තුළ, ඉබ්නු මස්ඌද් තුමා නබිතුමාණන්ගෙන් (ﷺ) අසන ලද ප්‍රශ්නය ගැන සඳහන් කරන්නේ තෙවන පාර්ශවීයවය (in the third person), එය උබෙයි තුමා ඍජුවම සිදුවීම විස්තර කරන සිර්ර්ගේ වාර්තාවට වඩා වෙනස් වේ. ඉස්නාද් (වාර්තාකරුවන්ගේ දාමය) සහ මත්න් (අන්තර්ගතය) පිළිබඳ මෙම නිරීක්ෂණ මගින් ප්‍රබල ලෙස යෝජනා කරන්නේ මෙම වාර්තාව ඉබ්නු මස්ඌද් තුමාට ආරෝපණය කිරීමේදී වාර්තාකරු අතින් වරදක් සිදුවී නොමැති බවයි.
මෙම වෙනස විශේෂයෙන්ම වැදගත් වන්නේ, “කුල්” යන වචනය ගැන නබිතුමාණන්ගෙන් (ﷺ) විමසා ඇති බව ඉබ්නු මස්ඌද් තුමා හුදෙක් දැන සිටියා පමණක් මිස එම සිදුවීම පෞද්ගලිකව දැක නොමැති බව එයින් ගම්‍ය වන බැවිනි. සිර්ර් විසින් උබෙයි තුමාගෙන් තොරතුරු දැනගෙන පසුව ඒවා ඉබ්නු මස්ඌද් තුමා සමඟ බෙදාගැනීමෙන්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් තුමාගේ ස්ථාවරයට එය බලපෑම් කරන්නට ඇතැයි සිතීම සාධාරණය. ඉන්පසුව සිර්ර් විසින් ඉබ්නු මස්ඌද් තුමාගේ සංශෝධිත අවබෝධය සහ මෙම වෙනසට තුඩු දුන් පසුබිම ද අනෙකුත් අයට ප්‍රකාශ කළේය.
එසේ වුවද, මෙම වාර්තාව හුදෙක් තහවුරු කිරීමක් (corroboration) ලෙස පමණක් ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ යුතුය. ඉබ්නු මස්ඌද් තුමා අල්-ෆලක් සහ අන්-නාස් යන සූරාවන් දෙකම “කුල්” යන වචනයෙන් ආරම්භ කරමින් පාරායනය කළ බවට, ඔහුට ආරෝපණය කරන ලද පුළුල් ලෙස සම්ප්‍රේෂණය වූ සියලුම කිරාආත් (qira’at – පාරායන විධි) මගින් දැනටමත් හොඳින් තහවුරු වී ඇත.
ඉබ්නු මස්ඌද් තුමා “කුල්” සම්බන්ධයෙන් සිය මතය ඉල්ලා අස්කර ගැනීම ඔහුගේ බුද්ධිමය අවංකභාවය (intellectual integrity) පිළිඹිබු කරයි. විවාහය පිළිබඳ නෛතික තීන්දුවක් වෙනස් කිරීමේදී පෙනෙන පරිදි, නිවැරදි කිරීමකදී ඔහු පහසුවෙන්ම තම අදහස් සංශෝධනය කළේය.[41] ඔහුගේ ප්‍රකාශය “අල් කුර්ආනයේ එක් අකුරක් හෝ ප්‍රතික්ෂේප කරන්නා එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත” [42] අල් කුර්ආනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ පරෙස්සම් සහගතභාවය අවධාරණය කරයි. මෙවැනි කරුණු සත්‍යාපනය කිරීමේදී ඔහු තුළ තිබූ උනන්දුව සැලකිල්ලට ගත් විට, නබිතුමාණන්ගේ (ﷺ) පැහැදිලි කිරීම පිළිබඳව දැනුම් දුන් පසු “කුල්” යන වචනය පිළිබඳ ඔහුගේ ස්ථාවරය වෙනස් කිරීම ඉතා ස්වාභාවික දෙයක් විය.
3.5 ඉබ්නු මස්ඌද් සහ අනිවාර්ය සලාතයන්හි (නැමදුම්වල) අල්-මුඅව්විදතයින් පාරායනය කිරීම
අබ්දුල් රහ්මාන් බින් යසීද්ගේ වාර්තාවේ ඉබ්නු මස්ඌද් තුමා සූරාවන් දෙක ඉවත් කිරීම ගැන සඳහන් වීමෙන් පසු ඇති විවිධ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ගත් කල, අල්-බිකාඊ අවධාරණය කළ පරිදි ඒවා “කුල්” යන වචනයට පමණක් යොමු වන ලෙස අර්ථකථනය කළ හැකිය. ඉබ්නු මස්ඌද් තුමාගේ “දෙකම” ඉවත් කිරීම හෝ ඔහු “දෙකම” පාරායනය නොකිරීම යන්න අදාළ වූයේ සූරාවන් දෙකේම ආරම්භයේ ඇති “කුල්” යන්නට පමණක් බව ඔහු සටහන් කළේය. කෙසේ වෙතත්, “ඉබ්නු මස්ඌද් ඒවා පාරායනය නොකරනු ඇත” (ව කාන අබ්දුල්ලාහ් ලා යක්රා’ බිහිමා) යන අල්කමාගේ ප්‍රකාශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම ප්‍රකාශය ඉබ්නු මස්ඌද් තුමාගේ ස්ථාවරය, ආරක්ෂාව පැතීමේ (තඅවුද් – ta‘udh) ප්‍රාර්ථනාවන් ලෙස සූරාවන්ගේ කාර්යභාරය සමඟ සම්බන්ධ කරයි, එමඟින් ඔහුගේ ස්ථාවරය “කුල්” යන වචනයට පමණක් සීමා නොවූ බව යෝජනා කරයි.
මෙම වාර්තාවේ ඒ පිළිබඳව එතරම් පැහැදිලි කිරීමක් සහ පසුබිමක් (context) නොමැති බව සලකන්න. කෙසේ වෙතත්, තවත් මුල් කාලීන මූලාශ්‍රයක් මගින් මෙය අනිවාර්ය සලාතයන් (නැමදුම්) සම්බන්ධයෙන් පමණක් අදාළ වූවක් බව අපට සහතික කරයි. මුකාතිල් බින් සුලෙයිමාන් (මිය ගියේ හිජ්රි 150/ ක්‍රි.ව. 767) සිය තෆ්සීර් ග්‍රන්ථයේ (අල් කුර්ආන් විවරණයේ) මෙසේ සටහන් කළේය.
وكان ابن مسعود لا يقرأ بهما فى المكتوبة.
ඉබ්නු මස්ඌද් තුමා අනිවාර්ය සලාතයන්හිදී (අල්-මක්තූබා) ඒවා පාරායනය නොකරනු ඇත.[43]
මෙම භාවිතය (practice) නබිතුමාණන්ගේ පූර්වාදර්ශය (Prophetic precedent) පිළිබඳ ඔහුගේ දැනුම මත පදනම් වූවක් බව පෙනේ. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව, නබිතුමාණන් (ﷺ) අනිවාර්ය ජමාඅත් සලාතයන්හිදී (එනම් ප්‍රසිද්ධියේ) අල්-මුඅව්විදතයින් පාරායනය කළේ කලාතුරකිනි, නැතහොත් එසේ පාරායනය කර නොමැත.
ෆජ්ර් සලාතය මෙහෙයවන අතරතුර නබිතුමාණන් (ﷺ) ඒවා පාරායනය කළ බවට උක්බා බින් ආමිර්ගෙන් ලැබෙන වාර්තාව අදාළ වන්නේ ඉබ්නු මස්ඌද් තුමා සහභාගී නොවූ ගමනකටය.[44] එලෙසම, ෆජ්ර් සලාතයේදී නබිතුමාණන් (ﷺ) සූරා අල්-ෆලක් පාරායනය කළ බවට වන මුආද්ගේ වාර්තාව ද ආරම්භ වන්නේ යුද ගමනකදීය (expedition).[45] මඝ්රිබ් සලාතය මෙහෙයවීමේ දී නබිතුමාණන් (ﷺ) අල්-මුඅව්විදතයින් පාරායනය කළ බවට ඉබ්නු උමර් තුමාට ආරෝපණය කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ගත් කල, එය සම්ප්‍රේෂණය වන්නේ අතිශය දුර්වල වාර්තාකරුවන්ගේ දාමයක් හරහාය.[46]
මෙය වැදගත් වන්නේ, අනිවාර්ය සලාතයන්හි දී නබිතුමාණන් (ﷺ) සූරාවන් දෙක පාරායනය කරනවා ඉබ්නු මස්ඌද් තුමා අසා නොතිබූ බව එයින් තහවුරු වන බැවිනි. එබැවින්, ඔහු ද එවැනි සලාතයන්හි දී ඒවා පාරායනය කිරීමෙන් වැළකී සිටියේය. “කුල්” යන වචනය සමඟ ඒවා පාරායනය කිරීමේදී ඔහුගේ මූලික පසුබට වීම ද එයින් පැහැදිලි විය හැකිය, සලාතයෙන් පිටතදී නබිතුමාණන්ගෙන් (ﷺ) ඔහු මෙම සූරාවන් අසා තිබිය යුතු වුවද, ඔහු එය වටහා ගන්නට ඇත්තේ “කුල්” යන වචනය ද නැවත පවසනවා වෙනුවට සූරාවන්ගේ ඊළඟ වචන පාරායනය කිරීමට දුන් උපදෙසක් ලෙස පමණක් විය හැකිය.
දශක කිහිපයක් යනතුරු කූෆාවෙහි හෝ ජමාඅත් සලාතයන්හිදී (congregational prayers) අල්-මුඅව්විදතයින් ශබ්ද නඟා පාරායනය කිරීම සුලභ නොවූ බව සඳහන් කිරීම වටී. පහත සම්ප්‍රදායෙන් මෙය පැහැදිලි වේ;
عن إبراهيم، قال: أول من جهر بالمعوذتين في [الصلاة] المكتوبة ابن زياد.
ඉබ්‍රාහීම් [අල්-නකාඊ] මෙසේ පැවසීය: “අනිවාර්ය සලාතයන්හි දී පළමුවරට අල්-මුඅව්විදතයින් ශබ්ද නඟා පාරායනය කළ පුද්ගලයා වන්නේ [‘උබෛදුල්ලාහ්] ඉබ්නු සියාද්ය.”[47]
මේ ගැන අදහස් දක්වමින් ඉබ්නු කසීර් තුමා මෙසේ පැවසීය:
عني والله أعلم في الكوفة، فإن ابن مسعود كان لا يكتبهما في مصحفه، وكان فقهاء الكوفة يأخذون عن كثير من أصحابه والله أعلم
අල්ලාහ් වඩාත් හොඳින් දනී, එය බොහෝ විට කූෆාවට අදාළ වන්නට ඇත, මන්ද ඉබ්නු මස්ඌද් තුමා ඒවා ඔහුගේ මුස්හෆ් පිටපතේ නොලියූ අතර, කූෆාවේ ඉස්ලාමීය නීතිවේදීන් (jurists) ඔහුගේ ශිෂ්‍යයන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ බැවිනි. අල්ලාහ් වඩාත් හොඳින් දනී.[48]
එලෙසම, බස්රාහි හන්සලා අල්-සදූසි, ඉක්‍රිමා වෙත දන්වා සිටියේ, අනිවාර්ය මඝ්රිබ් සලාතයේදී ඔහු අල්-මුඅව්විදතයින් පාරායනය කිරීමට මිනිසුන් විරුද්ධ වූ බවයි. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉක්‍රිමා ඔහුව සනසමින් මෙසේ පැවසීය, “එහි ඇති වරද කුමක්ද? ඒවා පාරායනය කරන්න, මන්ද ඒවා අල් කුර්ආනයට අයත් වේ.”[49] කෙසේ වෙතත්, ඔහුගේ පිළිතුරෙන් සලාතයේදී ඒවා පාරායනය කිරීම සඳහා නබිතුමාණන්ගේ පූර්වාදර්ශයක් පිළිබඳ අවබෝධයක් ඇති බවක් පෙන්නුම් නොකරයි.
තවද, ඉරාක දෙකින් (කූෆා සහ බස්රා නගර වලින්) පිටතදී ද, සලාතයන්හි අත්‍යවශ්‍ය පාරායනයක් ලෙස මෙම සූරාවන් දෙක පමණක් ප්‍රමාණවත් යැයි සෑම විටම සලකා නොමැත. අපට දැනගන්නට ලැබෙන්නේ:
أن مجاهدا كان يكره أن يقرأ بالمعوذات وحدها حتى يجعل معها سورة أخرى.
මුජාහිද් මුඅව්විදාත් පමණක් තනිව පාරායනය කිරීමට අකමැති වූ අතර ඒ සමඟ තවත් සූරාවක් සම්බන්ධ කිරීමට කැමැත්තක් දැක්වීය.[50]
මෙය උපුටා දක්වමින් අල්-බාකිල්ලානි තුමා නිවැරදිව පෙන්වා දෙන්නේ, මුජාහිද්ගේ භාවිතය අල්-මුඅව්විදතයින් හි අල් කුර්ආනික තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් අඟවන්නේ නැතිවා සේම, ඉබ්නු මස්ඌද් තුමා අනිවාර්ය සලාතයන්හිදී ඒවා අත්හැරීමෙන් ද එවැනි අදහසක් (කුර්ආනයෙන් පිටත බවක්) යෝජනා නොකරන බවයි.[51]
3.6 ඉබ්නු මස්ඌද් සහ අල්-මුඅව්විදතයින් හි සුවිශේෂී ගුණාංග (Virtues)
ඉබ්නු මස්ඌද් තුමා අල්-මුඅව්විදතයින් සූරාවන් දෙක අල් කුර්ආනයේ කොටසක් ලෙස පිළිගත් බවට, සූරාවන් දෙකෙහි ඇති සුවිශේෂී ගුණාංග පිළිබඳව අල්-දයිලමී (මිය ගියේ හිජ්රි 509/ ක්‍රි.ව. 1115) විසින් ඔහුගෙන් (ඉබ්නු මස්ඌද් තුමාගෙන්) වාර්තා කරන ලද නබිවදනක් (Prophetic statement) සාක්ෂි දරයි. එම හදීසය එහි පසුකාලීන වාර්තාකරුවන්ගේ දාමය (isnad) සමඟ පහතින් දක්වා ඇත.
حدثنا إسحاق بن أبي إسرائيل عن محمد بن جابر عن حماد عن إبراهيم عن علقمة عن ابن مسعود قال: قال رسول الله صلى الله عليه وسلم: “استكثروا من النورين (أو: السورتين) يبلغكم الله بهما في الآخرة، المعوذتين ينوران القبر، ويطردان الشيطان، ويزيدان في الحسنات والدرجات، يثقلان الميزان، ويدلان صاحبهما إلى الجنة.”
ඉස්හාක් බින් අබි ඉස්රාඊල්, මුහම්මද් බින් ජාබිර් හරහා ද, ඔහු හම්මාද් හරහා ද, ඔහු ඉබ්‍රාහීම් හරහා ද, ඔහු අල්කමා හරහා ද, ඉබ්නු මස්ඌද් තුමාගෙන් වාර්තා කළේය: අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) මෙසේ පැවසූහ: “ආලෝකයන් දෙක (හෝ: සූරාවන් දෙක) බහුල ලෙස පාරායනය කරන්න, මන්ද ඒ දෙක මඟින් අල්ලාහ් මතු ලොවෙහි (ආඛිරත්හි) ඔබව උසස් කරනු ඇත. අල්-මුඅව්විදතයින් මිනීවළ (කබ්රය) ආලෝකමත් කරයි, ෂෙයිතාන්ව පලවා හරියි, යහකම් (හසනාත්) සහ තරාතිරම් (දර්ජාත්) වැඩි කරයි, (ක්‍රියාවන් මනින) තරාදිය බර කරයි, සහ ඒවා පාරායනය කරන්නා ස්වර්ගය (ජන්නත්) කරා යොමු කරයි.”[52]
අල්-දයිලමීගේ කෘතියේ එන දුර්ලභ වාර්තා (ගරීබ් – gharaib) පිළිබඳ සිය තේරීම් තුළ මෙය උපුටා දක්වමින්, ඉබ්නු හජර් තුමා පෙන්වා දෙන්නේ මෙහි මුහම්මද් බින් ජාබිර් [අල්-යමාමී] නම් වාර්තාකරුවෙකු ඇතුළත් වන බවයි. මුහම්මද් බින් ජාබිර් සාමාන්‍යයෙන් විවේචනයට ලක් වූවෙකු වුවද, ඉබ්නු අදී ඉස්මතු කරන්නේ මෙහි දක්නට ලැබෙන පරිදි ඉස්හාක් බින් අබි ඉස්රාඊල්ගෙන් ඔහු කළ වාර්තා, යහපත් යැයි සැලකෙන වාර්තාවල ලිඛිත සංග්‍රහයක් (කිතාබ් අහාදීස් සාලිහා) මත පදනම් වූ ඒවා බවයි. මීට අමතරව, ඉස්හාක් විසින්ම ඔහුව ඉහළින් අගය කළ අතර ප්‍රමුඛ විද්වතුන් ද ඔහුගෙන් හදීස් වාර්තා කර ඇත.[53] ඉබ්නු හජර් තුමා අමතර අදහස් දැක්වීමකින් තොරව මෙම දාමයේ ඔහුගේ පැවැත්ම පමණක් සටහන් කිරීමට හේතුව සමහරවිට මෙය විය හැකිය.[54]
මෙම වාර්තාව දුර්ලභ සහ වෙනත් වාර්තා මගින් තහවුරු නොවූ (ගරීබ් – gharib) එකක් වුවද, එය වැදගත් වේ. මන්දයත්, එය අල්-මුඅව්විදතයින් සූරාවන් හුදෙක් ආරක්ෂාව පතා පවසන ප්‍රාර්ථනාවන්ගෙන් ඔබ්බට ගෙන යන අතර, එහි විශ්වසනීයත්වයට හානි පමුණුවන අතිශයෝක්ති පූර්ණ ත්‍යාගයන් (hyperbolic rewards) ඒ සඳහා ආරෝපණය නොකරයි. එමෙන්ම, ඉබ්නු මස්ඌද් තුමා ඒවා අල් කුර්ආනයේ කොටසක් ලෙස පිළිගත් බව මෙයින් තවදුරටත් තහවුරු වේ.
4. අල්-ෆාතිහා සහ අල්-මුඅව්විදතයින් සූරාවන් සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් තුමාගේ ක්‍රියාකලාපය අතර සංසන්දනය
අල්-ෆාතිහා සූරාවේ අල් කුර්ආනික තත්ත්වය කිසිවිටෙකත් ප්‍රශ්නයකට ලක් නොවූ බැවින්, එය ලිවීම පිළිබඳ ඉබ්නු මස්ඌද් තුමාගේ ස්ථාවරය අල්-මුඅව්විදතයින් පිළිබඳ ඔහුගේ ස්ථාවරය හා සමාන නොකළ යුතු යැයි තර්ක කළ හැකිය. ඊට වෙනස්ව, අල්-මුඅව්විදතයින් පිළිබඳ ඔහුගේ අදහස සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔහුගේ ශිෂ්‍යයන් කිහිප දෙනෙකුම ඒවා අල් කුර්ආනයට අයත් බව ස්ථිරව ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබූ බවයි.
عن إبراهيم ، قال : قلت للأسود : من القرآن هما ؟ قال : نعم ، يعني المعوذتين.
ඉබ්‍රාහීම් [අල්-නකාඊ] මෙසේ පැවසීය: මම අල්-අස්වද් වෙතින්, “ඒවා අල් කුර්ආනයේ කොටසක් ද?” යනුවෙන් අල්-මුඅව්විදතයින් සූරාවන් ගැන විමසුවෙමි. ඔහු “ඔව්” කියා පිළිතුරු දුන්නේය.[55]
එලෙසම, අල්-ෂඅ්බීට ද ඒවා අල් කුර්ආනයේ කොටසක් බව ප්‍රකාශ කිරීමට සිදු විය.[56]
මෙයට පිළිතුරු වශයෙන්, අල්-මුඅව්විදතයින් හි තත්ත්වය තරමක් වෙනස් වූ බව සටහන් කිරීම ප්‍රමාණවත් ය. මන්දයත් ඉබ්නු මස්ඌද් තුමා මුලදී ඒවායේ ආරම්භක වචනය වන “කුල්” යන්නෙහි අල් කුර්ආනික තත්ත්වය පිළිබඳව සැක කළ බැවිනි. මෙම ව්‍යාකූලත්වය නිරාකරණය වූයේ සිර්ර් විසින් උබෙයි තුමාගෙන් විමසා, නබිතුමාණන්ගේ (ﷺ) පැහැදිලි කිරීම ඉබ්නු මස්ඌද් තුමා වෙත දන්වා සිටීමෙන් පසුවය. කෙසේ වෙතත්, මෙය සූරාවන් දෙක පිළිබඳ ඔහුගේ ස්ථාවරය ගැන වැරදි වැටහීම් ඇති වීමට හේතු විය. මෙම ව්‍යාකූලත්වය කෙටි කාලීන වූ අතර එය පැහැදිලි කරනු ලැබුව ද, ඔහුගේ ස්ථාවරය වෙනස් එකක්ය යන මතය සමාජගත විය. මීට අමතරව, අනිවාර්ය සලාතයන්හි දී මෙම සූරාවන් පාරායනය නොකිරීමේ නබි පූර්වාදර්ශයට ඉබ්නු මස්ඌද් තුමා අනුකූල වීම මෙම මතභේදය තවදුරටත් දැඩි කළේය. එසේ වුව ද, ගැටලුවේ මූලය තිබුණේ අල්-ෆාතිහා සූරාව සම්බන්ධයෙන් කළාක් මෙන්, ඒවා ද ලේඛනගත නො කිරීමට ඔහු ගත් තීරණය තුළය.
අල්-ෆලාක් සහ අන්-නාස් සූරාවන්ගේ අල් කුර්ආනික තත්ත්වය ගැන අල්-අස්වද්ගෙන් ඇසූ අල්-නකාඊ, අල්-ෆාතිහා සූරාව ගැන ද ඒ ආකාරයෙන්ම විමසා තිබීමෙන් මෙම අදහස තවදුරටත් තහවුරු වේ. අල්-සුයූතී තුමා සටහන් කරන පරිදි ‘අබ්ද් බින් හුමෛද් ඔහුගේ තෆ්සීර් ග්‍රන්ථයේ මෙසේ වාර්තා කර ඇත:
عن إبراهيم قال : سألت الأسود عن فاتحة الكتاب أمن القرآن هي قال : نعم.
ඉබ්‍රාහීම් [අල්-නකාඊ] මෙසේ පැවසීය: මම අල්-අස්වද්ගෙන් ෆාතිහතුල් කිතාබ් (අල්-ෆාතිහා සූරාව) ගැන, “එය අල් කුර්ආනයට අයත් එකක් ද?” කියා විමසුවෙමි. ඔහු “ඔව්” කියා පිළිතුරු දුන්නේය.[57]
එලෙසම, අබු අල්-ෆලුලුද්දීන් අල්-රාසී ද මෙම අවස්ථා දෙකම සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් තුමාගේ පිළිතුරු වාර්තා කරන අතර, ඔහුගේ තක්සේරුව අනුව මෙම අවස්ථා දෙකම එකිනෙකට ඉතා සමීප බව තහවුරු කරයි. අල්-ෆාතිහා සූරාව ගැන ඔහු පැවසුවේ:
ما علمت أحدا ينسى فاكتب
එය ලේඛනගත කිරීමට සිදුවන තරමට කිසිවෙකු එය අමතක කරනු ඇතැයි මම නොදනිමි. [58]
අල්-මුඅව්විදතයින් සූරාවන් සම්බන්ධයෙන් ඔහු පැවසුවේ:
صارتا عوذة كالعاذة فلا تنسى
මෙම දෙක අනෙකුත් ආරක්ෂක ප්‍රාර්ථනාවන් මෙන් වී ඇති බැවින් ඒවා අමතක නොවේ. [59]
ඉබ්නු මස්ඌද් තුමා සිය මුස්හෆ් පිටපතෙන් අල්-ෆාතිහා සූරාව ඉවත් කිරීමේ බලපෑම (implications) සමඟ ඉබ්නු කුතයිබා ආයාස ගැනීමට හේතුව ඉහත වාර්තාවලින් පැහැදිලි වේ. අල්-මුඅව්විදතයින් සූරාවන් හුදෙක් ප්‍රාර්ථනාවන් පමණක් ය යන වැරදි විශ්වාසයක් නිසා ඉබ්නු මස්ඌද් තුමා ඒවා ඉවත් කළ බව ඔහු පහසුවෙන් පිළිගත්ත ද, අල්-ෆාතිහා සූරාව සම්බන්ධ ප්‍රකාශය ගැන ඔහු සැක කළේය. ඔහු තර්ක කළේ එතුමා වැනි ඉහළ පෙළේ විද්වතෙකුට එහි අල් කුර්ආනික තත්ත්වය ගැන නොදැන සිටිය නොහැකි බවයි. මෙය එකඟතාවයකට පත් කිරීම සඳහා ඔහු යෝජනා කළේ අල්-ෆාතිහා සූරාව සුරැකීම පිළිබඳව කිසිදු බියක් නොතිබූ බැවින්, එය ලිවීමේ අවශ්‍යතාවයක් ඉබ්නු මස්ඌද් තුමා නොදුටු බවයි.[60] ඉබ්නු කුතයිබා මෙම තර්කයම අල්-මුඅව්විදතයින් සඳහා ද අදාළ කළේ නම්, ඔහු සිය හදිසි නිගමනය නැවත සලකා බලන්නට ඉඩ තිබුණි.
අල්-ෆාතිහා සහ අල්-මුඅව්විදතයින් සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් තුමාගේ ක්‍රියාකලාපය සැබවින්ම එකම ආකාරයේ වූ බවට වන මුල් කාලීන තහවුරු කිරීමක්, සඊද් බින් බෂීර් (මිය ගියේ හිජ්රි 169/ ක්‍රි.ව. 786) විසින් වාර්තා කරන ලද කතාදා (මිය ගියේ හිජ්රි 118/ ක්‍රි.ව. 736) ගේ ප්‍රකාශයකින් ද හමු වේ:
وحدثنا قتادة: أنّ هاتين السورتين }الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ{ والمعوذتين، ليس هو في مصحف عبد الله بن مسعود، وكان ابن مسعود يقرؤها.
කතාදා අපට මෙසේ පැවසීය: “අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්…” (අල්-ෆාතිහා) සහ අල්-මුඅව්විදතයින් යන සූරාවන් අබ්දුල්ලාහ් බින් මස්ඌද් තුමාගේ මුස්හෆ් පිටපතෙහි නොතිබුණි; කෙසේ වෙතත්, ඉබ්නු මස්ඌද් තුමා ඒවා පාරායනය කරමින් සිටියේය.”[61]
මෙය අල්-ෆාතිහා සහ අල්-මුඅව්විදතයින් වඩාත් නිරන්තරයෙන් පාරායනය කරන ලද සූරාවන් අතර විය යන ප්‍රායෝගික යථාර්ථය සමඟ සමපාත වේ. අල්-ෆාතිහා සූරාව දෛනික සලාතයන්හි අත්‍යවශ්‍ය කොටසක් විය. එමෙන්ම, අල්-මුඅව්විදතයින් සූරාවන් සෑම සලාතයකටම පසුව, උදෑසන සහ සවස් කාලයේදී, නින්දට පෙර, අවදි වූ පසු සහ අනතුරුදායක අවස්ථාවන්හිදී එනම් තද සුළඟින් සහ අඳුරෙන් ආරක්ෂාව පතන විට, රෝගාබාධවලින් සුවය ලබන විට හෝ විෂ සහිත සතුන් දෂ්ට කළ විට පවා පාරායනය කරනු ලැබීය.[62]
ඒවා බහුල ලෙස පාරායනය කිරීම හේතුවෙන්, කටපාඩම් කිරීම ස්ථිරවම තහවුරු වී තිබූ අතර, ඉබ්නු මස්ඌද් තුමා ඒවා සිය මුස්හෆ් පිටපතේ සටහන් කිරීමේ අවශ්‍යතාවක් නොදැකීමට හේතුව එයින් පැහැදිලි විය හැකිය. මෙය අල් කුර්ආනය සුරැකීමේ පුළුල් යථාර්ථය පිළිඹිබු කරයි; නබිතුමාණන් (ﷺ) ම වාර්තා කළ පරිදි අල්ලාහ් එතුමාට මෙසේ පවසා ඇත: “මම ඔබ වෙත වතුරෙන් සේදී යා නොහැකි ග්‍රන්ථයක් පහළ කළෙමි; ඔබ එය නිදා සිටින විට සහ අවදියෙන් සිටින විට පාරායනය කරනු ඇත” (ව අන්සල්තු අලෛක කිතාබන් ලා යඝ්සිලුහුල් මා’, තක්රඋහු නාඉමන් ව යක්ශාන්).[63] මෙම ප්‍රකාශය මඟින් අවධාරණය කරන්නේ අල් කුර්ආනය මූලික වශයෙන් සුරැකුණේ භෞතිකව ලේඛනගත කිරීම මත නොව, මතකය තුළ බවයි.
5. මෙම සාකච්ඡාව වැදගත් වන්නේ ඇයි?
අවසාන වශයෙන්, දහස් සංඛ්‍යාත සහාබාවරුන් (නබි සගයන්) අතරින් එක් අයෙකු පමණක් වූ ඉබ්නු මස්ඌද් තුමාගේ ස්ථාවරය ගැන මෙතරම් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ ඇයිදැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. ඔහු නිසැකවම ප්‍රවීණ පාරායනය කරන්නෙකු සහ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වුවද, ඔහු ද වැරදි සිදුවිය හැකි මිනිසෙකු විය. එසේ නම් මෙම වාර්තා එලෙසින්ම (at face value) පිළිගෙන ඉදිරියට නොයන්නේ මන්ද? එවැනි සරල ප්‍රවේශයක් වැළැක්වීමට සහ මේ පිළිබඳව වඩාත් ගැඹුරු පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ප්‍රධාන හේතු සාධක දෙකක් බලපායි.
පළමුවැන්න නම්, නබිතුමාණන් (ﷺ) දක්වා දිවෙන, පුළුල් ලෙස සම්ප්‍රේෂණය වූ පාරායන විධි (කිරාආත් – qirā’āt) කිහිපයකටම ඉබ්නු මස්ඌද් තුමාගේ පාරායනය පදනම් වී තිබීමයි. ඉබ්නු මස්ඌද් තුමා හා සම්බන්ධ වන ආසිම්, හම්සා, අල්-කිසාඊ සහ කලෆ් යන විද්වතුන්ගේ සම්භාව්‍ය (canonical) පාරායනයන් සඳහා අල්-මුඅව්විදතයින් සූරාවන් ඇතුළත් වේ.[64] විද්වතුන්ගේ පොදු එකඟතාවය අනුව, ඉස්ලාමීය ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ ඇති ශක්තිමත්ම සම්ප්‍රේෂණ දාමයන් ලෙස ‘කිරාආත්’ හි දාමයන් සැලකෙන බැවින්,[65] ඉබ්නු මස්ඌද් තුමා අල්-ෆාතිහා සහ අල්-මුඅව්විදතයින් සූරාවන් අල් කුර්ආනයේ කොටසක් ලෙස පාරායනය කළා පමණක් නොව, එය එලෙසින්ම සම්ප්‍රේෂණය ද කළ බව මෙයින් ස්ථිර වේ.
ඉබ්නු මස්ඌද් තුමාගේ ශිෂ්‍යයන් අල්-මුඅව්විදතයින් සූරාවන් වෙනත් සහාබාවරුන්ගෙන් ලබාගන්නට ඇතැයි යෝජනා කිරීම, අනවශ්‍ය සැකයක් (undue skepticism) ඇති කිරීමක් හෝ සම්ප්‍රේෂණය මත පදනම් වූ ඉස්ලාමීය ශාස්ත්‍රීය ක්‍රමවේදයේ මූලධර්ම නොසලකා හරිමින් කරනු ලබන අධි-සරලීකරණයකි (oversimplification).
අල්-කුර්තුබී විසින් සඳහන් කරන ලද පරිදි, අල්-කත්තාබී (මිය ගියේ හිජ්රි 388/ ක්‍රි.ව. 998) ප්‍රවීණ පාරායනය කරන්නන් ගැන පවසමින් මෙය මෙසේ අවධාරණය කළේය:
وكل منهم قد عزا قراءته التي اختارها إلى رجل من الصحابة قرأها على رسول الله صلى الله عليه وسلم، لم يستثن من جملة القرآن شيئا، فأسند عاصم قراءته إلى علي بن أبي طالب وعبدالله بن مسعود رضي الله عنهما.
“ඔවුන්ගෙන් සෑම කෙනෙකුම තමන් තෝරාගත් පාරායනය, අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) ඉදිරියේ එය පාරායනය කළ සහාබා සගයෙකු වෙත සම්බන්ධ කළ අතර, මුළු අල් කුර්ආනයෙන් කිසිවක් බැහැර කළේ නැත. ඒ අනුව ආසිම් සිය පාරායනය අලි බින් අබි තාලිබ් සහ අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හුමා) යන මහත්වරුන් වෙත සම්බන්ධ විය…”[66]
මෙයින් සනාථ වන්නේ ‘කිරාආත්’ සම්ප්‍රේෂණය සම්බන්ධ කිරීම යනු අහඹු ලෙස ලබාගැනීමේ ක්‍රියාවලියක් නොව, ගුරුවරයාගෙන් ලැබුණු දේ ඉතා නිරවද්‍යව රැකගත්, අත්තනෝමතික ලෙස සම්බන්ධ කිරීම්, හැරදැමීම් හෝ එකතු කිරීම්වලට ඉඩක් නොතැබූ දැඩි ලෙස සුරැකි සම්ප්‍රදායක් බවයි. එබැවින්, ඉබ්නු මස්ඌද් තුමා නියෝජනය කරමින් පාරායන සම්ප්‍රේෂණය කළ ඔහුගේ ශිෂ්‍යයන්, අල්-මුඅව්විදතයින් සූරාවන් ඔහු හරහා ඉගෙන ගන්නවා වෙනුවට වෙනත් මූලාශ්‍රවලින් ඉගෙන ගන්නට ඇතැයි යන මතය මෙය ඍජුවම ප්‍රතික්ෂේප කරයි.
දෙවැන්න නම්, ඉහත සාකච්ඡා කළ පරිදි, අල්-මුඅව්විදතයින් පිළිබඳ සැකය ඉබ්නු මස්ඌද් තුමා වෙත පැවරීමට ඇති මූලික පදනම වන උබෙයි තුමා හරහා එන සිර්ර්ගේ වාර්තාව කිසිසේත්ම තීරණාත්මක (definitive) නොවීමයි. එහි මතුපිටින් පෙනෙන අර්ථය, ඉබ්නු මස්ඌද් තුමා ගැන පුළුල් ලෙස පිළිගත් කරුණ සමඟ සමපාත නොවන බැවින් එය නැවත සලකා බැලිය යුත්තකි.
මෙම කරුණු දෙකම එකට ගෙන සලකා බැලීම අත්‍යවශ්‍ය වන අතර, අල්-මුඅව්විදතයින් පිළිබඳ ඉබ්නු මස්ඌද් තුමාගේ අදහස පොදුවේ පිළිගත් ස්ථාවරයට පටහැනි වූවක්ය යන පොදු උපකල්පනය (common-place assumption) එමඟින් දුරු කරලයි.
6. විද්වතුන්ගේ දෘෂ්ටිකෝණයන් සහ අවසාන විග්‍රහය
මුල් කාලීන විද්වතුන් වටහාගෙන සිටියේ ඉබ්නු මස්ඌද් තුමා මෙම සූරාවන් සිය පිටපතට ඇතුළත් නො කිරීම ලේඛනගත කිරීම පිළිබඳ ගැටලුවක් (matter of documentation) මිස ඒවා ප්‍රතික්ෂේප කිරීමක් (denial) නොවන බවයි. කලින් සඳහන් කළ පරිදි, කතාදා (මිය ගියේ හිජ්රි 117/ ක්‍රි.ව. 735) පැහැදිලිවම ප්‍රකාශ කළේ ඉබ්නු මස්ඌද් තුමා ඒවා ලේඛනගත නො කළද පාරායනය කළ බවයි. කෙසේ වෙතත්, පසුකාලීන සමහර විද්වතුන් මෙම ගැටලුව වෙනස් ආකාරයකට හඳුන්වා දුන්හ සුෆ්යාන් බින් උයෙයිනා (මිය ගියේ හිජ්රි 198/ ක්‍රි.ව. 814), ඉබ්නු කුතයිබා (මිය ගියේ හිජ්රි 276/ ක්‍රි.ව. 889) සහ අල්-බස්සාර් (මිය ගියේ හිජ්රි 292/ ක්‍රි.ව. 905) තර්ක කළේ, මෙම සූරාවන් වෙනත් අරමුණු (ආරක්ෂාව පැතීම වැනි) සඳහා නියම කර තිබීම හේතුවෙන්, ඉබ්නු මස්ඌද් තුමා ඒවායේ අල් කුර්ආනික තත්ත්වය නිසි ලෙස අගය නොකිරීම නිසා මෙම හැරදැමීම සිදුවූ බවත්, මේ සම්බන්ධයෙන් ඔහු අනෙකුත් සහාබාවරුන්ගේ මතයට පටහැනිව සිටි බවත්ය.[67] පූර්ව-නූතන යුගයට අයත් අල්-ආලූසී (මිය ගියේ හිජ්රි 1270/ ක්‍රි.ව. 1854) ද, ඉබ්නු මස්ඌද් තුමා ඒවා ප්‍රතික්ෂේප කළේය යන මතය ආරෝපණය කිරීම විශාල ගැටලුවක් ලෙස නොදකිමින්, විද්වතුන්ගේ පොදු එකඟතාවයට (consensus) පක්ෂව මෙම සාකච්ඡාව අවසන් කළේය.[68]
යසීද් ඉබ්නු හාරූන් (මිය ගියේ හිජ්රි 206/ ක්‍රි.ව. 821) ගෙන් ඉබ්නු මස්ඌද් තුමාගේ මෙම ස්ථාවරය ගැන විමසූ විට, ඔහු ප්‍රකාශ කළේ එතුමා මිය යන තෙක්ම මුළු අල් කුර්ආනය ම ඉගෙන ගෙන නොතිබූ බව යෝජනා කරමින් එම මතභේදය බැහැර කළ බවයි.[69] මෙම ප්‍රකාශය ගැටලු සහගත වුවද, ප්‍රමුඛ සහාබා සගයෙකු අල් කුර්ආනයේ කිසිදු කොටසක් ප්‍රතික්ෂේප කළ බව පිළිගැනීමට ඇති ස්වාභාවික අකමැත්ත එයින් පිළිඹිබු වේ.
අල්-බුහාරි (මිය ගියේ හිජ්රි 256/ ක්‍රි.ව. 870) ද මෙහි ගම්‍යතාවය ගැටලුසහගත බව දුටු බවක් පෙනේ, ඔහු සිය ග්‍රන්ථයට ඇතුළත් කළ සිර්ර්-උබෙයි වාර්තාවේ අනුවාදයක, ඉබ්නු මස්ඌද් තුමාගේ ස්ථාවරය ඍජුව ප්‍රකාශ කරන වචන වෙනුවට අපැහැදිලි වාක්‍ය ඛණ්ඩයක් (“මෙන්න මේ වගේ” / kadha wa kadha) යොදා තිබුණි, එමඟින් එහි ඍජු වචන භාවිතය පිළිබඳව සැකයක් මතු කරයි. මුහම්මද් අව්වාමා (උපත 1940) පෙන්වා දී ඇත්තේ අල්-බුහාරි විසින්ම මෙම කරුණ මනසේ තබාගෙන අදාළ වාර්තාව සංස්කරණය කළ බවයි.[70] කෙසේ වෙතත්, වෙනත් මූලාශ්‍ර ද මෙම සම්ප්‍රදාය ඒ හා සමානව වාර්තා කරන බැවින් එම නිරීක්ෂණය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන නමුත්,[71] අල්-බුහාරි සිය හදීස් තේරීම් ඉතා ප්‍රවේශමෙන් සිදු කිරීම හරහා සූක්ෂ්ම අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ බැවින් එම පුළුල් අදහස තවදුරටත් වලංගු වේ.[72]
‘කිතාබ් අල්-මබානි ලි නස්ම් අල්-මආනි’ හි කර්තෘ අල්-ආසිමි අල්-කුරසානි (මිය ගියේ ක්‍රි.ව. 1058 පමණ),[73] අබු ෆද්ල් අල්-රාසි (මිය ගියේ හිජ්රි 454/ ක්‍රි.ව. 1062) [74] සහ අල්-බෛහකි (මිය ගියේ හිජ්රි 458/ ක්‍රි.ව. 1066) [75] ඇතුළු තවත් අය යෝජනා කළේ, මෙම හැරදැමීම හුදෙක් ඔහුගේ මුස්හෆ් පිටපතෙහි ලේඛනගත කිරීම පිළිබඳ කරුණක් මිස ප්‍රතික්ෂේප කිරීමක් නොවන බවයි. අල්-ෆාතිහා සූරාව ලිවීම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ප්‍රවේශය ද මෙම පැහැදිලි කිරීම තහවුරු කරයි.
මෙම ගැටලුව ඥානවිභාගාත්මකව (epistemologically) ප්‍රවේශ කළ අල්-බාකිල්ලානි තර්ක කළේ, හුදෙකලා වාර්තාවල (isolated reports) ඇති අපැහැදිලිභාවයට වඩා ‘කිරාආත්’ (qira’at) හි අතිමහත් සම්ප්‍රේෂණයට ප්‍රමුඛතාවය ලැබෙන බවයි. මෙම ව්‍යාකූලත්වය සඳහා ඔහු පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කළේය.[76] මේ අතර, මක්කි ඉබ්නු අබි තාලිබ් විසින් සිර්ර්-උබෙයි වාර්තාව විවේචනාත්මකව පරීක්ෂා කර පෙන්වා දුන්නේ, ඉබ්නු මස්ඌද් තුමා අල්-මුඅව්විදතයින් සූරාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය යන පොදු උපකල්පනයට එම වාර්තාව සහය නොදක්වන බවයි. ඉබ්නු හස්ම් (මිය ගියේ හිජ්රි 456/ ක්‍රි.ව. 1064) සහ අල්-නනවී (මිය ගියේ හිජ්රි 676/ ක්‍රි.ව. 1277) යන විද්වතුන්, ඉබ්නු මස්ඌද් තුමාගේ පුළුල් ලෙස සම්ප්‍රේෂණය වූ පාරායනයට මෙම සූරාවන් ඇතුළත් වී තිබීමේ සැබෑ කරුණ සමඟ සසඳමින්, මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම බැහැර කළහ.[77] තමන්ට පෙර සිටි අල්-තහාවී මෙන්ම, ඉබ්නු හජර් තුමා ද මෙහි ඇති අපැහැදිලි බව පිළිගත්ත ද, එහි ගම්‍යතාවන් පිළිබඳව සම්පූර්ණයෙන් ගවේෂණය කළේ නැත. ඒ වෙනුවට, ඔහු මුල් කාලීන මතයන් එලෙසින්ම (face value) ගෙන ඒවා සමගි කිරීමට උත්සාහ කළ අතර, එමඟින් පසුකාලීන විද්වතුන් බොහෝ දෙනෙකු ද එම ප්‍රවේශයම අනුගමනය කිරීමට පෙළඹුණි.[78]
ඉරාකයේ අල්-බාකිල්ලානි සහ ඇන්ඩලූසියාවේ මක්කි බින් අබි තාලිබ්ගේ මතයන් මත පදනම් වෙමින්, දමස්කස්හි අල්-බිකාඊ විසින් තීරණාත්මක තොරතුර නිවැරදිව පෙන්වා දුන්නේය: එනම් සිර්ර්-උබෙයි වාර්තාවෙන් යෝජනා වූයේ ඉබ්නු මස්ඌද් තුමාගේ ගැටලුව පැවතියේ “කුල්” (පවසන්න) යන වචනය සම්බන්ධයෙන් මිස සූරාවන් ම සම්බන්ධයෙන් නොවන බවයි. මෙම නොසලකා හැරීම නිසා, ඉස්මාඊල් බින් මුස්ලිම් (මිය ගියේ හිජ්රි 150 න් පසු) ගෙන් එන වැදගත් වාර්තාවක් බොහෝ දෙනෙකුට මඟ හැරීමට හේතු විය. එම වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ “කුල්” සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් තුමා තුළ තිබූ පසුබට වීම පසුව ඔහු විසින්ම ඉල්ලා අස්කර ගත් (retracted) බවයි. මෙය වාර්තා අතර ඇති ප්‍රතිවාදී ස්වභාවය සහ මෙම සූරාවන් ස්ථිර කරන මැනවින් තහවුරු වූ ‘කිරාආත්’ සම්ප්‍රදායන් අතර පවතින ගැටලුව සම්පූර්ණයෙන් විසඳාලයි.
ඉබ්නු කසීර් (මිය ගියේ හිජ්රි 774/ ක්‍රි.ව. 1373) එවැනි මතය ඉල්ලා අස්කර ගැනීමක හැකියාව ගැන අපැහැදිලි ලෙස ඉඟි කළද,[79] ඉස්මාඊල් බින් මුස්ලිම්ගේ වාර්තාව සමඟින් මෙම කරුණ සම්පූර්ණයෙන්ම පැහැදිලි කළේ අල්-බිකාඊගේ විග්‍රහයයි. කෙසේ වෙතත්, අවසාන වශයෙන් අල්-නනවීගේ ප්‍රකාශය තීරණාත්මකව පවතී:
أجمع المسلمون على أن المعوذتين والفاتحة وسائر السور المكتوبة في المصحف قرآن وأن من جحد شيئا منه كفر وما نقل عن ابن مسعود في الفاتحة والمعوذتين باطل ليس بصحيح عنه. قال ابن حزم في أول كتابه المحلي: هذا كذب على ابن مسعود موضوع وإنما صح عنه قراءة عاصم عن زر عن ابن مسعود وفيها الفاتحة والمعوذتان
“මුස්ලිම්වරුන් ඒකමතිකව එකඟ වී ඇත්තේ මුඅව්විදතයින්, අල්-ෆාතිහා සහ මුස්හෆ් පිටපතෙහි ලියා ඇති අනෙකුත් සියලුම සූරාවන් අල් කුර්ආනයේ කොටසක් බවත්, එයින් කිසිදු කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙකු ප්(කාෆිර්) වන බවත්ය. අල්-ෆාතිහා සහ මුඅව්විදතයින් සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් තුමාගෙන් සම්ප්‍රේෂණය වී ඇති දේ අසත්‍ය වන අතර එය ඔහුගෙන් ස්ථිර වූවක් නොවේ. ඉබ්නු හස්ම් සිය ‘අල්-මුහල්ලා’ කෘතියේ ආරම්භයේ දී මෙසේ සඳහන් කළේය: ‘මෙය ඉබ්නු මස්ඌද් තුමාට අසත්‍ය ලෙස ආරෝපණය කරන ලද ගොතන ලද (fabrication) කතාවකි; ඔහුගෙන් නිවැරදිව සම්ප්‍රේෂණය වී ඇත්තේ ඉබ්නු මස්ඌද් තුමාගෙන් සිර්ර් හරහා එන ආසිම්ගේ පාරායනයයි, එයට අල්-ෆාතිහා සහ මුඅව්විදතයින් සූරාවන් ඇතුළත් වේ.'”[80]
මෙය ගැටලුවේ මූලික හරයයි. ඉහත සඳහන් මුළු සාකච්ඡාවම සැබවින්ම මෙම ස්ථාපිත ස්ථාවරය සඳහා කරන ලද ‘තක්රීජ්’ (takhrij – මූලාශ්‍ර සෙවීම සහ සත්‍යාපනය) කිරීමක් වන අතර, එහි අත්‍යවශ්‍ය තොරතුරු ලබාගෙන ඇත්තේ දැනට පවතින මුල් කාලීන මූලාශ්‍රවලිනි. මෙම තොරතුරු සනාථ කරන්නේ ඉබ්නු මස්ඌද් තුමා අල්-ෆාතිහා සහ මුඅව්විදතයින් සූරාවන් ඔහුගේ මුස්හෆ් පිටපතෙන් බැහැර කළද, ඔහු කිසිදු සැකයකින් තොරව ඒවායේ අල් කුර්ආනික තත්ත්වය ස්ථිර කළ බවයි.
References & Notes:
[1] Al-Suyuti, Abu Bakr Jalal al-Din, al-Itqan fi ‘Ulum al-Qur’an, (Cairo: Al-Hay’a al-Misriyya al-‘Amma li’l-Kitab, 1974) Vol.1, 226, 270-273. For a comment on his own position, see note 78 below.
[2] Al-Suyuti, Durr al-Manthur fi Tafsir bil-Mathur, (Beirut: Dar al-Fikr, n.d.) Vol.5, 94; Also, Al-‘Asqalāni, Ibn Hajar, al-Maṭālib al-‘Aliya, Edited by Sa’d b. Nasir al-Shathri et al. (Riyadh: Dar al-Asima, 1998) Vol.14, 431 Hadith 3516.
[3] Al-Shaibani, Muhammad b. al-Hasan, Muwatta Malik riwayah Muhammad bin al-Hasan, (Cairo: Maktaba al-‘Ilmiyya) no. 120; Ibn Abi Shaiba, Abu Bakr, al-Musannaf, Ed. Muhammad ‘Awwama (Beirut: Dar al-Qurtuba, 2006) Hadith 3743, 3772, 11512;
[4] Al-Suyuti, Durr al-Manthur fi Tafsir bil-Mathur, Vol.1, 10.
[5] Al-Qurtubi, Abu ‘Abdullah, al-Jami‘ li Ahkam al-Qur’an, (Cairo: Dar al-Kutab al-Misriyya, 1964) Vol.1, 115; Ibn Kathir, ‘Imad al-Din, Tafsir al-Qur’an al-Azim, (Riyadh: Dar al-Taiba, 1999) Vol.1, 103.
[6] Abu al-Fadl al-Razi, Ma‘ani al-Ahruf al-Sab‘a, (Qatar: Ministry of Awqaf and Religious Affairs, 2011) 528
[7] Al-Bukhari, al-Sahih, Hadith 4977; 4976.
[8] As in the narrations of;
(1) ‘Asim b. Bahdala from Zirr, transmitted by;
i) Sufyan al-Thawri. See, al-San‘ani, ‘Abdul Razzaq, al-Tafsir, (Beirut: DKI, 1419) Vol.3, 479 no. 3752; al-San‘ani, ‘Abdul Razzaq, al-Musannaf, (Dabhel: Majlis al-‘Ilmi, 1983) Hadith 6040; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 390 no. 2538;
ii) Ma‘mar b. Rashid. See, al-San‘ani, al-Tafsir, Vol.3, 479 no. 3753; al-San‘ani, al-Musannaf, Hadith 6040;
iii) Shu‘ba. See, al-Tiyalsi, Abu Dawud, al-Musnad, (Cairo: Dar Hijr, 1999) Hadith 543; Ahmad b. Hanbal, al-Musnad, Hadith 21185; Ibn Marduwaih, al-Tafsir al-Musnad, (Istanbul: Dar Ibn ‘Asaker, 2021) Vol.4, 388 no. 2533;
iv) Al-A‘mash. See, Ahmad b. Hanbal, al-Musnad, Hadith 21188 (From the additions by Ahmad’s son ‘Abdullah); Al-Mustaghfiri, Fada’il al-Qur’an, (Beirut: Dar Ibn Hazm, 2008) 742-3 no. 1119; Abu al-Shaikh al-Asbahani, Dhikr al-Aqran, (Beirut: DKI, 1996) 39 no. 103; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 389 no. 2535, 2541;
v) Harun b. Sa‘d. See, Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 389-90 no. 2535, 2537;
vi) Qais b. Rabi‘. See, Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 390 no. 2539; and
vii) Sufyan b. ‘Uyaina via
a) Qutaiba b. Sa‘id. See, al-Bukhari, al-Sahih, Hadith 4976; al-Nasa’i, Abu ‘Abdul Rahman, al-Sunan al-Kubra, (Beirut: al-Resalah Publishers, 2001) Vol.10, 351 Hadith 11653;
b) ‘Abdul Rahman b. Mahdi. See, Abu ‘Ubaid, Qasim b. Sallam, Fada’il al-Qur’an, 272; Ahmad b. Hanbal, al-Musnad, Hadith 21183; Al-Mustaghfiri, Abu al-‘Abbas, Fada’il al-Qur’an, 742 no. 1116
c) Waki‘. See, Ahmad b. Hanbal, al-Musnad, Hadith 21182; al-Mahamili, Husain b. Isma‘il, al-Amali, (Amman: al-Maktaba al-Islamiya, 1412) Hadith 471;
d) Sa‘id b. Mansur. See, Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 389 no. 2534; and
(2) ‘Abda b. Abi Lubaba from Zirr, transmitted by Sufyan b. ‘Uyaina via
a) Sa‘dan b. Nasr. See, al-Baihaqi, Abu Bakr, al-Sunan al-Kubra, (Beirut: DKI, 2003) Hadith 4044; and
b) ‘Ubaid Ullah b. ‘Umar al-Qawariri. See, Al-Mustaghfiri, Fada’il al-Qur’an, 741 no. 1115
(3) Minhal b. ‘Amr. See, Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 382 no. 2527
(4) Abi Razin [Mas‘ud b. Malik]. See, Ahmad b. Hanbal, al-Musnad, Hadith 21184; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 387 no. 2531.
In Ibn Marduwaih’s version, the report comes through Hudhaifa b. al-Yaman rather than Ubayy, likely due to an error by his student al-Zubair b. ‘Adi’s student, ‘Amr b. Abi Qais was known for making mistakes and lapses. See, al-Dhahabi, Shams al-Din, Mizan al-I‘tidal fi Naqd al-Rijal, (Beirut: Dar al-Ma‘rifa, 1963) Vol.3, 385
In Ahmad’s version, however, the narrator from al-Zubair is Sufyan al-Thawri, and his narration identifies the companion as Ubayy, which seems more reliable.
(5) Al-Hakam b. ‘Utaiba. See, Ibn al-Qaisarani, Abu al-Fadl al-Maqdisi, Atraf al-Gharaib wa al-Afarad min Hadith Rasul Allah li al-Imam al-Daraqutni, (Beirut: DKI, 1998) Vol.1, 386 no. 594.
[9] As in the narrations of ‘Asim b. Bahdala from Zirr, transmitted by Sufyan b. ‘Uyaina via;
a) ‘Ali b. ‘Abdullah al-Madini. See, al-Bukhari, al-Sahih, Hadith 4977.
b) Muhammad b. Mansur al-Jawwar. See, al-Dawlabi, Abu Bishr, al-Kuna wa al-Asma’, (Beirut: Dar Ibn Hazm, 2000) Vol.1, 232 no. 418
c) Muhammad b. ‘Abdullah b. Yazid. See al-Dawlabi, al-Kuna wa al-Asma’, Vol.1, 232 no. 418
d) ‘Abdul Jabbar b. al-‘Ala’. See, Al-‘Asqalani, Ibn Hajar, Fath al-Bari bi Sharh Sahih al-Bukhari, (Beirut: Dar al-Ma‘rifa, 1379 AH) Vol.8, 742 citing al-Isma‘ili’s Mustakhraj ‘ala Sahih al-Bukhari.
[10] As in the narrations of ‘Asim b. Bahdala from Zirr, transmitted by;
(i) Hammad Salama. See, Ibn al-Durais, Fada’il al-Qur’an, (Damascus: Dar al-Fekr, 1987) no. 291; Ahmad b. Hanbal, al-Musnad, Hadith 21186; al-Shashi, Huthaim b. Kulaib, al-Musnad, Ed. Mahfuz al-Rahman Zain Ullah (Madina: Maktaba ‘Ulum wa al-Hikam, 1410 AH) Hadith 1469; Al-Busti, Ibn Hibban, al-Sahih, (Beirut: Al-Resalah Publishers, 1988) Hadith 797;
(ii) Zaid Abi Unaisa. See, al-Shashi, al-Musnad, Hadith 1471-1472; al-Tabarani, Abu al-Qasim, Mu‘jam al-Awsat, (Cairo: Dar al-Haramain, n.d.) Vol.2, 27 Hadith 1121; Vol.4, 331 Hadith 4351; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 387 no. 2530;
(iii) Abu Hamza al-Sukri. See, Al-Mustaghfiri, Fada’il al-Qur’an, 743 no. 1120
(iv) Za’ida b. Qudama. See, Ibn Abi Shaiba, al-Musannaf, Hadith 30828; and
(v) Shiban b. ‘Abdul Rahman. See, al-Shashi, al-Musnad, Hadith 1468;
(vi) ‘Ikrima b. Ibrahim. See, Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 386 no. 2529;
(vii) Abu ‘Awana [al-Waddah b. ‘Abdullah al-Yashkuri]. See, Ahmad b. Hanbal, al-Musnad, Hadith 21187; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 388 no. 2532;
(viii) Al-Nu‘man b. Rashid al-Jazari . See, Ibn Marduwaih, Abu Bakr, Juz’ fihi Ahadith Abi Muhammad ‘Abdullah b. Muhammad b. Ja‘far b. Hayyan, (Riyadh: Maktaba al-Rushd, 1414 AH) 70 (no. 19)
[11] As in a narration of ‘Asim b. Bahdala from Zirr, transmitted by Malik b. Mighwal. See, al-Tahawi, Sharh Mushkil al-Athar, Hadith 121; al-Shashi, al-Musnad, Hadith 1470
[12] As in the narrations of ‘Asim b. Bahdala from Zirr, transmitted by;
(i) Mansur b. al-Mu‘tamir. See, Al-Mustaghfiri, Fada’il al-Qur’an, 323 no. 362;
(ii) Muhammad b. Khalid. See, Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 389 no. 2535-6;
and the narration of ‘Asim and ‘Abda together transmitted by
(iii) Sufyan b. ‘Uyaina via
(a) al-Shafi‘i. See, al-Tahawi, Abu Ja‘far, Sharh Mushkil al-Athar, (Beirut: Al-Resalah Publishers, 1994) Hadith 118; al-Baihaqi, Abu Bakr, Ma‘rifa al-Sunan wa al-Athar, (Cairo: Dar al-Wafa, 1991) Hadith 4838
(b) al-Humaidi. See, al-Humaidi, Abu Bakr, al-Musnad, (Damascus: Dar al-Saqa, 1996) Hadith 378; al-Tahawi, Sharh Mushkil al-Athar, Hadith 119; al-Baihaqi, al-Sunan al-Kubra, Hadith 4045; and
(c) Ahmad b. Hanbal. See, Ahmad b. Hanbal, al-Musnad, Hadith 21189.
[13] Only in a narration of Mansur b. al- Mu‘tamir from ‘Asim from Zirr. See, Al-Mustaghfiri, Fada’il al-Qur’an, 323 no. 362;
[14] Only in a narration of Mansur b. al- Mu‘tamir from ‘Asim from Zirr. See, Al-Busti, Ibn Hibban, al-Sahih, Hadith 4429;
[15] Only in a narration of Abu Bakr b. ‘Ayyash from ‘Asim from Zirr. See, al-Tahawi, Sharh Mushkil al-Athar, Hadith 120;
[16] Al-Shafi‘i, Muhammad b. Idris, al-Umm, (Beirut: Dar al-Ma‘rifa, 1990) Vol.7, 199; Ibn Abi Shaiba, al-Musannaf, Hadith 30831; Al-Mustaghfiri, Fada’il al-Qur’an, 742 no. 1118; al-Tabarani, Abu al-Qasim, al-Mu‘jam al-Kabir, (Cairo: Maktaba Ibn Taimiya, 1994) Vol.9, 234 Hadith 9149;
[17] As in the narrations (from al-Sabi‘i) by;
(1) Shu‘ba. See, al-Tabarani, al-Mu‘jam al-Kabir, no. 9149;
(2) Abu al-Ahwas. See, Ibn Abi Shaiba, al-Musannaf, no. 30831
(3) Sufyan al-Thawri via Waki‘. See, Al-Shafi‘i, al-Umm, Vol.7, 199.
[18] As in the narration by Sufyan al-Thawri via Abu Nu‘aim Fadl b. Dukain. See, Al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol.9, 235 Hadith 9148
[19] As in the narration of Sufyan al-Thawri via Abu ‘Asim. See, Ibn Shabbah, Abu Zaid, Tarikh al-Madina, (Jeddah: Syed Ahmad Mahmud, 1399 AH) Vol.3, 1010-11;
[20] As in the narration (from al-Sabi‘i) by al-A‘mash. See, Ahmad b. Hanbal, al-Musnad, Hadith 21188 (From the additions by Ahmad’s son ‘Abdullah); Abu al-Shaikh al-Asbahani, Dhikr al-Aqran, (Beirut: DKI, 1996) 39 no. 102; al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol.9, 235 Hadith 9150; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 389 no. 2541; al-Baihaqi, Abu Bakr, Ma‘rifa al-Sunan wa al-Athar, Hadith 4839; Ibn ‘Asakir, Abu al-Qasim, Tarikh Damishq, (Beirut: Dar al-Fekr, 1995) Vol.51, 36.
[21] Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 390 no., 2537.
[22] Al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol.9, 235 Hadith 9151
[23] Al-Bazzar, Abu Bakr, al-Musnad, (Madina: Maktaba al-‘Ulum wa al-Hikam, 1997) Vol.5, 29 Hadith 1586; al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol.9, 235 Hadith 9152; Al-‘Asqalāni, Ibn Hajar, al-Maṭālib al-‘Aliya, Edited by Sa’d b. Nasir al-Shathri et al. (Riyadh: Dar al-Asima, 1998) Vol.15, 484 Hadith 3795; Ibn Marduwaih, al-Tafsir al-Musnad, Vol.4, 385 no. 2528; Ibn Kathir, ‘Imad al-Din, Tafsir al-Qur’an al-Azim, (Riyadh: Dar al-Taiba, 1999) Vol.8, 530-531
[24] Ibn Abi Shaiba, al-Musannaf, no. 30838; Also, Abu ‘Ubaid, Qasim b. Sallam, Fada’il al-Qur’an, (Beirut: Dar Ibn Kathir, 1995) 318.
[25] al-Humaidi, al-Musnad, Hadith 378;
[26] Ibn Khuzaima, Abu Bakr, al-Sahih, (Beirut: Makatab al-Islami, 2003) Hadith 536; Al-Hakim, Abu ‘Abdullah, al-Mustadrak, (Beirut: DKI, 1990) Hadith 876 ; Al-Mustaghfiri, Fada’il al-Qur’an, Vol.2, 739, 748 no. 1109, 1131;
[27] Al-Sijistani, Abu Dawud, al-Sunan, Hadith 1462; al-Nasa’i, Abu ‘Abdul Rahman, al-Sunan, Hadith 5436-7; Ibn Abi Shaiba, al-Musannaf, no. 3708, 30837; Ahmad b. Hanbal, al-Musnad, Hadith 17296, 17350;
[28] Al-Tahawi, Abu Ja‘far, Sharh Mushkil al-Athar, (Beirut: Al-Resalah Publishers, 1994) Vol.1, 67-69;
[29] Al-‘Asqalani, Fath al-Bari, Vol.8, 743;
[30] Makki b. Abi Talib, Abu Muhammad, al-Hidaya fi Bulugh al-Nihaya, (Sharjah: Sharjah University, 2008) Vol.12, 8505.
Makki suggests that Ibn Mas‘ud also sought clarification from the Prophet (ﷺ)) on this matter, similar to Ubayy. However, no report corroborates that Ibn Mas‘ud personally posed such a question to the Prophet (ﷺ)). The only narration from Ibn Mas‘ud on this subject is examined in Section 3.4 below. Interestingly, Ibn Kathir cites a report under Ibn Mas‘ud’s name that mirrors Ubayy’s narration, transmitted through the same isnad (Waki‘ – Sufyan – ‘Asim – Zirr). This appears to be an inadvertent error, as no such narration exists in Musnad Ahmad. The likelihood of a mistake is further reinforced by the fact that several editions of Ibn Kathir’s Tafsir reference the narration attributed to Ibn Mas‘ud with the same page number as for Ubayy’s reports, even though the reports of the two are separated by several volumes in Musnad Ahmad. Notably, however, no edition flags this discrepancy. See, Ibn Kathir, Tafsir al-Qur’an al-Azim, Vol.8, 530; Ibn Kathir, Tafsir al-Qur’an al-Azim, (Giza: Maktaba Awlad al-Shaykh li al-Turath, 2000) Vol.14, 516.
[31] Al-Biqaʿi, Burhan al-Din, Masa‘id al-Nazar lil-Ishraf ‘ala Maqasid Al-Suwar, (Riyadh: Maktabat al-Ma‘arif, 1987) Vol.3, 313
[32] Al-Biqaʿi, Masa‘id al-Nazar lil-Ishraf ‘ala Maqasid Al-Suwar, Vol.3, 313
[33] Al-‘Asqalani, Fath al-Bari, Vol.8, 743; Also see, ‘Awwamah, Muhammad, Kalimat an Manhaj al-Imam al-Bukhari fi Sahihihi Riwayatan wa-Dirayatan (Jeddah/Madina: Dar al-Minhaj/ Dar al-Yusr, 2024) 67-68
[34] Ibn Abi Dawud, Abu Bakr, Kitab al-Masahif, (Kuwait: Gheras, 2006) 554 no. 403
[35] Al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol.10, 132 Hadith 10211; al-Tabarani, Mu‘jam al-Awsat, Vol.4, 12 Hadith 3488;
[36] Al-‘Asqalani, Fath al-Bari, Vol.8, 743;
[37] Al-Tirmidhi, Abu ‘Isa, al-Jami‘ al-Sahih bi Tahqiq wa Sharh Ahmad Muhammad Shakir, (Cairo: Maktaba Mustafa al-Babi, 1937) Vol.1, 452-454; See also, Ibn Sa’d, Muhammad, al-Tabaqat al-Kubra, (Beirut: Dar al-Kotob al-‘Ilmiyah, 1990) Vol.7, 203;
[38] Ahmad b. Hanbal, al-Musnad, Edited by Ahmad Muhammad Shakir, (Cairo: Dar al-Hadith, 1995) Vol.2, 321 Hadith 1689
[39] He says, “He was not the best in memory, but a group has accepted his reports” (innahu laisa bil-hafiz wa qad ihtamala al-jama‘ah hadithahu). Al-Bazzar, al-Musnad, Vol.13, 219 (no. 6698). Also see, Ibid.,Vol.17, 179. He also says: “He has been criticised, yet a large group of scholars narrated from him” (qad tukullima fihi wa rawa ‘anhu jama‘ah kathirah min ahl al-‘ilm). See, Ibid., Vol.11, 113.
[40] al-Mizzi, Jamal al-Din, Tahdhib al-Kamal fi Asma’ al-Rijal, Ed. Bashar ‘Awad Ma‘ruf, (Beirut: al-Resalah Publishers, 1980) Vol.12, 313-315; Al-‘Asqalani, Fath al-Bari, Vol.1, 436;
[41] Malik b. Anas, al-Muwatta, (Abu Dhabi, Moassasah Zaid bin Nahyan, 2004) Vol.3, 763 no. 1951.
[42] al-San‘ani, ‘Abdul Razzaq, al-Musannaf, Hadith 15946; al-Tabari, Abu Ja’far, Jami‘ al-Bayan fi Tafsir ay al-Qur’an, (Beirut: al-Resalah Publishers, 2000) Vol.1, 55 no. 58. Also see, Abu ‘Ubaid, Fada’il al-Qur’an, 355; Ibn Abi Shaiba, al-Musannaf, no. 30733; Ahmad b. Hanbal, al-Musnad, Hadith 3845; al-Tabari, Jami‘ al-Bayan, Vol.1, 28 no. 18; Al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol.10, 97 Hadith 10076
[43] Muqatil b. Suleman, al-Tafsir, (Beirut: Dar Ihya’ al-Turath, 1423 AH) Vol.4, 935.
[44] Al-Sijistani, Abu Dawud, al-Sunan, Hadith 1462; Ibn Abi Shaiba, al-Musannaf, no. 3708, 30837; Ahmad b. Hanbal, al-Musnad, Hadith 20745;
[45] Muhammad Taqi Usmani (supervisor), Al-Mudawwana al-Jami‘a li’l-Ahadith al-Marwiyya ‘an al-Nabi al-Karim, (Karachi/Damascus: Maktaba Dar al-‘Ulum/Dar al-Qalam, 2021), Vol. 1, 639, nos. 2664/1, 2665 citing Sa‘id b. Mansur and Ibn Marduwaih.
[46] Al-Mustaghfiri, Fada’il al-Qur’an, Vol.2, 742 no. 1132; Ibn al-Muqri’, Abu Bakr, al-Mu‘jam, (Riyadh: Maktaba al-Rushd, 1998) 180 no. 544; Four successive narrators in the isnad for this report namely, Ali b. Jamil, Khalid b. Hayyan, ‘Ubaida b. Hassan, and ‘Abdullah b. Kurz are all weak. Cf. Al-Daraqutni, Abu al-Hasan, al-‘Ilal al-Warida fi al-Ahadith al-Nabawiyya, (Dammam: Dar Ibn Jawzi, 2006) Vol.13, 26-27
[47] Ibn Abi Shaiba, al-Musannaf, no. 36909; Ibn ‘Asakir, Tarikh Damishq, Vol.37, 445; Ibn Kathir, Abu al-Fida’, al-Bidaya wa al-Nihaya, (Qatar: Ministry of Awqaf and Religious Affairs, 2015) Vol.9, 37.
[48] Ibn Kathir, al-Bidaya wa al-Nihaya, Vol.9, 37.
[49] Ahmad b. Hanbal, al-Musnad, Hadith 2550
[50] Ibn Abi Shaiba, al-Musannaf, no. 30833;
[51] Al-Baqilani, Abu Bakr, al-Intisar li al-Qur’an, (Beirut: DKI, 2012) 276
[52] Al-‘Asqalani, Ibn Hajar, Al-Gharaib al-Multaqatah min Musnad al-Firdaws, (Dubai: Dar Al Ber Society, 2022) Vol.1, 402 Hadith 142.
In Musnad al-Firdaws, it comes with the wording “Recite the two surahs abundantly, for Allah will benefit you in the Hereafter.” (astakthiru min al-suratain yanfa‘ukum Allah fi al-akhirah) See, al-Dailami, Shairwaih b. Shahrdar, Kitab Firdaws al-Akhbar bi-Ma’thur al-Khitab al-Mukhraj ‘ala Kitab al-Shihab, (Beirut: Dar al-Kitab al-‘Arabi, 1987) 119 (no. 264). Also al-Hindi, Ali al-Muttaqi, Kanzul ‘Ummal, (Beirut: al-Resalah Publishers, 1981) Hadith 2743.
A secondary source has it as, “Recite the Al-Mu‘awwidhatain abundantly, for Allah will benefit you through them in the Hereafter.” (astakthiru min al-mu‘awwidhatain yanfa‘ukum Allah bihima fi al-akhirah). See, Al-Safuri, ‘Abd al-Rahman b. ‘Abd al-Salam, Nuzhat al-Majalis wa-Muntakhab al-Nafa’is, (Cairo: Al-Matba‘ah al-Kastiliyyah, 1866) Vol.2, 124
As for the report cited by al-Suyuti:
وأخرج الطبراني في الأوسط بسند حسن عن ابن مسعود عن النبي صلى الله عليه وسلم قال: لقد أنزل علي آيات لم ينزل علي مثلهن المعوذتين
~
Al-Tabarani narrated in al-Mu‘jam al-Awsat with a hasan chain from Ibn Masud that the Prophet (ﷺ) said: “Indeed, verses have been revealed to me the likes of which have never been revealed before, i.e., al-Mu‘awwidhatain.” See, Al-Suyuti, Durr al-Manthur, Vol.8, 684.
In al-Tabarani’s Mu‘jam al-Awsat, however, this narration comes from Abu Mas‘ud, not Ibn Mas‘ud. See al-Tabarani, al-Mu‘jam al-Awsat, Hadith 2658; al-Haithami, Nur al-Din, Majma‘ al-Zawaid, Vol. 7, 149, Hadith 11558.
Most sources, however, relate it from ‘Uqba b. ‘Amir al-Juhani. See al-Tahawi, Sharh Mushkil al-Athar, Hadith 122; Abu ‘Awana, al-Mustakhraj, Hadith 3954; al-Tabarani, al-Mu‘jam al-Kabir, Vol. 17, 350, Hadith.964.
As al-Tarhuni noted, the mention of Abu Mas‘ud, too, appears to be a mistake. It seems that a narrator confused the Companion’s name, ‘Uqba b. ‘Amir with ‘Uqba b. ‘Amr and then referred to him by the kunya of the latter, Abu Mas‘ud. See, Al-Tarhuni, Muhammad b. Rizq, Mawsu‘a Fada’il Suwar wa Ayat al-Qur’an – al-Qism al-Sahih, (Dammam/Jeddah: Dar Ibn al-Qayyim/Maktaba al-‘Ilm, 1409/1414 AH) Vol.2, 491
In any case, the report has nothing to do with Ibn Masud, despite its uncritical attribution to him by some authors.
[53] Ibn ‘Adi, Abu Ahmad al-Jurjani, Al-Kamil fi Du‘afa al-Rijal, (Beirut: DKI, 1997) Vol.7, 330-331, 342
[54] Cf. Ibn Hajar’s commented about him elsewhere as, “Truthful (saduq), but he lost his books, so his memory deteriorated, and he made many errors. He later became blind and had to be prompted. Abu Hatim preferred him over Ibn Lahi‘ah.” See, al-‘Asqalani, Ibn Hajar, Taqrib al-Tahdhib, (Halab: Dar al-Rashid, 1986) 471 no. 5777
[55] Ibn Abi Shaiba, al-Musannaf, no. 30832;
[56] Ibn Abi Shaiba, al-Musannaf, no. 30829-30;
[57] Al-Suyuti, Durr al-Manthur fi Tafsir bil-Mathur, Vol.1, 10.
[58] Abu al-Fadl al-Razi, Ma‘ani al-Ahruf al-Sab‘a, 528
[59] Abu al-Fadl al-Razi, Ma‘ani al-Ahruf al-Sab‘a, 528
[60] Ibn Qutaibah Al-Dainawari, Ta’wil Mushkil al-Qur’an, (Beirut: DKI, 1978) Vol.1, 34-35
[61] Sa’id ibn Bashir, Juz fihi dhikr ma unzila min al-Quran bi-Makka wa-l-Madina, riwaya Sa’id bin Bashir ‘an Qatada bin Di’ama wa Matar al-Warraq, Edited by Muhammad b. Abdullah al-Sari‘. (Riyadh: Tafsir Centre for Qur’anic Studies, 1441 /2020) 36 no. 17.
I am grateful to my friend, Farid al-Bahraini, for bringing this vital reference to my attention.
[62] Al-Tarhuni, Mawsu‘a Fada’il Suwar wa Ayat al-Qur’an – al-Qism al-Sahih, Vol.2, 371-389, 490-506
[63] Muslim b. Hajjaj, al-Sahih, Hadith 2865 (63)
[64] Ibn al-Jazari, Ghayat al-Nihayah fi Tabaqat al-Qurra’. (Cairo: Dar al-Lu’lu’a, 2017) Vol. 2, 529.
[65] Al-Ansari, Muhammad b. Nizamuddin, Fawatih al-Rahamut bi Sharh Musallam al-Thabut (Beirut: DKI, 2002) Vol.2, 12.
[66] Al-Khattabi, Abu Suleman, ‘Alam ul-Hadith, (Makkah: Jami‘a Umm al-Qura’, 1988) Vol.3, 1855; Al-Qurtubi, al-Jami‘ li Ahkam al-Qur’an, Vol.1, 59
[67] Ahmad b. Hanbal, al-Musnad, Vol.35, 118 no. 21189; Ibn Qutaibah Al-Dainawari,, Ta’wil Mushkil al-Qur’an, Vol.1, 34; Al-Bazzar, al-Musnad, Vol.5, 29 (no. 1586).
[68] Al-Alusi, Shahab al-Din Mahmud, Ruh al-Ma‘ani fi Tafsir al-Qur’an al-‘Azim wa Sab‘a al-Mathani, (Beirut: DKI, 1415 AH) Vol.1, 26-27; Vol. 15, 517
[69] Al-Qurtubi, al-Jami‘ li Ahkam al-Qur’an, Vol.1, 53
[70] ‘Awwama, Muhammad, Hadhf Taraf min al-Hadith al-Wahid Ikhtisaran lahu aw I‘lanan, (Jeddah: Dar al-Minhaj, 2017) 15-17; ‘Awwamah, Muhammad, Kalimat an Manhaj al-Imam al-Bukhari fi Sahihihi Riwayatan wa-Dirayatan, 70-71
[71] See citations at note 9 above.
[72] al-Hila, Dr. Nur Mahmud, Juhud al-Muhaddithin fi Dabt Alfaz al-Ahadith al-Nabawiyya- Sahih al-Bukhari Anmudhajan, (Amman: Dar al-Rayaheen, 2022) 435-548
[73] Al-‘Asimi al-Khurasani, Abu Muhammad Ahmad b. Muhammad, Kitab al-Mabani li Nazm al-Ma‘ani, Ed. Dr Ahmad bin Faris al-Salum (Dubai: Dar Al Ber Society, 2022) Vol.1, 235-236
[74] Abu al-Fadl al-Razi, Ma‘ani al-Ahruf al-Sab‘a, 528
[75] al-Baihaqi, Abu Bakr, Dala’il al-Nubuwwa, (Beirut: DKI, 1405 AH) Vol.7, 154;
[76] Al-Baqilani, al-Intisar li al-Qur’an, 259-280
[77] See the quotation and corresponding citations below
[78] It is noteworthy that al-Suyuti recognised Ibn Hajar’s acknowledgement of ambiguity in Ubayy’s response. However, he, too, failed to grasp that this ambiguity arose from assuming the statement referred to the entirety of al-Mu‘awwidhatain. See Al-Tawshih Sharh al-Jami‘ al-Sahih (Riyadh: Maktaba al-Rushd, 1998), Vol. 7, 3163. Consequently, he treated Ibn Mas‘ud’s presumed denial of the two surahs as a fact. See Tafsir al-Baydawi ma‘ Hashiyat al-Suyuti Nawahid al-Abkar wa-Shawarid al-Afkar (Istanbul: Maktaba al-Irshad, 2022), Vol. 1, 80.
Interestingly, a recent Principal of Dar al-‘Ulum Deoband, Mufti Sa’id Ahmad Palanpuri (d. 2020), highlighted the qul-specific import of the hadith in his Urdu commentary on Sahih al-Bukhari. See Palanpuri, Tuhfah al-Qari Sharh Sahih al-Bukhari, (Deoband: Maktaba Hijaz, 2014), Vol. 9, p. 638.
[79] Ibn Kathir, Tafsir al-Qur’an al-Azim, Vol.8, 531.
[80] Al-Nawawi, Yahya b. Sharaf, al-Majmu‘ Sharh al-Muhadhdhab, (Riyadh: Bait al-Afkar al-Dawliyya, 2005) Vol.1, 712; Also see, Ibn Hazm, Abu Muhammad, al-Muhalla bi al-Athar, (Beirut: Dar al-Fekr, n.d.) Vol.1, 32
![]()