අල් කුර්ආනය පූර්ණව සංරක්ෂණය වී නොමැතිද?

ලොව පවතින විවිධ ආගම් වල ප්‍රථමික ආගමික මූලාශ්‍රයන්  අතුරින්  ඉස්ලාමීය ප්‍රධාන මූලාශ්‍ර දෙක වන අල් කුර්ආනය හා මුහම්මද් තුමාගේ ඉගැන්වීම් සැලකීමේදී එහි සංරක්ෂණ විශිෂ්ඨ ස්ථානයක් හිමි කරගෙන ඇත.

කෙසේනමුත් ඇතැමුන් අල් කුර්ආනය හා මුහම්මද් තුමාගේ ඉගැන්වීම් නිසි ලෙස සංරක්ෂණය වී නොමැති බව සනාත කිරීමට දැඩි ලෙස උත්සහ කරති. මෙම උත්සාහයේ නිරත වන්නන් අතරින් කිතුනුවන් ප්‍රමුක ස්ථානයක සිටියි. මෙයට එක් විශේෂ හේතුවක් තිබේ. එනම් කිතුනුවන්ගේ බයිබලයේ සංරක්ෂණය ගැන ගවේෂණය කිරීමේදී එය අල් කුර්ආනය හා මුහම්මද් තුමාගේ ඉගැන්වීම් සංරක්ෂණය වුවා සේ මනා ලෙස සංරක්ෂණය වී නොමැති බව ස්වාදීන ගවේෂකයෙකුට වැටහෙන කරුණකි. මෙම ස්වාදීන ගවේෂණ පදනම් කර ගනිමින් බයිබලයේ කරුණු 100%ක් විශ්වාස කළ නොහැකි බව මුස්ලිම් විද්වතුන් පවසති. එනිසා බයිබලයේ සංරක්ෂණය ස්ථාපිත කිරීම සඳහා කිතුනුවන් දැඩි ලෙස උත්සහ කරන අතරතුර විවිධ තර්ක ඉදිරිපත් කරමින් අල් කුර්ආනය හා මුහම්මද් තුමාගේ ඉගැන්වීම් සංරක්ෂණය වී ඇත යන ස්ථාවරය දුබල කිරීමටද උත්සහ දරති.

මෙම විෂය පිලිබඳ ශාස්ත්‍රීය ප්‍රවේශයක් ගන්නේ නම් එය අගය කළ යුතුය. කෙසේ නමුත් ඇතැම් විට ශාස්ත්‍රීය ප්‍රවේශයෙන් ඔබ්බට ගොස් සත්‍ය කරුණු විකෘති කර තම ස්ථාවරය ස්ථාපිත කිරීමට උත්සහ දැරීම කණගාටුවකට කරුණකි.

මෙවන් ප්‍රවේශයන් හේතු කරගෙන ජනය මුලා වනවා මිසක් සත්‍ය තොරතුරු ඔවුන්ට ඉදිරිපත් වන්නේ නැත. එබැවින් අල් කුර්ආනයේ සංරක්ෂණය පිළිබඳව නිසි ලෙස කරුණු පහදා දීම සඳහා වැදගත් ලිපි නිසි අනුපිළිවෙලින් මෙම අංශයේ පෙළ ගස්වා ඇත්තෙමු. හදීස් වල සංරක්ෂණය පිලිබඳ තොරතුරු දැන ගැනීමට හදීස් අංශයට පිවිසෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.

අල් කුරානයේ අන්තර්ගතය පිලිබඳ දත යුතු මූලික කරුණු

  1. අල් කුර්ආනයේ පහළ වීම
  2. අල් කුර්ආනයේ අක්ෂර ආකාර හත
  3. අල් කුරානයේ වැකි වල අහෝසි වීම

අල් කුර්ආනයේ සංරක්ෂය පිලිබඳ දත යුතු මූලික කරුණු.

  1. මුහම්මද් තුමාගේ කාළයේ සංරක්ෂණය වූ අල් කුර්ආනය
  2. අබු බක්කර් තුමාගේ කාලයේ අල් කුරානයේ සංරක්ෂණය
  3. උස්මාන් තුමාගේ කාලයේ අල් කුර්ආනයේ සංරක්ෂණය
  4. ඉතා පැරණි වැදගත් කුර්ආන් අත් පිටපත් පිළිබඳව
  5. අල් කුර්ආනයේ අක්ෂර ආකාර හත හා ගායනා ක්‍රම දහය
  6. පසුකාලීන අත් පිටපත් හා අක්ෂර වින්‍යාසයේ වර්ධනය
  7. අද වෙන තුරු අල් කුර්ආනය සංරක්ෂණය වීම
  8. නූතන පිටපත්
  9. දැනට පවතින හෆ්ස් ගායනා ක්‍රමය හා හෆ්ස් ගායනා ක්‍රමය අනුව ලියවුනු පිටපත්.
  10. අල් කුර්ආනයේ සංරක්ෂණය පිලිබඳ විද්වතුන්ගේ මත

අල් කුර්ආනයේ සංරක්ෂණයට එරෙහිව ඉදිරිපත් කරන විවේචන

  1. මුහම්මද් තුමාගේ කාලයේ කිසිවෙකුත් අල් කුර්ආනය පුර්ණ ව මතකයේ තාබා නොසිටියේද?
  2. අල් කුර්ආනය වනපොත් පොත් කළේ සතර දෙනෙක් පමණක්ද?
  3. අල් කුර්ආනයේ විශාල කොටසක් අහිමි වූ බව උමාර් තුමා පැවසුවාද? (Part 1)
  4. අල් කුර්ආනයේ විශාල කොටසක් අහිමි වූ බව උමාර් තුමා පැවසුවාද? (Part 2)
  5. අබූ බක්ර් (රලි) තුමා අල් කුර්ආනය එක් සංග්‍රහයකට එකතු කිරීමට තීරණය කිරීමට පෙර ගොණු කරන ලද අල් කුර්ආන් පිටපත් භාවිතයේ පැවතියේ ද?
  6. අල් කුර්ආන් පිටපතේ කොටසක් එළුවෙකු කා දැමුවාද?
  7. ළදරුවන්ට කිරි දීම පිලිබඳ නීතිය විස්තර වන කුර්ආන් වැකිය සංරක්ෂණය නොවුනාද?
  8. දුරාචාරය සඳහා ගල් ගසා මරා දැමිය යුතුයි යන වැකිය සංරක්ෂණය නොවුනාද?
  9. අල් කුර්ආනය පොතක සංරක්ෂණය කිරීම සඳහා උස්මාන් තුමා ගත් ක්‍රියාමාර්ගයට ඉබ්නු මසූද් තුමා විරුද්ධ වූවාද?
  10. ඉබ්නු මසූද් තුමා සතුව තිබුණු අත් පිටපතේ පරිච්ඡේදයන් 111ක් පමණක් තිබීම
  11. උබයි ඉබ්නු කාබ් තුමා සතුව තිබුණු අත් පිටපතේ පරිච්ඡේදයන් 116ක් තිබීම
  12. අල් කුරානයේ 98 වන පරිච්ඡේදයේ වැකි සංරක්ෂණ වී නැත්ද?
  13. අල් කුරානයේ 9:128,129 වන වැකි කුර්ආනයට අයත් නොවන වැකිද?
  14. කුර්ආනයේ 33:6 වන වැකියේ විවිධ අනුවාද තිබීම
  15. කුරානයේ 2:238 වන වැකියේ විවිධ අනුවාද තිබීම
  16. කුර්ආනයේ 33:56 වන වැකියේ විවිධ අනුවාද තිබීම
  17. අස්හාබ් පරිච්ඡේදයේ වැකියන් වලට සිදු වූයේ කුමක්ද?
  18. කුර්ආනයේ අකුරු රාශියක් අහිමි වී ඇත්ද?
  19. කුර්ආන් වැකි වල විවිධ අනුවාද සහිත දුර්ලබ කුරාන් ගායන ක්‍රම පිලිබඳ සැබෑ තොරතුරු

Loading