‘ඔහුට තම පියාගේ ලිංගය සපා කන්නයැයි කියන්න’ යන පුවතෙ(හදීසයෙ)හි සැබෑ අර්ථය.

ඔහුගේ පියාගේ ලිංගය ඔහුට සපා කන්න යැයි කියන්න’ යනුවෙන් සාමාන්‍යයෙන් පරිවර්තනය කරනු ලබන වාක්‍ය ඛාණ්ඩය ඇතුළත් පුවතෙ(හදීසයෙ)හි සන්දර්භානුගත හා භාෂාමය විග්‍රහය”

1. හැඳින්වීම

ඉස්ලාමයේ මූලික ඉගැන්වීම් හා සාමාන්‍ය මූලධර්ම පිළිබඳව තමන් කරන චෝදනා අසත්‍ය බව තහවුරු වූ පසු, ඉස්ලාමය විවේචනය කරන සමහර පුද්ගලයින්,  ස්වාධීන හදීස් (එක් එක් ආඛ්‍යානය අනෙක් ඒවාට සම්බන්ධ නොවන බව අදහස් කරන්නේ නම් එවැනි) වාර්තා තෝරාගෙන, ඒවා තමන්ට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කර, සාමාන්‍ය පාඨකයා තුළ ඉස්ලාමය පිළිබඳ සැකයක් ඇති කිරීමට උත්සාහ කරති.

එවැනි එක් හදීස් වාර්තාවක් මෙසේ සඳහන් වේ.

අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසීම තමන් අසා ඇති බවට උබෙයි ඉබ්නු කඅබ්තුමා වාර්තා කරයි.

යම් පුද්ගලයෙකු ඉස්ලාමයට පූර්ව ජාහිලියා (ඉස්ලාමයට පෙර අඥාන) යුගයේ මිනිසුන් මෙන් තම වංශය ගැන උඩඟු ලෙස පුරසාරම් දොඩන්නේ නම්, ඔහුට ‘ඔබගේ පියාගේ ලිංගය සපා කන්න’ යැයි කියන්න. එය පවසන විට මෘදු හෝ ව්‍යංගාර්ත වචනයක් භාවිතා නො කරන්න.” [1]

2. සැබෑ වචන හා වචනාර්ථ විශ්ලේෂණය

දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන්ගේ සැබෑ වචන මෙසේය.

من تعزى بعزاء الجاهلية فأعضوه بهن أبيه ولا تكنوا

එහි වචනාර්ථයට (literal translation) අනුව පරිවර්තනය මෙසේ වේ.

යමෙක් ජාහිලිය්යා (ඉස්ලාමයට පෙර අඥාන) යුගයේ මිනිසුන් මෙන් තම වංශය සම්බන්ධයෙන් උඩඟු ලෙස පවසන්නේ නම්, ඔහුට තම පියාගේ ලිංගය සපා කන්නට සලස්වන්න. එය පවසන විට ව්‍යංගාර්තයක් හෝ මෘදු ප්‍රකාශයක් භාවිතා නොකළ යුතු ය.” [2]

මෙහි වචන තුනක් විශේෂ අවධානයට ලක් කළ යුතු ය. ඒවායේ මුල් (වචනාර්ථමය) අර්ථයන් සහ ව්‍යංගාර්ථයන් (සන්දර්භානුකූල අර්ථයන්) අපි විමසා බලමු. ඉන් අනතුරුව, ඒවා සැලකිල්ලට ගනිමින් පැහැදිලි, නිවැරදි හා සාධාරණ පරිවර්තනයක් ඉදිරිපත් කරමු.

(අ) عض (aḍḍa) “වචනාර්ථයෙන් එය සපා කෑම යන්න අදහස් කළ ද, භාවිතයේ දී බොහෝ විට ‘ඇලී සිටීම’ හෝ ‘දැඩි ලෙස අල්ලාගෙන සිටීම’ යන අර්ථය නිරූපණය කරයි.”

(ආ) هن (han) “මුල් අර්ථයෙන් එය ‘යම් වස්තුවක්’ යන්න දක්වයි. එහෙත් භාවිතයේ දී බොහෝ අවස්ථාවල එය ලිංගික අවයව සංකේතවත් කිරීම සඳහා භාවිත කරනු ලැබේ.”

(ඇ) كنى (kunā) “වචනාර්ථයෙන් එය ‘නාමාරෝපණය (metonymy)’ යන්න අදහස් කරන අතර, ප්‍රායෝගික භාවිතයේ දී ඕනෑ ම ආකාරයක වක්‍ර ප්‍රකාශනයක් හැඳින්වීමට යොදා ගනු ලැබේ.”

2.1 عض (aḍḍa ) යන වචනයේ අර්ථය

වචනාර්ථයෙන් عض (aḍḍa) යන්නෙහි අර්ථය “සපා කෑම” යන්නයි. එහෙත්, එය බොහෝ විට “තදින් ඇලී සිටීම” හෝ “දැඩි ලෙස අල්ලාගෙන සිටීම” යන අදහස ද ගෙන දෙයි. මෙම වචනයේ “ඇලී සිටීම”යන ව්‍යංගාර්ථය පෙන්වීම සඳහා පහත උදාහරණය ඉදිරිපත් කර ඇත.

අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ:

فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ تَمَسَّكُوا بِهَا وَعَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ

මෙම පුවත (හදීසය) සම්බන්ධයෙන් මිෂනාරීන් භාවිත කරන පරිවර්තනයේ කර්තෘ වන ආචාර්ය ජේම්ස් රොබ්සන් (Dr. James Robson) මෙම වාක්‍යය මෙසේ පරිවර්තනය කරයි.

එබැවින් නුඹලා මාගේ සුන්නාව (දේවදූත සම්ප්‍රධාය) සහ නිවැරදි මඟ පෙන්වනු ලැබූ ධර්මිෂ්ඨ කලීෆාවරුන්ගේ සුන්නාව (සම්ප්‍රධාය) ත් අනුගමනය කරන්න. ඒවා තදින් අල්ලාගෙන සිටින්න, ඒවාට දැඩි ලෙස ඇලී සිටින්න.” (අල්ලූ අලෙයිහා බින්නවාජිසි).” [3]

තව ද, ඔහු මෙහි උපුටා දක්වා ඇති හදීස් කොටසේ අවසාන වාක්‍ය ඛණ්ඩයට සටහනක් ද එක් කරයි.

වචනාර්ථයෙන්: ‘එය චාර්වක (හකු) දත්වලින් සපා න්න.’ [4]

“දත්වලින් සපා කෑම” යන වචන සෘජුව ම භාවිතා කර ඇති තැන්වල දී, ආචාර්ය රොබ්සන් එහි ගම්‍ය අර්ථය ඉදිරිපත් කරයි. නමුත් ‘සපා කෑම’ යන වචනය පමණක් තිබෙන තැන්වල දී, ඔහු කෙසේ හෝ එය වචනාර්ථයෙන් ම පරිවර්තනය කළ යුතු යැයි සිතන බව පෙනේ.”

ඒ අනුව, عض (aḍḍ) යන වචනය සෑම අවස්ථාවක ම වචනාර්ථයෙන් තේරුම් නොගන්නා බවත් බොහෝ විට [5] එය “අත් නොහැර තදින් රඳවාගෙන සිටීම/ ඇලවී තිබීම” යන ගම්‍ය අර්ථය දෙන බවත් පැහැදිලිය.

2.2 هن (han)” යන පදයේ අර්ථය

වචනාර්ථයෙන්, هن (han) යන වචනයේ අර්ථය “යම් දෙයක්” යන්නයි. [6] එහෙත්, සෘජුව නොපවසන මෘදු ව්‍යවහාරයක් ලෙස එය පුරුෂ හෝ ස්ත්‍රී ලිංගික අවයවය හැඳින්වීමට භාවිතා කරයි.

ඉබ්නු අල්-අථීර් අල්-ජසරි (හිජ්රි 606 දී මියගිය) එය මෙසේ නිර්වචනය කරයි.

كناية عن الشيء لا تذكره باسمه

“මෙය නමින් සෘජුව සඳහන් නොකරන ඕනෑ ම වස්තුවක් හෝ කරුණක් වෙනුවෙන් භාවිත කරන අලංකාර විශේෂයකි/ අනුලක්ෂණ ප්‍රයෝගයකි (metonymy).” [7]

හිජ්රි 770 දී අභාවප්‍රාප්ත වූ අබුල්-අබ්බාස් අල්-ෆය්යූමි මෙසේ පවසයි:

وكني بهذا الاسم عن الفرج

“මෙම වචනය ලිංගික අවයව සෘජුව නොපවසා වක්‍රෝක්තියෙන් සඳහන් කිරීම සඳහා භාවිතා කරන සෘජු නොවන මෘදු ව්‍යවහාරයකි.” [8]

පෙනෙන ආකාරයට, මෙහි භාවිත කර ඇති වචනය පුරුෂ ලිංගය සෘජුව ම සඳහන් කරන පැහැදිලි වචනයක් නොව, එය ඒ සඳහා භාවිත වන සුමෘදු ප්‍රකාශයකි. එබැවින්, එහි නිවැරදි පරිවර්තනය විය යුත්තේ “අවයවය” යන්න වන අතර, ආචාර්ය රොබ්සන් භාවිත කළ වචනය නො වේ.

Membrum යනු “penis” [9] යන පදය සඳහා භාවිත කරන සුමෘදු (euphemistic) ප්‍රකාශයකි. [10] එබැවින්, මෙම සන්දර්භය සඳහා වඩාත් යෝග්‍ය පදය එය යි. ඉබ්නු කුතෙයිබාගේ ʿUyūn al-Akhbār කෘතියේ අඩංගු මෙම හදීසය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ දී මහාචාර්ය ජෝසෆ් හොරොවිට්ස් ද membrum යන පදය නිවැරදිව භාවිත කර ඇත. [11] මෙයින් පැහැදිලි වන්නේ, මුල් අරාබි පදය සෘජු ශාරීරික නාමයක් නොව, සුමෘදු ප්‍රකාශයක් ලෙස වටහාගෙන එයට අනුරූප ඉංග්‍රීසි පදයක් තෝරා ගැනීම වඩාත් නිවැරදි පරිවර්තන ක්‍රමය බව යි.

මෙය සුළු හෝ නොවැදගත් වෙනසක් නො වේ. සැබවින් ම, මෙය මෙම ප්‍රකාශයේ මූලිකතම අදහස තීරණය කරන කරුණකි. එය නිසි ලෙස වටහා නොගැනීම හෝ එහි අර්ථය විකෘති කිරීම, සමස්ත ප්‍රකාශය ම වැරදි ලෙස අර්ථකථනය කිරීමට හේතු වේ.

2.3 කනා (كنى) යන පදයේ අර්ථය

හදීසයේ අවසාන කොටසේ “ව්‍යංගාර්තයෙන් හෝ සුමෘදු ප්‍රකාශයකින් සඳහන් නො කරන්න” (ولا تكنوا) යනුවෙන් සඳහන් වේ. මෙම ප්‍රකාශය නිවැරදිව වටහා ගැනීම සඳහා, ඉහත ඉදිරිපත් කළ هن (han) යන පදය පිළිබඳ විස්තරය සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යය.

هن (han) යන පදය ම සුමෘදු (euphemistic) ප්‍රකාශයක් වන විට, හදීසයේ අවසාන කොටසේ සඳහන් වන කරුණ එයට අදාළ වන්නේ කෙසේදැයි විමසිය යුතු ය. මුල් පදයේ ඇති සුමෘදු අර්ථය නොරැකෙන පරිදි පරිවර්තනයක් භාවිත කරන මෙම මිෂනාරීන්, පසු ව එන “සහ සුමෘදු ප්‍රකාශයක් භාවිත නො කරන්න” යන වචන මත අවධාරණය කරමින්, හදීසය ලිංගික අවයව පිළිබඳ සෘජු සඳහනක් කිරීමට ඉල්ලා සිටින බව පෙන්වීමට උත්සාහ කරන බව පෙනේ. මෙහි දී මෙම හදීස් (වාර්තාවේ) සැබෑ අර්ථය අහිමි වේ. සැබෑ වශයෙන්, මෙම කරුණ සම්බන්ධ වන්නේ තම මුතුන් මිත්තන්ගේ අවිශ්වාසය හා දුෂ්ට ක්‍රියා පිළිබඳව පැහැදිලිව හා සෘජුව කතා කිරීම පිළිබඳ ව ය. එවැනි අවස්ථාවක, එය හුදෙක් වක්‍ර සඳහනකින් පමණක් සීමා නොකළ යුතු ය. මන්ද එසේ කළහොත් දැඩි ලෙස අවවාද කිරීමේ සහ දෝෂාරෝපණය කිරීමේ බලපෑම ඇති නොවන බැවිනි.

3. මෙම ප්‍රකාශයෙහි සන්දර්භය

මෙම හදීසය (පුවත) පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා, එහි සන්දර්භය සලකා බැලීම අතවශ්‍ය වේ.

පළමුවෙන් ම, මිෂ්කාත් ග්‍රන්ථය තුළ පවා මෙම හදීසය “ පුරසාරම් දෙඩීම / තමන්ගේ හෝ තම පාර්ශ්වයේ ගුණ අතිශයෝක්තියෙන් ප්‍රකාශ කිරීම”යන පරිච්ඡේදය යටතේ ඇතුළත් කර ඇත. එසේ ම, අන්-නසාඉගේ “සුනන් අල් කුබ්රා” [12] අල්-බගාවීගේ “ෂරහ් අස් සුන්නා” [13]  සහ ඉබ්නු අස්-සන්නිගේ “අමල් අල් යව්ම් වල් ලෙයිලා” [14] යන කෘතිවල ද මෙය සමාන මාතෘකා යටතේ ඇතුළත් කර තිබේ.

ඉස්ලාමය සියලු ම මුස්ලිම්වරුන්ගේ සහෝදරත්වය හා එකමුතුවට හානි කරන අදහස් පිළිනොගනී. ඒ නිසා පක්ෂ භේද, ගෝත්‍ර භේද සහ සීමිත ජාතිවාදී අදහස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. මුහම්මද්තුමාගේ පණිවිඩය මුලින් ම පිළිගත් අයට මේ කරුණ විශේෂයෙන් අවධාරණය කරන ලදී. එයට හේතුව වූයේ ඔවුන්ගේ මුතුන් මිත්තන් පිළිම වන්දනා කළ අය වීමයි. සියලු ම මුස්ලිම්වරුන් අතර එකමුතුව සහ සහෝදරත්වය මත පදනම් වූ නව ආගමික ජීවිතයක් ගොඩනැගීමට ඔවුන්ව නිවැරදිව පුහුණු කිරීම ඉතා වැදගත් විය. පහත සඳහන් පුවත (හදීසය) ද මේ අදහස ම පැහැදිලි කරයි.

عن أبي هريرة، قال: قال رسول الله صلى الله عليه وسلم، إن الله عز وجل قد أذهب عنكم عبية الجاهلية، وفخرها بالآباء مؤمن تقي، وفاجر شقي، أنتم بنو آدم وآدم من تراب، ليدعن رجال فخرهم بأقوام، إنما هم فحم من فحم جهنم، أو ليكونن أهون على الله من الجعلان التي تدفع بأنفها النتن

අබූ හුරෙයිරා (රලි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී:

“අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: ‘අල්ලාහ් නුඹලාගෙන් ජාහිලියා (ඉස්ලාමයට පෙර අඥාන යුගයේ) උඩඟුකම සහ නුඹලාගේ මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩවීම ඉවත් කර ඇත. මිනිසා දැහැමි විශ්වාසවන්තයෙකි නැතහොත් විනාශයට පත් වන අයහපත් ක්‍රියාවන්හි නියැලෙන්නෙකි. නුඹලා සියල්ලන් ම ආදම්ගේ දරුවන් වන අතර ආදම් මවනු ලැබුවේ පසින් ය. මිනිසුන් තම මුතුන් මිත්තන් ගැන උඩඟු වීම නතර කළ යුතු ය. ඔවුන් (මුතුන් මිත්තන්) නිරයේ ගිනි අඟුරු වැනි අය පමණි.( මන්ද, ඔවුන්ගේ වටිනාකම තීරණය වන්නේ වංශය හෝ පරම්පරාව මත නොව, ඔවුන්ගේ යහපත් ක්‍රියා සහ ධර්මිෂ්ඨභාවය මතය) එසේ නොකළහොත්, තම නාසයෙන් ගොම පෙරළන කුඩා කෘමියෙකුටත් වඩා අල්ලාහ් ඉදිරියේ ඔවුන් පහත් වනු ඇත.” [15]

අප මෙහි සාකච්ඡා කරන හදීසය ද එම පසුබිම තුළ ම අවබෝධ කරගත යුතු ය. එය ඉදිරියේ දී අප පැහැදිලි කරනු ඇත.

4. “තම පියාගේ ලිංගය සපා කෑමට සලස්වන්න” යන ප්‍රකාශයේ අර්ථය

මෙය වචනාර්ථයෙන් නොගෙන, අපහාසයක් හෝ දැඩි අවවාදයක් ලෙස භාවිත කරන ප්‍රකාශයකි. එහි අදහස වන්නේ පුද්ගලයෙකු තම පියාගේ වංශය, පරම්පරාව හෝ ජාතික/ගෝත්‍රික උරුමය ගැන උඩඟු වීම ප්‍රතික්ෂේප කිරීමයි. එවැනි උඩඟුකම අර්ථ විරහිත බවත්, මිනිසාගේ සැබෑ ගෞරවය තීරණය වන්නේ ඔහුගේ ක්‍රියා සහ ගුණධර්ම මත බවත් මෙම ප්‍රකාශයෙන් අවධාරණය කරයි.

මෙම ප්‍රකාශයේ අර්ථය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට එහි පසුබිම සහ ප්‍රධාන වචනවල අර්ථය දැන සිටීම උපකාරී වේ. මේ සියලු කරුණු සලකා බැලූ විට පැහැදිලි වන්නේ, මෙම හදීසයෙන් අදහස් කරන්නේ හෙළා දකින ලද අදහස් පිළිබඳව උඩඟු වන පුද්ගලයෙකුට ඔහුගේ සරල මූලාරම්භයත්, ඔහුගේ පිළිම වන්දනා කළ මුතුන් මිත්තන්ගේ විශ්වාසභංගත්වය හා අයහපත් ක්‍රියාත් සිහිපත් කරමින් ඔහුගේ උඩඟුකම නැති කිරීම බව ය. එනම්, එම ප්‍රකාශයේ අරමුණ වන්නේ වංශය, පරම්පරාව හෝ මුතුන් මිත්තන් ගැන පුරසාරම් දොඩන ආකල්පය ලැජ්ජාවට පත් කර, මිනිසාගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ ඔහුගේ යහපත් ක්‍රියා සහ ධර්මිෂ්ඨභාවය මත බව අවධාරණය කිරීමය.

ඉබ්නුල්-කය්යිම් (මියගියේ 751 හිජ්රි වර්ෂයේදී) “ලිංගය” යන වචනය සඳහන් කිරීමේ ඇති ප්‍රඥාව (ගැඹුරු අර්ථය) අපට පැහැදිලි කරයි.

وكان ذكر هن الأب هاهنا أحسن تذكيرا لهذا المتكبر بدعوى الجاهلية بالعضو الذي خرج منه

“මෙහි පියාගේ ලිංගය සඳහන් කිරීම උඩඟු පුද්ගලයාට වැදගත් සිහිගැන්වීමක් වේ. එය ඔහුගේ මූලාරම්භය සිහිපත් කරවන අතර, ඔහු බිහි වූ මාර්ගය මගින් ම ජාහිලියා (අඥාන යුගයේ) උඩඟුකමේ කැඳවීම ප්‍රතික්ෂේප කිරීමට පෙන්වා දෙයි.” [16]

මෙය අල්-කුර්ආනයේ සඳහන් කරුණක් සමඟ සම්බන්ධ කළ හැකිය.

هَلْ أَتَى عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا (.) إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

“(සෑම මිනිසෙකුට ම ඔහු ව) මිනිසා යැයි සඳහන් කළ නොහැකි තත්ත්වයක් ඔහුට පැමිණියේ නැද්ද? සැබැවින් ම, අපි මිනිසා පරීක්ෂා කිරීම සඳහා මිශ්‍ර වූ ශුක්‍ර බිඳුවකින් ඔහුව මැව්වෙමු. එසේ ම ඔහුට ඇසීමේ හා දැකීමේ හැකියාව ලබා දුන්නෙමු.” (අල්-කුර්ආනය 76:1-2)

මෙම වාක්‍යය තුළින් මිනිසාගේ මුල් ආරම්භය ඉතා සරල හා නිහතමානී එකක් බව සිහිපත් කරයි. එබැවින් මිනිසා තම වංශය, පරම්පරාව හෝ මුතුන් මිත්තන් ගැන උඩඟු වීම වෙනුවට, තම නිර්මාණය සහ අල්ලාහ්ගේ කරුණාව සිහි කරමින් නිහතමානී විය යුතු ය.

මුල්ලා අලි අල්-කාරි (මියගියේ 1014 හිජ්රි වර්ෂයේදී) මෙය තවදුරටත් පැහැදිලි කරයි.

من انتسب وانتمى إلى الجاهلية بإحياء سنة أهلها، وابتداع سنتهم في الشتم واللعن والتعيير، ومواجهتكم بالفحشاء والتكبر، فاذكروا له قبائح أبيه من عبادة الأصنام والزنا وشرب الخمر، ونحو ذلك مما كان يعير به من لؤم ورذالة صريحا لا كناية  كي يرتدع عن التعرض لأعراض الناس

“යමෙක් (ඉස්ලාමයට පෙර පැවති) ජාහිලියා යුගයේ ක්‍රමයන් නැවත ගෙන ඒමට උත්සාහ කරමින්, තම මුතුන්මිත්තන් ගැන උඩඟු වීමෙන් හෝ ඔවුන්ගේ පිළිවෙත් අනුගමනය කරමින් තමන්ව එම යුගයට සම්බන්ධ කරගනී නම්, තව ද අන් අයට අපහාස කිරීම, ශාප කිරීම සහ නින්දා කිරීම වැනි ක්‍රියාවල නිරත වී අහංකාරයෙන් ඔබ වෙත පැමිණේ නම්, ඔහුට ඔහුගේ පියාගේ අයහපත් ක්‍රියා සිහිපත් කරන්න. එනම්, පිළිම වන්දනා කිරීම, අනාචාර ක්‍රියාවල යෙදීම, මත්පැන් පානය කිරීම සහ එවැනි වැරදි ක්‍රියා ගැන ඔහුට පෙන්වා දෙන්න. මෙය ඔහුව නිවැරදි කිරීමටත්, ඔහුගේ උඩඟුකම හා අහංකාරය නැති කිරීමටත් කරන දැඩි අවවාදයක් සහ ලැජ්ජාවට පත් කිරීමක් ලෙස යොදාගත යුතු ය. එය සෘජුව පැවසිය යුතු අතර, වක්‍ර වචනවලින් පමණක් නොකළ යුතු ය. එවිට සමහරවිට ඔහු අන් අයගේ ගෞරවය හා නම්බුව අපවිත්‍ර කිරීමෙන් වැළකී සිටිනු ඇත.” [17]

යටින් ඉරි ඇඳ ඇති කොටස ඉහත සාකච්ඡා කළ හදීසයේ අවසාන ප්‍රකාශයේ අර්ථය පිළිබඳවයි.

5. මෙම ප්‍රකාශයේ උපමාත්මක (ප්‍රකට කියමනක් ලෙස භාවිත වන) ස්වභාවය පිළිබඳව තවදුරටත්

මෙම ප්‍රකාශය උපමාත්මක හා ප්‍රකට කියමනක් ලෙස භාවිත වන බවට තවත් සාක්ෂියක් වන්නේ, මෙම පුවතේ (හදීසයේ) සමහර වාර්තා අනුව ලිංගික අවයව සඳහා භාවිත කරන මෘදු වචනය පවා සඳහන් නොකර, එම වාක්‍යයේ මුල් වචනයෙන් පමණක් එහි අදහස ඉඟි කිරීමයි.

إذا سمعتم من يعتزي بعزاء الجاهلية، فأعضوه، ولا تكنوا

“ජාහිලියා  (ඉස්ලාමයට පෙර පැවති අඥාන) යුගෙයේ සම්ප්‍රදායන්ට අනුව තම වංශය හෝ පරම්පරාව පිළිබඳව උඩඟු ලෙස ප්‍රකාශ කරන පුද්ගලයෙකු ඔබට හමුවුවහොත්, ඔහුට ‘තම පියාගේ ලිංගය සපා කන්න’ යැයි පවසන්න. එය හුදෙක් වක්‍ර ඉඟියකින් නොව, පැහැදිලිව ප්‍රකාශ කරන්න.” [18]

අබූ ජඃෆර් අත්-තහාවී (මියගියේ 321 හිජ්රි වර්ෂයේදී) මෙම හදීසයේ මෙම වාර්තාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරයි. [19]

තව ද, මුහම්මද්තුමාගේ අනුගාමිකයන් මෙම උපදෙස අනුගමනය කළ විට, එහි මූලික අරමුණ වූයේ ජාහිලියා යුගයේ අඥාන අදහස් ප්‍රචාරය කරන පුද්ගලයාට පාඩමක් ඉගැන්වීමත්, ඔහු තුළ ඇති පක්ෂවාදී ආකල්පය බිඳ දැමීමත් බව පැහැදිලි විය.

عن أبي مجلز ، قال : قال عمر : من اعتزى بالقبائل فأعضوه

අබූ මිජ්ලිස් සඳහන් කරන පරිදි, උමර් (රලි) තුමා මෙසේ පැවසීය.

“යමෙක් (ඉස්ලාමීය සහෝදරත්වයට හානි වන ආකාරයෙන්) තමන්ව ගෝත්‍ර සමඟ සම්බන්ධ කර ගන්නේ නම්, ඔහුව නිහතමානී කරවන්න! (වචනාර්ථයෙන්: ඔහුට තම පියාගේ ලිංගය සපා කන්න යැයි පවසන්න.)” [20]

ඉන්පසු අබූ මිජ්ලිස් මෙසේ සඳහන් කරයි.

عن أبي مجلز ، قال : قال رجل : يا آل بني تميم ، فحرمهم عمر بن الخطاب عطاءهم سنة

“එක් පුද්ගලයෙකු ‘ඕ බනූ තමීම්හි ජනතාවනි, යැයි තම ගෝත්‍රය අමතා හඬ නැගීය. එවිට උමර් ඉබ්න් අල්-ඛත්තාබ් (රලි) තුමා  ඔවුන්ට ලැබිය යුතු දීමනාව වසරක් සඳහා නතර කළේය.” [21]

මෙම වාර්තා දෙක අතර ඇති සම්බන්ධය පැහැදිලිය. උමර් (රලි) තුමා පැවසූ දේ වචනාර්ථයෙන් ක්‍රියාත්මක නොකළ බව අපට පෙනේ. ඒ වෙනුවට, ඔවුන්ට අවවාදයක් සහ පාඩමක් ලබා දීම සඳහා වසරක කාලයක් ඔවුන්ගේ දීමනා නතර කළේය. ඔවුන්ගේ ගෝත්‍රික සම්බන්ධතා මත ඇති කරගත් උඩඟුකමට සැබෑ වටිනාකමක් නොමැති බව පෙන්වීම සඳහා ඔහු එසේ කළේය. ඔවුන් එම වැරදි ආඩම්බරය අත් නොහරින්නේ නම්, මෙවැනි දඬුවම් ක්‍රියාමාර්ග මගින් ඔවුන් නිහතමානී කරවනු ලබන අතර, ඔවුන්ගේ ගෝත්‍රික සම්බන්ධතා ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් හෝ ප්‍රයෝජනයක් ලබා නොදෙන බව අවබෝධ කරගත යුතු ය. මෙලෙස “නිහතමානී කිරීම” යන ක්‍රියාව මගින් මෙම හදීසයේ සාකච්ඡා කරන ලද ප්‍රකාශයේ සැබෑ අර්ථය තවදුරටත් පැහැදිලි වේ.

අත්-තබරී (මියගියේ 310 හිජ්රි වර්ෂයේ දී) විසින් වාර්තා කරන ලද පහත සඳහන් කරුණ, එහි මූලික අදහසින් ඉහත සඳහන් කළ කරුණු තහවුරු කරයි.

لما انهزمت ميمنة العراق وأقبل علي نحو الميسرة، مر به الأشتر يركض نحو الفزع قبل الميمنة، فقال له علي: يا مالك، قال: لبيك، قال: ائت هؤلاء القوم فقل لهم: أين فراركم من الموت الذي لن تعجزوه، إلى الحياة التي لن تبقى لكم! فمضى فاستقبل الناس منهزمين، فقال لهم هذه الكلمات التي قالها له علي] وقال: إلي أيها الناس، أنا مالك بن الحارث، أنا مالك بن الحارث، ثم ظن أنه بالأشتر أعرف في الناس، فقال: أنا الأشتر، إلي أيها الناس فأقبلت إليه طائفة، وذهبت عنه طائفة، فنادى: أيها الناس، عضضتم بهن آبائكم! ما أقبح ما قاتلتم منذ اليوم! أيها الناس، أخلصوا إلي مذحجا، فأقبلت إليه مذحج، فقال: عضضتم بصم الجندل! ما أرضيتم ربكم، ولا نصحتم له في عدوكم، وكيف بذلك وأنتم أبناء الحروب

ඉරාක හමුදාවේ දකුණු පැත්ත පරාජයට පත් වූ විට, අලී (රලි) තුමා වම් පැත්තට ගියේය. ඒ අවස්ථාවේ අල්-අෂ්තර් වේගයෙන් අශ්වයා පැදගෙන, බියට පත්ව පසුබසින දකුණු පැත්තේ හමුදාව දෙසට ගියේය. අලී ඔහුට “මාලික්,” යැයි ඇමතීය. ඔහු “ඔව්, මම මෙහි සිටිමි; ඔබගේ සේවයට සූදානම්ය” යැයි පිළිතුරු දුන්නේය. අලී පැවසුවේ:“එම මිනිසුන් වෙත ගොස් ඔවුන්ගෙන් අසන්න: තමන්ට ජය ගත නොහැකි මරණයෙන් ඔවුන් පලා යන්නේ ඇයි? ඒ වෙනුවට ඔවුන් යන්නේ වැඩි කාලයක් නොපවතින ජීවිතයක් වෙත නොවේද?” මාලික් ඔවුන් වෙත ගොස් අලී පැවසූ වචන ඔවුන්ට පැවසීය. පසු ව ඔහු ඔවුන්ව ධෛර්යමත් කරමින් මෙසේ කීවේය:“මිනිසුනි, මා වෙත එන්න. මම මාලික් ඉබ්න් අල්-හාරිස් වෙමි.”නමුත් ඔහු සිතුවේ තමන් “අල්-අෂ්තර්” යන නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ බවයි. එබැවින් ඔහු නැවත මෙසේ හඬ නැගීය:“මම අල්-අෂ්තර වෙමි! මිනිසුනි, මා වෙත එන්න!” එවිට පිරිසක් ඔහු සමඟ එක් වූ අතර, තවත් පිරිසක් ඔහුව අත්හැර ගියහ. එවිට ඔහු ඔවුන්ට මෙසේ පැවසීය:“මිනිසුනි! නුඹලාගේ හැසිරීම කෙතරම් ලැජ්ජා සහගතද! අද නුඹලා කළ සටන කෙතරම් දුර්වලද! මද්හජ් ගෝත්‍රයේ අය වෙන් කර මා වෙත එවන්න.”මද්හජ් ගෝත්‍රයේ අය ඔහු වෙත පැමිණියහ. එවිට ඔහු ඔවුන්ට මෙසේ පැවසීය: “නුඹලා දැඩි ගලක් සපා කන්නට සිදු වේවා! නුඹලා අල්ලාහ්ව සතුටු කරන ආකාරයෙන් කටයුතු කර නැත. තව ද සතුරාට එරෙහිව ඔබ කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කර නැත. නුඹලා උපතින් ම සටන්කාමීන් වූ විට මෙවැනි දුර්වලකමක් පෙන්වන්නේ කෙසේද?” [22]

මෙහි යටින් ඉරි ඇඳ ඇති වාක්‍යයේ මුල් අරාබි ප්‍රකාශය අප සාකච්ඡා කරන එම ප්‍රකාශයම වේ. එය වචනාර්ථයෙන් පරිවර්තනය කළහොත්, “මිනිසුනි, නුඹලාගේ පියවරුන්ගේ ලිංගයන් සපා කන්න” යන අර්ථය ලැබේ. මෙහි පසුබිම වන්නේ, වීරත්වය සහ ධෛර්යය සඳහා ප්‍රසිද්ධ ගෝත්‍රවලින් පැමිණි මිනිසුන් තමන්ගෙන් බලාපොරොත්තු වූ ගෝත්‍රික ගුණාංගවලට විරුද්ධව ක්‍රියා කරමින් පසුබැසීමයි. එවැනි අවස්ථාවක මාලික් එම වචන භාවිත කළේ ඔවුන්ගේ යහපත් පවුල් ගුණාංග සහ පරම්පරාගත ගෞරවය සිහිපත් කරවීමටත්, එම වචන මගින් ඔවුන්ට ලැජ්ජාවක් ඇති කර නැවත ධෛර්යමත් කිරීමටත්ය.එම නිසා G. R. Hawting විසින් එය “මිනිසුනි, නුඹලා කෙතරම් ලැජ්ජා සහගත අයද!” ලෙස පරිවර්තනය කිරීම නිවැරදි බව පෙනේ.

මෙය තවදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රකාශය යමෙකුට තම වංශය හෝ පරම්පරාව පිළිබඳව සිතා බැලීමට යොමු කරන එකක් වුව ද, එහි අරමුණ අනිවාර්යයෙන් ම ඔහුගේ මුතුන් මිත්තන් හෙළා දැකීම නොවන බවය. ඒ වෙනුවට, ඔහුගේ මුතුන් මිත්තන් සහ ඔවුන්ගේ ක්‍රියා සිහිපත් කරමින්, ඉස්ලාමය තුළ අගය කරනු ලබන ගුණාංගවලට සාපේක්ෂව ඔහුගේ ම හැසිරීම විවේචනය කිරීම එහි අරමුණ වේ.

ඇත්ත වශයෙන් ම, සාක්ෂි අනුව පෙනී යන්නේ මෙම ප්‍රකාශය ඇතැම් අවස්ථාවල දී හුදෙක් කෝපය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කර ඇති බව ය. ඉස්ලාමයට පෙර පැවති යුගය පිළිබඳව ඉබ්න් කසීර් (මියගියේ 774 හිජ්රි වර්ෂයේ දී) විසින් සඳහන් කරන ලද පහත වාර්තාව කියවන්න.

وذكر الكلبي:أن امرأ القيس أقبل براياته يريد قتال بني أسد حين قتلوا أباه فمر بتبالة وبها ذو الخلصة وهو صنم وكانت العرب تستقسم عنده فاستقسم فخرج القدح الناهي ثم الثانية ثم الثالثة كذلك فكسر القداح وضرب بها وجه ذي الخلصة وقال عضضت بأير أبيك لو كان أبوك المقتول لما عوقتني

අල්-කල්බි විසින් වාර්තා කරන ලද පරිදි, ඉම්රුඋල්-කයිස් තම පියා ඝාතනය කළ බනූ අසද් ගෝත්‍රයට එරෙහිව සටන් කිරීමට, තම ධජ ඔසවාගෙන ඉදිරියට ගියේය. ඔහු තබාලා ප්‍රදේශය හරහා ගමන් කළේය. එහි අරාබි ජනතාව දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටීමට භාවිත කළ පිළිමයක් වූ දුල්-කලසාගේ ස්ථානය තිබුණි. ඉම්රුඋල්-කයිස් එම ස්ථානයේ දී අනාවැකි විමසීමක් කළ අතර, එහි දී ප්‍රතික්ෂේප කිරීම සංකේතවත් කරන ඊතලය ලැබුණි. එය දෙවැනි වරටත්, තෙවැනි වරටත් සිදු විය. එවිට ඔහු එම ඊතල කඩා, ඒවා දුල්-කලසාගේ මුහුණට ගසා මෙසේ කෑගැසීය: “නුඹේ පියාගේ ලිංගය සපා කන්න! නුඹේ පියා ඝාතනය කරනු ලැබුවේ නම්, නුඹ මාව මෙසේ වැළැක්වීමට උත්සාහ නොකරනු ඇත!”ඉන්පසු ඔහු බනූ අසද් ගෝත්‍රයට එරෙහිව ප්‍රහාරයක් දියත් කර, ඔවුන් සමඟ වේගවත් සටනක නිරත විය. [23]

මෙම උදාහරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වේ:

(අ) මෙය ඉස්ලාමයට පෙර පැවති යුගයක සිදු වූ සිදුවීමක් වන අතර, එම ප්‍රකාශය අරාබි ජනතාව අතර භාවිත වූ ආකාරය පෙන්වයි.

(ආ) මෙම ප්‍රකාශය භාවිත කළ ඉම්රුඋල්-කයිස් අරාබි භාෂාව හා සාහිත්‍යය පිළිබඳව ප්‍රවීණයෙකු වූ බැවින්, ඔහුගේ භාෂා භාවිතය වැදගත් සාක්ෂියක් වේ.

(ඇ) ඔහු මෙම ප්‍රකාශය භාවිත කළේ තම පිළිමය වෙත කෝපය සහ අසතුට ප්‍රකාශ කිරීම සඳහා ය. එමඟින් මෙම ප්‍රකාශයේ උපමාත්මක හා ප්‍රකට කියමනක් ලෙස ඇති අර්ථය පැහැදිලි වේ.

(ඈ) ඔහු මෘදු වචනයක් වෙනුවට වඩාත් සෘජු වචනයක් භාවිත කළ ද, එය සිදු වූ පසුබිම සැලකිල්ලට ගත් විට අසභ්‍ය හෝ නින්දා සහගත කථනයක් ලෙස සැලකිය නො හැක. එසේ නම්, එම සෘජු වචන නොමැතිව භාවිත කරන එම ප්‍රකාශය පමණක් අසභ්‍ය හෝ නින්දා සහගත ලෙස සලකන්නේ කෙසේද?

6. බයිබලයේ ඇති සෘජු ප්‍රකාශ

ඉස්ලාමය දැඩි ලෙස විවේචනය කරන ඇතැම් දේශකයන්, එම කරුණු සම්බන්ධයෙන් විවේචනය කිරීමට පෙර තමන්ගේ ම ආගමික ග්‍රන්ථ දෙස ද අවධානය යොමු කළ යුතු බව බොහෝ විට අමතක කරති. බයිබලයේ ඇතැම් ප්‍රකාශ ඉතා දැඩි, අප්‍රසන්න සහ අසාමාන්‍ය ලෙස සැලකිය හැකි ආකාරයෙන් සඳහන් වී ඇත.

උදාහරණයක් ලෙස, එසකියෙල් 23 වන පරිච්ඡේදය මෙවැනි සෘජු විස්තරවලින් පිරී ඇත:

“When she carried on her prostitution openly and exposed her naked body, I turned away from her in disgust, just as I had turned away from her sister. Yet she became more and more promiscuous as she recalled the days of her youth, when she was a prostitute in Egypt. There she lusted after her lovers, whose genitals were like those of donkeys and whose emission was like that of horses. So you longed for the lewdness of your youth, when in Egypt your bosom was caressed and your young breasts fondled.”

“ඇය තම ගණිකා ක්‍රියාවන් ප්‍රසිද්ධියේ කරමින් තම නිරුවත හෙළි කළ විට, ඇගේ සහෝදරියගෙන් ඉවතට හැරුණු ආකාරයට ම මම ද ඇය කෙරෙහි පිළිකුලෙන් හැරුණෙමි. එහෙත් ඇය තව තවත් අශිෂ්ට ක්‍රියාවලට යොමු වූවාය. මන්ද, ඇය ඊජිප්තුවේ ගණිකාවක් ලෙස සිටි තම තරුණ කාලය සිහිපත් කළ බැවිනි. එහි දී ඇය තම පෙම්වතුන් කෙරෙහි ආශා කළාය. ඔවුන්ගේ ලිංගික අවයව බූරුවන්ගේ මෙන් ද, ඔවුන්ගේ ශුක්‍ර නිකුත් කිරීම අශ්වයන්ගේ මෙන් ද වූ බව සඳහන් වේ. එබැවින් ඊජිප්තුවේ දී ඔබගේ ළය ස්පර්ශ කරමින් සහ ඔබගේ තරුණ පියයුරු සුරතල් කළ, ඔබගේ තරුණ කාලයේ පැවති අශිෂ්ට ආශාවන් වෙත ඔබ නැවත ආශා කළෙහිය.” [24]

බයිබලයේ මෙවැනි සෘජු හා පැහැදිලි විස්තර අඩංගු තවත් බොහෝ කථා සහ පාඨ ද දක්නට ලැබේ. [25]

7. සාරාංශය සහ නිගමනය

(අ) මෙම හදීසය (පුවත) ඉස්ලාමයේ මූලික සහෝදරත්වය හා එකමුතුවට හානි කරන පක්ෂවාදය, ගෝත්‍රවාදය සහ වංශාභිමානය හෙළා දකියි.

(ආ) මෙහි සාකච්ඡාවට ලක් වූ ප්‍රකාශයේ ප්‍රධාන වචනයෙන් අදහස් වන්නේ “තදින් ඇලී සිටීම”, “සිහිපත් කිරීම” හෝ “ඒ ගැන මෙනෙහි කිරීමට සැලැස්වීම” යන අර්ථයන්ය.

(ඇ) හදීසයේ පුරුෂ ලිංගික අවයවය සඳහා භාවිත වන සෘජු වචනය සඳහන් කර නොමැත. ඒ වෙනුවට, ඒ සඳහා මෘදු හා වක්‍ර ප්‍රකාශයක් (euphemism) භාවිත කර ඇත.

(ඈ) මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ පුද්ගලයෙකුට තම මූලාරම්භය සිහිපත් කරවා, වංශය හෝ පරම්පරාව පිළිබඳ ඇති අසත්‍ය උඩඟුකම අත්හැරීමට යොමු කිරීමයි. පියා පිළිබඳ සඳහන් කිරීමෙන් අදහස් වන්නේ, මිනිසාගේ ආරම්භය කෙතරම් සරල හා සාමාන්‍ය එකක් ද යන්න ඔහුට අවබෝධ කරවීමය. විශේෂයෙන් මුල් කාලීන මුස්ලිම්වරුන් සඳහා, ඔවුන්ගේ මුතුන් මිත්තන් බහුදේවවාදීන් හා අයහපත් ක්‍රියාවල නිරත වූවන් බව සිහිපත් කරවමින්, එවැනි අය ගැන උඩඟු වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව මෙම හදීසය අවධාරණය කරයි.

(ඉ) කලීෆා උමර් (රලි) තුමා මෙම උපදෙස නැවත අවධාරණය කළ අතර, තහනම් කරන ලද ගෝත්‍රික හෝ වංශවාදී කැඳවීම් කළ පුද්ගලයන්ට දෙනු ලැබූ මූල්‍ය දීමනා වසරක කාලයක් නතර කිරීමෙන් එය ක්‍රියාවෙන් ද පෙන්වා දුන්නේය. මෙයින් පැහැදිලි වන්නේ, මෙම ප්‍රකාශයේ සැබෑ අරමුණ අසභ්‍ය වචන භාවිත කිරීම නොව, වැරදි වංශාභිමානය සහ පක්ෂවාදී ආකල්පය නිවැරදි කිරීම සඳහා දැඩි අවවාදයක් ලබා දීම බවයි.

(ඊ) මෙම ප්‍රකාශය වෙනත් පුද්ගලයන් විසින් වෙනත් අවස්ථාවල දී භාවිත කළ ආකාරය සලකා බැලූ විට, එය නුසුදුසු හැසිරීම හෙළා දැකීමට හෝ ඇතැම් විට කෝපය ප්‍රකාශ කිරීමට භාවිත වූ ප්‍රකට කියමනක් (proverbial expression) බව පැහැදිලි වේ. අප මෙහි සාකච්ඡා කරන පුවතේ දී, එය භාවිත කර ඇත්තේ වංශය හෝ ගෝත්‍රය පිළිබඳ ඇති අසත්‍ය උඩඟුකම අත්හැරීමට පුද්ගලයා පෙළඹවීම සඳහා වූ දැඩි හා සෘජු අවවාදයක් ලෙසය.

(උ) ඉහත පැහැදිලි කිරීම් සැලකිල්ලට ගත් විට, මෙම හදීසයේ නිවැරදි අර්ථය වන්නේ පහත සඳහන් අදහසයි.

“ජාහිලියා (ඉස්ලාමයට පෙර අඥාන) යුගයේ සම්ප්‍රදායන්ට අනුව තම වංශය හෝ ගෝත්‍රය ගැන උඩඟු ලෙස ප්‍රකාශ කරන පුද්ගලයෙකුට, ඔහුගේ සැබෑ මූලාරම්භය, මිනිසෙකු ලෙස ඔහුගේ යථාර්ථය සහ ඔහුගේ මුතුන් මිත්තන්ගේ අවිශ්වාසය හා වැරදි ක්‍රියා පැහැදිලිව සිහිපත් කරවමින්, ඔහුගේ අසත්‍ය උඩඟුකම බිඳ දමා ලැජ්ජාවට පත් කිරීම මෙහි අරමුණයි.”

References

[1] Robson, James, Mishkat al-Masabih – English Translation with Explanatory Notes, Vol. 2, 1021.
[2] This hadith is recorded in many hadith works including Musnad Ahmad, Sunan al-Kubra of an-Nasa’i and Mushkil al-Athar of at-Tahawi. It is also quoted in Shia sources; see for instance: al-Majlisi, Muhammad Baqir, Bihar al-Anwar, Vol.32, 91. Al-Majlisi. Muhammad Baqir, Bihar al-Anwar, Vol.32, 91. Al-Majlisi also quotes another narration attributed to ‘Ali with a similar wording.
[3] Robson, James, Mishkat al-Masabih – English Translation with Explanatory Notes, (Lahore: Sh. Muhammad Ashraf Publishers, Booksellers & Exporters, 1994) Vol.1, 44.
[4] Ibid.
[5] There are more examples in Hadith literature but we leave them for the sake of brevity..
[6] Lane, E. W., Arabic-English Lexicon, (Beirut: Librairie du Liban, 1968) Vol.8, 3045.
[7] al-Jazari, Ibn al-Atheer, al-Nihayah fee Ghareeb al-Hadith, (Beirut: Maktabah al-Ilmiyah, 1979) Vol.5, 278.
[8] al-Fayyumi, Abul-‘Abbas, al-Misbah al-Muneer, (Beirut: Maktabah al-‘Ilmiyah) Vol.2, 641.
[9] Wikitionary, “Membrum”.
[10] Flury, Peter (Munich), “Euphemism”.
[11] Horovitz, Josef, “‘Uyun al-Akhbar,” Islamic Culture, The Hyderabad Quarterly Review, (Hyderabad-Deccan, 1930) Vol.4, 176.
[12] an-Nasa’i, Sunan al-Kubra, (Beirut: ar-Risalah Publications, 2001) Vol.9, 357-358.
[13] al-Baghawi, Sharh as-Sunnah, (Damascus: al-Maktab al-Islami, 1983) Vol.13, 120.
[14] Ibn as-Sani, ‘Amal al-Yawm wal-Laylah, (Beirut: Dar al-Arqam bin Abi al-Arqam, 1998) 384.
[15] as-Sajistani, Abu Dawood, as-Sunan, Translated by Nasiruddin al-Khattab (Riyadh: Maktabah Dar-us-Salam, 2008) Hadith 5116; al-Albani classified it as hasan.
[16] Ibn al-Qayyim, Zaad al-Ma’ad fee Hady Khayr al-‘Ibad, (Beirut: ar-Risalah Publications, 1994) Vol.2, 400.
[17] al-Qari, Mulla Ali, Mirqat al-Mafatih, (Beirut: Dar al-Fikr, 2002) Vol.7, 3076.
[18] Ibn Hanbal, Ahmad, al-Musnad, (Beirut: ar-Resalah Publications, 2001) Hadith 21233.
[19] at-Tahawi, Abu Ja’far, Sharh Mushkil al-Athar, (Beirut: ar-Resalah Publications, 1994) Vol.8, 235.
[20] Ibn Abi Shaybah, al-Musannaf, (Beirut: Dar Qurtuba, 2006) Hadith 38339.
[21] Ibid., Hadith 38404.
[22] At-Tabari, Ibn Jareer, The History of al-Tabari, volume XVII – – The First Civil War, Translated by G.R. Hawting (Albany: State University of New York Press, 1996) 41.
[23] Ibn Katheer, as-Sirat an-Nabawiyyah – The Life of the Prophet, Translated by Trevor Le Gassick (Reading: Garnet Publishing, 2006) Vol.1, 85.
[24] The Bible, NIV, Ezekiel 23:18:21.
[25] Abdullah, “29 Sexually Explicit, Profane and Dirty Stories and Verses in the Bible”.

Loading