මුහම්මද් තුමාට සිදු කරන අපහාස හා චෝදනා සඳහා වූ ප්‍රතිඋත්තර

මුහම්මද් ﷺ තුමා යනු ඉස්ලාම් දහම මිනිසුන්ට දේශනා කිරීම සඳහා අල්ලාහ් විසින් තෝරාගන්නා ලද අවසාන දේව පණිවුඩකරුවායි. මොහු දේව පණිවුඩකරුවෙකු යැයි පිළිගැනීමට මොහුට අනාවරණය වූ දේව පණිවුඩය වන අල් කුර්ආනය සාක්ෂියක් වෙනවා. ඒ වගේම මොහුගේ ජීවිතය ගැන සුපරික්ෂාකාරීව බැලීමේදී මොහු සතු අති උතුම් ගුණාංග පිළිබඳව අපට දන ගන්න පුළුවන්. මේ සඳහා සිංහල භාෂාවෙන් පරිවර්තනය වී තිබෙන “නබි නායාක මහා පුරුශෝත්තමයානෝ” නම් පොත කෙනෙකුට කියවන්න පුළුවන්. මීට අමතරව ඔහු ගැන ලියැවු “ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු” යන ලිපියද කියවන්න පුළුවන්.

කෙසේනමුත් මුහම්මද් ﷺ තුමා ගැන අපට ලැබී ඇති තොරතුරු ප්‍රමාණය අති විශාලයි. උදාහරණයක් ලෙස ඔහුගේ හිසේ තිබුණු සුදු කෙස්වල සංඛ්‍යාව ගැන පවා තොරතුරු මූලාශ්‍ර වල සඳහන් වී තිබෙනවා. මොහු පිළිබඳව මූලික වශයෙන් තොරතුරු හදීස් (ඔහුගේ ඉගැන්වීම්) ග්‍රන්ථ වල සඳහන් වනවා. කෙසේනමුත් මෙම ග්‍රන්ථ වලින් කරුණු ලබා ගන්නා විද්වත් ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. ඒ වගේම ඔහු පිලිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙන නිසා එක් කරුණක් පමණක් හුදකලා කර ඔහු පිළිබඳව විවිධ විවේචනයන් ඉදිරිපත් කරන්න, ඔහුට අපහාස කරන්න ඇතැම් නූතන විවෙචයකින් පුරුදුවී සිටිනවා. නමුත් මුහම්මද් ﷺ තුමාගේ චරිතය පූර්ණ වශයෙන් සැලකීමේදී මෙවන් විවේචනයන්ට කිසිම ඉඩක් නැති බව අපට තේරුම් ගන්න පුළුවන්.

මුහම්මද් ﷺ තුමාට සිදු කරන අපහාස හා චෝදනා සඳහා පිළිතුරු පහත ගොණු වී තිබෙනවා.

  1. මුහම්මද් තුමා සිදු කළ විවාහ පිළිබඳ විග්‍රහයන්
  2. මුහම්මද් තුමා අහිංසකයන් මරා දැමුවාද?
  3. සුත්වරුන් හා මුහම්මද් තුමා පිළිබඳ ඉදිරිපත් කරන අපහාසාත්මක චෝදානාව
  4. ‘ඔහුට තම පියාගේ ලිංගය සපා කන්නයැයි කියන්න’ යන පුවතෙ(හදීසයෙ)හි සැබෑ අර්ථය.
  5. මුහම්මද් ﷺ තුමා සතු වූ දැනුම පිළිබඳ විවේචන

Loading