මුහම්මද් ﷺ තුමා සිදු කළ විවාහ පිළිබඳ විග්‍රහය

මුහම්මද් ﷺ තුමා පිලිබඳ අද කාළයේ උදවිය නගන චෝදනා අතුරින් මූලිකම චෝදනව එල්ල වන්නේ වන්නේ ඔහු සිදු කළ බහුවිවාහයටයි. එනම් මුහම්මද් ﷺ තුමාණන්ට අධික කාමාශාවක් තිබුණ නිසා ඔහු බහු විවාහ සිදු කළා යැයි නවීන විවේචකයන් පවසනවා. මෙහිදී එක් වැදගත් කරුණක් වන්නේ මුහම්මද් ﷺ තුමා සිදු කළ මෙම බහුවිවාහය පිලිබඳ ඔහුගේ කාළයේ හෝ  ඊට පසු කාළයේ කිසිවෙක් විවේචනය නොකර තිබීමයි. ඒ වගේම මෙම චෝදනාව සම්බන්ධයෙන් පොදුවේ සදහන් කලයුතු කාරණයක් තිබෙනවා. එනම්, මුහම්මද් ﷺ තුමාණන් වක්තෘවරයෙකු බවට පත්වන්නේ වයස අවුරැදු 40 දීයි. එතෙක් පැවතී එතුමාගේ දිවිය ආපසු හැරී බැලීමක් සිදුකලේ නම්, එහි කිලිටි වූ ඉතිහාසයක් එතමාණන්ට නැහැ. එය මත්පැන් හා දුරාචාර රජකල යුගයක්. මුහම්මද් ﷺ තුමාණන් එම සමාජයේ ඉහලම කුලයකට උරැමකම් කියු කෙනෙක්ව ජීවත් වුණා. සියළු සැප සම්පත් උපරිමයෙන් භුක්ති විදින්නට හැකියාවද  තිබුණා. අන්තපුරයන් පවා අවශ්‍ය නම් පවත්වාගෙන යාමට සියළු අවස්ථාවන් මෙන්ම හැකියාවන් ද තිබුණා. එතුමාගේ වක්තෘභාවයට පෙර කලත් පසුකලත් මිනිස් සමාජයට ආදර්ශමත් ලෙස ඔහු ජීවත් වුණා. එසේ නම් ඉහතින් චෝදනා කරන්නා සේ “අධික කාමාශාවකින් පෙළුනා“ යැයි පැවසීමට ඇති සාධක තිබෙනවාද? එතුමා තම ජීවිතයේ සිදුකල එක් එක් විවාහයන් විමසා බලනවා නම් මෙම චෝදනාවට කිසිඳු පදනම් නොමැති බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. එසේනම් ඔහු බහු විවාහයන් සිදු කළේ කුමන හේතුවක් හෝ හේතූන් නිසාද? මේ බව තේරුම් ගැනීමට “මුහම්මද් ﷺ තුමාට  බහුභාර්යා විවාහ සිදු කළේ කුමක් නිසාද?” නම් ලිපිය කියවන්න.

අනෙකුත් මුස්ලිම්වරුන් හට උපරිම වශයෙන් බිරින්දෑවරුන් සතර දෙනෙකු සරණපාවා ගත හැකි වුණත් මුහම්මද් තුමා බිරින්දෑවරුන් සතර දෙනෙකුට වඩා සරණ පාවා ගත්තේය. මේ පිළිබඳවද ඇතැමුන් ප්‍රශ්න කරති. මේ ගැන දැන ගැනීමට පහත ලිපිය කියවන්න.

මුහම්මද් නබිතුමාට ﷺ බිරින්දෑවරුන් හතර දෙනෙකුට වඩා සිටියේ ඇයි?

ඉහත ලිපිවල ඉදිරිපත් කර ඇති මූලික කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු සිදු කළ විවාහයන් එකින් එක දැන් අප සාකච්ඡා කරමු. මේ විවාහයන් සිදු කළේ  අධික කාමශාවක් නිසා යැයි පැවසීම නිවැරදි නොවීමට අදාළ හේතූන්ද පහත ලිපි වල සාකච්චා වෙනවා. ඒ වගේම ඔහු සිදු කළ ඇතැම් විවාහයන් පිළිබඳව විවෙචයන් එල්ල කරන විශේෂ කරුණු වලට පිළිතුරුද මෙම ලිපි වල සඳහන්.

  1. මුහම්මද් ﷺ තුමා හා කතීජා (රලි) තුමිය අතර සිදු විවාහය
  2. මුහම්මද් ﷺ තුමා හා ආයිෂා (රලි) තුමිය අතර සිදු විවාහය
  3. මුහම්මද් ﷺ තුමා හා සව්දා (රලි) තුමිය අතර සිදු විවාහය
  4. මුහම්මද් ﷺ තුමා හා හෆ්සා (රලි) තුමිය අතර සිදු විවාහය
  5. මුහම්මද් ﷺ තුමා හා ජුවෛරියා (රලි) තුමිය අතර සිදු විවාහය
  6. මුහම්මද් ﷺ තුමා හා සෆිය්යා (රලි) තුමිය අතර සිදු විවාහය
  7. මුහම්මද් ﷺ තුමා හා සෙයිනබ් බින්තු කුසෙයිමා (රලි) තුමිය අතර සිදු විවාහය
  8. මුහම්මද් ﷺ තුමා හා සෙයිනබ් බින්කු ජහ්ෂ් (රලි) තුමිය අතර සිදු විවාහය
  9. මුහම්මද් ﷺ තුමා හා උම්මු සලමා (රලි) තුමිය අතර සිදු විවාහය
  10. මුහම්මද් ﷺ තුමා හා උම්මු හබීබා (රලි) තුමිය අතර සිදු විවාහය
  11. මුහම්මද් ﷺ තුමා හා සෆියා බින්තු හුයෙයි (රලි) තුමිය අතර සිදු විවාහය
  12. මුහම්මද් ﷺ තුමා හා මයිමුනා (රලි) තුමිය අතර සිදු විවාහය
  13. මුහම්මද් ﷺ තුමා හා මරියා (රලි) තුමිය අතර සිදු විවාහය ?

මුහම්මද් ﷺ තුමාගේ විවාහය සම්බන්ධ තවත් අමතර චෝදනා සඳහා පිළිතුරු පහත සඳහන් වේ.

  1. නබිතුමා ﷺ සමඟ විවාහ වන අවස්ථාවේ කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස
  2. මුහම්මද් නබිතුමා සිය බිරිඳ වන ආයිෂා මෑණියට පහර දුන්නේද?
  3. නබිතුමාණන් ﷺ සහ සව්දා (රළියල්ලාහු අන්හා) තුමියව දික්කසාද කළාද?
  4. මුහම්මද් ﷺ තුමාණෝ ජව්නියා නම් කාන්තාව දික්කසාද කළේ කුමන හේතුව නිසාද?
  5. නබිතුමාගේ (ﷺ) භාර්යාවන්ට ඔහුගේ මරණයට පසු නැවත විවාහ වීම තහනම් ඇයි?

Loading